පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී

By In

ගැසට් පත්‍රය මගින් සක්‍රියව ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී අද (16) දින හැපී ලියෝනි හි දී සාර්ථක අන්දමින් නිමා විය. ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ මේ අපුර්ව පනත ක්‍රියාත්මක වී මසකට වඩා කල් ගත වුවද මෙය ලාංකේය සමාජයේ නිසි අයුරින් ක්‍රියාත්මක වන බවක් දක්නට නොමැත. ඉතා ප්‍රබල රටවල පවා මෙම පනත නිසි ආකාරයට ක්‍රියාත්මක වීමට කලක් ගත වූ බැවින් මෙරටද මෙය සාර්ථක කර ගැනීමේ වගකීම පුරවැසියාට හිමි වන බව මෙහිදී වඩාත් අවධාරණය වූ කරුණකි.

මෙම වැඩමුළුව සිංහල මාධ්‍යයෙන් පැවැත්වුණු අතර මේ සදහා වවුනිය සහ අනුරාධපුර ජනමාධ්‍යවේදීන් මහත් උනන්දුවකින් යුතුව  සහභාගී වූ අතර ඔවුන් කියා සිටියේ විවිධ වූ පනත් අතර මෙය ඉතාමත් වටිනා පනතක් බවයි. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනරච්ච්චි මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ සම්බන්ධිකාරක,නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

ජනමාධ්‍යවේදීන් ඉතාමත් උද්යෝගිමත්ව මේ සදහා සහභාගී වූ අතර මෙම පනතට ප්‍රකාරව  තොරතුරු ලබා ගැනීමේදී මුහුණ දුන් ප්‍රයෝගික ගැටළු පිළිබද සාකච්ඡා කරමින් ඒ පිළිබද විවිධ උපදෙස් සහ විසදුම් ලබා ගනිමින් වැඩමුළුව සදහා සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නට විය.

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *