ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගත් කළ ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රම විකාශනයන් හා එහි මූලික සංකල්ප අදියරෙන් අදියර වර්ධනය වීම කෙරෙහි වැඩි බලපෑමක් සිදුකරන ලද්දේ මෙරට පාලනය කළ විදේශ ජාතීන්ගේ පාලන තන්ත්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හා ඒ හා බැඳුණු සමාජ , ආර්ථික විචල්‍යතා හි හැසිරවීමයි. කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත වීම හා අධිරාජ්‍යවාදයෙන් මිදීමත් සමගම ස්වදේශීය අධ්‍යාපන අභිමතාර්ථ සමග සංකලනය වූ බටහිර අධ්‍යාපනික ආභාෂයත් සමගම අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පරිවර්තනයන් නව්‍යතා ලක්ෂණ පිළිබිඹු විය.
පසුගිය කාල වකවානුව 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතභේදාත්මක හා විචාරාත්මක අදහස් රැසක් විවිධ පාර්ශ්වයන්ගෙන් මතුවිය. පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් මේ විෂය සම්බන්ධයෙන් ජනප්‍රිය සංවාදය ඇති විය. බොහෝ දුරට එකිනෙක පරස්පර හා කුතුහලයෙන් පිරුණු එම කථිකාවන් වලට හේතුව වූයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එම ක්‍රියාවලිය නිසි විද්‍යාත්මක හා විනිවිදභාවයකින් යුක්තව සිදුවූවාද යන්න ගැටලු අවස්ථා ගණනකදීම මතුවීමයි. කෙසේ වෙතත් කුමන හෝ රටක අධ්‍යාපන පද්ධතිය හා ඊට අදාළ සංශෝධන හෝ ප්‍රතිසංස්කරණ ඇති විය යුත්තේ ඉතා ගැඹුරු හා පුළුල් අධ්‍යනයකින් යුතුවය. එමෙන්ම විධිමත් දත්ත හා පර්යේෂණ මත පදනම්ව ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවද මනා ඉදිරි දැක්මකින් සමන්විතවීම ඊට අනිවාර්යය වන්නකි. රටක ඉදිරි අනාගතය , තිරසාර සංවර්ධන ඉලක්ක හා යහපැවැත්ම අධ්‍යාපනය සමග සමග එකිනෙක බද්ධ වී තිබීම මීට මූලිකම සාධකයයි. අධ්‍යාපනය සම්බන්ධ වගකිවයුතු රාජ්‍ය ආයතන හා බලධාරීන්ගෙන් මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විමසීමට අප උනන්දු විය. අනුව අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශය , ජාතික අධ්‍යාපන ආයතනය , ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යන මෙරට අධ්‍යාපනය සම්බන්ධ වැදගත් ත්‍රිත්ව ආයතනවලින් ලබාගත් තොරතුරු මත පදනම්ව පහත කරුණු ඉදිරිපත් කිරීමට හැකිය. ඒ අනුව ,

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2010 වර්ෂයේ සිට මේ දක්වා නිම කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්ති යෝජනා පහත පරිදි වේ.

* ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා යෝජනා(Proposals for a National Policy on General Education in Sri Lanka) -2016
* කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (National Policy on Technical & Vocational Education) 2018
* පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (National Policy Proposals on Higher Education) 2019
* උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (National Policy Proposals on Higher Education) 2019
* National Education Policy Framework (2020-2030)
* Recommendations for the National Policy on Medium of Instruction in Schools 2024

1972 තරම් දීර්ඝ ඉතිහාසයක සිට මේ ආකාරයට කාලයෙන් කාලයට උචිත වන පරිදි, විවිධ අධ්‍යාපනික පර්යේෂණ හා ප්‍රතිසංස්කරණ යෝජනා අධ්‍යාපනයට සම්බන්ධ විවිධ ව්‍යාපෘතිය හා ආයතන මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර , තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පවතින ප්‍රතිපාදන අනුව ජාතික අධ්‍යාපන කොම්ෂන් සභාව වෙත ගොස් එම ලේඛනවල පවතින මුල් පිටපත් එයාකාරයෙන්ම පරිශීලනය කර තොරතුරු ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත් විය.
| ප්‍රතිපත්ති ලේඛනය | ප්‍රධාන අවධානය (Focus Area) | සුවිශේෂී ලක්ෂණ / යෝජනා |
|---|---|---|
| සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය (2016) | 1-13 ශ්‍රේණි දක්වා පාසල් පද්ධතිය. | විෂය මාලා නවීකරණය, ගුරුවරුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සහ “ළඟම පාසල හොඳම පාසල” සංකල්පයට පදනම දැමීම. |
| කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ප්‍රතිපත්තිය (2018) | පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා වෙළඳපොළට පිවිසීම. | NVQ මට්ටම් ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම සහ වෘත්තීය අධ්‍යාපනයට ඇති සමාජ පිළිගැනීම ඉහළ නැංවීම. |
| පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය (2019) | වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය. | පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීම, ගුරුවරුන්ට අවම සුදුසුකම් නියම කිරීම සහ රජයේ නියාමනය දැඩි කිරීම. |
| උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති යෝජනා (2019) | විශ්වවිද්‍යාල සහ උපාධි පිරිනමන ආයතන. | පර්යේෂණ සඳහා වැඩි ප්‍රතිපාදන වෙන් කිරීම, උපාධිධාරීන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය. |
| ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2020-2030) | සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය වන දස අවුරුදු සැළසුම. | අධ්‍යාපනය ඩිජිටල්කරණය, STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය සහ “එක් දරුවෙකුවත් අතනොහරින” ප්‍රතිපත්තිය (Inclusivity). |
| ඉගැන්වීමේ මාධ්‍ය පිළිබඳ නිර්දේශ (2024) | භාෂා ප්‍රතිපත්තිය සහ ඉගැන්වීමේ ක්‍රමය. | ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම, ද්විභාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ මව්භාෂාව සමඟ ගෝලීය දැනුමට ප්‍රවේශ වීම. |
🔴 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව – ශ්‍රී ලංකාව (2023 – 2033)
පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2024 වර්ෂයේ මැයි මාසයේ දී නිකුත් කරන ලද ජාතික අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳ මෙහිදී කරුණු කීපයක් විමසා බලමු. විශේෂයෙන් එම වාර්තාව තුළ ඇතුළත් කරුණු සලකා බලන විට පහත නිර්දේශ හා මාර්ගෝපදේශන ඉදිරිපත් කර තිබිණි.
1. නිදහස් අධ්‍යාපනය මූලික මූලධර්මයක් වන අතර ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව එය අභියෝගයකට ලක් නොකරයි.
2. අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වන අතර, එය සියලු ප්‍රතිසංස්කරණ වලදී තහවුරු කර ආරක්ෂා කළ යුතුය.
3. සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය සියල්ල ආවරණය කරන ධර්මතාව සහ සම්මතය වනු ඇති අතර එය ජනවිකාස සහ දෘෂ්ටිවාදාත්මක සාධක නොසලකා සම්පත් වෙන් කිරීම සහ සියලුම සිසුන්ට සමාන ප්‍රවේශය සහ අවස්ථාව සහතික කිරීම ඇතුළුව ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සහ සියලු ප්‍රතිසංස්කරණ යන දෙකම පාලනය කරයි.
4. අධ්‍යාපනය ඵලදායි වන්නේ සිසුන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ඇත්නම් පමණි, එබැවින්, ඕනෑම විභව ප්‍රතිසංස්කරණයක් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස, පාසල් පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂණය ඇතුළු සමාජ ආරක්ෂණ දැල් සියල්ලන්ම වෙනුවෙන් සහතික කළ යුතුය.
ඒ අනුව ආරම්භයේදීම අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව උක්ත මාර්ගෝපදේශක මූලධර්ම හතර යෝජනා කරන අතරම තවත් නිර්දේශ 41ක් නිසි සන්දර්භය තුළ ඇතුළතත් කර ඇති බවත් , ” ශ්‍රී ලංකාව වසර 79ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ආ සාරධර්ම සහ රැකගත් අධ්‍යාපන සම්ප්‍රදායන් පිළිබඳ වරදවා වටහා ගැනීමක් නොමැති බව ත් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ආරම්භයේදීම පහත සඳහන් මාර්ගෝපදේශ මූලධර්ම හඳුන්වා දිය යුතු ය .” ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පදනම් වී තිබෙන පදනම එම මාර්ගෝපදේශ මූලධර්ම මගින් නැවත අවධාරණය කරන බව සඳහන් කොට තිබේ. මෙකී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ” ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2020.-2030 ” සම්බන්ධයෙන් පහත කරුණු ඉදිරිපත් කර ඇත.
“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2020 – 2030 සඳහන් කළ යුතු බව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කරයි’. විශේෂයෙන්ම, ජලය, වැසිකිලි, විදුලිය, මූලික යටිතල පහසුකම් වැනි මූලික අවශ්‍යතා සඳහා පුළුල් ලෙස පවතින අසමාන ප්‍රවේශය ඇතුළත්ව ඒවාට පමණක් සීමා නොවී, සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ මූලික විෂමතා ගෙනහැර දක්වන ඉහත වාර්තාවේ කොටස් මතුකර දැක්විය යුතු ය. වත්මන් ආර්ථික අර්බුදය තුළ පාසල් වැසීම හා සම්බන්ධ ඉගෙනුම් අහිමිවීම් ආමන්ත්‍රණය කිරීම සහ සිසුන්ගේ මූලික පෝෂණ අවශ්‍යතා සැපයීම පිළිබඳව ද සඳහන් කළ යුතුය. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කිසිදු ආකාරයකින් නොදැනුවත්ව හෝ වත්මන් අධ්‍යාපනික සහ සමාජ විෂමතා උග්‍ර කිරීමට හේතු නොවන බව පෙන්වීමට මෙම හඳුන්වාදීමේ කොටස අවශ්‍ය වේ.”
කෙසේ වෙත ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සලකා බලන ලද යෝජනා 41 කින් නිර්දේශ 31ක් සඳහා එකඟත්වය ප්‍රකාශ කර ඇති අතර නිර්දේශ 11 ක් කල් තැබීම් වශයෙන් පසුවට සලකා බැලීමට තබා ඇත. ඒ අතුරින්
• “ආගම් සහ සාරධර්ම” විෂයය හරහා සිසුන්ට සමාජ්‍ය තුළ සමගිය වැඩි කිරීම සඳහා සියලු ආගම් ගැන ඉගෙන ගැනීමට ඉඩ සැළසීම.
• සියලුම සිසුන් ජාතික භාෂා ද්විත්වය ,අංක ගණිතය සහ ඩිජිටල් සාක්ෂරතාවය සම්බන්ධ ප්‍රවීණතාවය අදාළ අධයාපන අවධියට සුදුසු පරිදි ලබා තිබිය යුුතුවීම.
• මිශ්‍ර ඉගෙනුම් ක්‍රම, විද්‍යා , ගණිත,තාක්ෂණ අධයාපනය, සතිමත්බව ඉගැන්වීම සහ 21 වැනි සියවවස්අවනකුත් ඉවගනුම් ප්‍රවේශයන් සියලුම පන්ති කාමරවලට ඇුළත් කිරීම.
• කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ අනෙකුත් නැගී එන ගෝලීය ප්‍රමුඛතා පිළිබඳව සියලුම සිසුන් දැනුවත් කිරීම.
• විෂයමාලා හෝ විෂය සමගාමී ක්‍රියාකාරකම් හරහා වයවසායකත්වය, මූල්‍ය සාක්ෂරතාවය සහ අනෙකුත් ක්‍රියාකාරී කුසලතා ඉහළ නැංවීම.
• අධයාපනයේ සෑම මට්ටමකටම අදාළ ජාතික විෂයමාලා සහ ඇගයීම් සුදුසු ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ප්‍රමිතිගත කිරීම.
• විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පහසුකම් සලසන ඉගෙනුම් ප්‍රවේශයන් සැළසීම.
• ප්‍රධාන අදියරේදී අනිවාර්ය වෘත්තීය මාර්ගෝපදේශන ලබා දීම.
•ගුරුවරුන් සහ අධයාපනඥයින් අඛණ්ඩව පුහුණු කිරීම සහ වැඩිදියුණු කළ අවස්ථාවන්
සැපයීම සඳහා ඔවුන්ගේ හැකියා සංවර්ධනය කිරීම.
• අනෙකුත් තාක්ෂණයන් අතර කෘතිම බුද්ධිය හා ඉගැන්වීම් සහ ඉගෙනුම් මෙවලම් අන්තර්ගත කිරීම.
• ගෝලීය සම්බන්ධතා හරහා ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ සහයෝගීතාවය ඇති කිරීම සඳහා ගුරුවරුන්ට අවස්ථා නිර්මාණය කර දීම.
• හවුල්කාරිත්වයන් හරහා මුල් ළමාවිය අධයාපනය සඳහා වූ ප්‍රතිපාදන ප්‍රශස්ත කිරීම.
ආදී කරුණු සඳහා වෙනසකින් තොරවම එකඟත්වය ප්‍රකාශ කර තිබෙන අතර අන්තර්ගතය සම්බන්ධයෙන් එකඟ නොවීම් , වචන භාවිතය වෙනස් කිරීම් , සාක්ෂි මත පදනම් වූ මානයන් මත සංශෝධිත නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම හා කල් තැබීමේ නිර්දේශයන් ද අඩංගු වේ.
තීරණාත්මක 2026 ප්‍රතිසංස්කරණ
මෙකී අධ්‍යනයේදී වැඩිදුරටත් දැන ගැනීමට ලැබුණු ප්‍රධානම කාරණයක් වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳ සියලුම වැඩ කටයුතු කරනු ලබන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනය මගින් බව සනාථ කිරීමයි. එම නව යෝජිත හා 2026 දී ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුව විමසා සිදු කරන ලද ඉල්ලීමෙන්ද අනාවරණය වූයේ , මෙකී සියලු කටයුතු මහරගම ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදුකරන බැවින් එම ආයතනයට අපගේ තොරතුරු ඉල්ලීම සෘජුව යොමු කරන බවය. එහිදී මහරගම අධ්‍යාපන ආයතනය මගින් අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වූ තොරතුරු පහත පරිදි වේ.
” මේ දිනවල සාකච්ඡා වනු ලබන යෝජිත 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔබ ආයතනය , එම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට එකී නිරීක්ෂණ කටයුතු සිදුකිරීම ආදිය සම්බන්ධයෙන් හා ප්‍රගති සමාලෝචනය කිරීම් ආදියකටයුතු වෙනුවෙන් සම්බන්ධ කරගත් දේශීය හා විදේශී ආයතන , පුද්ගලයන් ඇතුළු විශේෂඥ පාර්ශවයන් ” පිළිබඳ තොරතුරු.
ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වා තිබුණු මහරගම ජාතික අධ්‍යාපන ආයතනය , පහත තොරතුරු නිදහස් කර තිබිණි. ඒ අනුව ජාතික මට්ටමෙන් ඔබ්බට ඉන්දියාව , ඕස්ට්‍රේලියාව , කොරියාව , සිංගප්පූරුව යන රටවල් වලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මූලාශ්‍ර හා නිර්දේශ සම්පත් දායකත්වයන් වශයෙන් සලකා බැලූ බව සඳහන් කර තිබේ.
මහාචාර්ය අර්ජුන පරාක්‍රම අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී උපදේශක කාරක සභාවට (Parliamentary Advisory Committee) හෝ විවිධ අවස්ථාවල පත් කළ විශේෂඥ කමිටුවලට කැඳවනු ලැබූ විද්වතෙකි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ඔහුගේ මතවාදයන් නිදහස් අධ්‍යාපනය හා සමාන අයිතිය , සාධාරණ ප්‍රවේශ අවස්ථා හා ගුණාත්මකභාවය ගැන අවධානය යොමුකරයි.
“ලංකාවේ පාසල් පද්ධතියේ දරුවන්ගෙන් බහුතරයකට අවම සාක්ෂරතාවය පවා අහිමි වී තිබියදී, තාක්ෂණික විප්ලවයන් සහ AI ගැන කතා කිරීම හාස්‍යජනකයි. අප කළ යුත්තේ පන්ති කාමරය තුළ දරුවාට අහිමි වූ මූලික අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම මිස, මතුපිටින් පෙනෙන අලංකාර ප්‍රතිසංස්කරණ ගෙන ඒම නොවෙයි.” එමෙන්ම ,
“විෂය මාලාව වෙනස් කිරීමෙන් පමණක් අධ්‍යාපනය ගොඩනැගිය නොහැක. දැනට පවතින විභාග ක්‍රමය විසින් දරුවන්ව ‘අසමත්’ ලේබලය යටතේ කොන් කරනු ලබයි. ප්‍රතිසංස්කරණ තුළින් ද මෙම ‘කොන් කිරීම’ නතර කිරීමට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කර නැත.” යනුවෙන් ඔහු විසින් පාර්ල්මේන්තුවේ උපදේශක කාරක සභා තුළත් ඉන් පිටතදීත් සිය අදහස් පළකර තිබේ. විශේෂයෙන්ම ,
” අධ්‍යාපනය යනු ආර්ථික මෙවලමක් නොව මානව අයිතිවාසිකමක් බව ඔහු නිරන්තරයෙන් පවසයි. ” ඒ සඳහා සැමට සාධාරණ ප්‍රවේශය , ගණිතය හා භාෂාත්මක නිපුණතාවයේ ඇති වැදගත්කම ද ඉස්මතුකර තිබේ.
පන්ති කාල සටහන් හි කාලච්ඡේද දීර්ඝකිරීම , පාසල් පැවැත්වෙන කාලය වැඩි කිරීම , වාර විභාග ක්‍රමය ඉවත් කිරීම , පෙළපොත් භාවිතා කිරීම අඩු කිරීම හා ඒ වෙනුවට මොඩියුල ක්‍රම හා ඒ ආශ්‍රිත ඇගයීම් කටයුතු හඳුන්වාදීම , පැරණි විෂයන් ඉවත්කර නව විෂයන් ආදේශ කිරීම ආදි මාතෘකා සමාජය තුළ බෙහෙවින් කතාබහට ලක් වුවද අභ්‍යන්තර වශයෙන් එකී ප්‍රතිසංස්කරණ කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හේතු සාධක බලපාන්නේ ලද්දේ ද , ඒවායේ පසුබිම හා හරයාත්මක පැතිකඩ කෙබඳුද යන්න තවදුරටත් සොයා බැලීම සඳහා අප තොරතුරු ඒකකය වැඩිදුරටත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර තොරතුරු දැනගැනීම පිළිබඳ පුරවැසියාගේ අයිතිය තහවුරු කරමින් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අප කටයුතු කරන්නෙමු.
• References and Sources
* අධ්‍යාපන අමාත්‍යාංශය, (1972), අධ්‍යාපනයේ නවමග.
* ජාතික අධ්‍යාපන ආයතනය, (2019). ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශනය (1969-2009) 1 වන කොටස – විෂයමාලාව
* ජාතික අධ්‍යාපන ආයතනය, (2021). අධ්‍යාපන ප්‍රතිසන්ස්කරන වල නොනිමි කර්තව්‍යය – දෙවන කොටස
* Council of Europe, (n.d.). Common European Framework of reference for languages: Learning, teaching, assessment
* Family Health Bureau & Ministry of Education, (2024). Global school-based health survey, Sri Lanka.
* Ministry of Education and Higher Education, (1996). National Education Policy: A framework for action on General Education (draft proposals). MOEH
* National Education Commission, (1992). The first report of the National Education Commission. Government Press
* National Education Commission, (2003). Proposals for a National Policy Framework on General Education in Sri Lanaka. NEC
* National Education Commission, (2022). National Education Policy Framework (2020-2030). NEC
* National Institute of Education, & Ministry of Education and Higher Education, (2000). National Curriculum Policy Sri Lanka. NIE
* Sedere, Upali M. (2019). Education meeting knowledge economy. White Falcon Publishing
* UNESCO, (2012). International standard classification of education, ISCED 2011. UNESCO Institute for Statistics
* The Republic of Korea
A Panoramic view of Korean Education published by the Korean Educational Development Institute
- RRM 2021-15-1, A Panoramic View of Education Policy
- RRM 2021-15-2, A Panoramic View of Education Governance
- RRM 2021-15-3, A Panoramic View of Education System
- RRM 2021-15-4, A Panoramic View of Teacher policy
- RRM 2021-15-5, A Panoramic View of Curriculum
- RRM 2021-15-6, A Panoramic View of Education Finance
Embassy of the Republic of Korea in Sri Lanka, (n.d.). Then and now Korea: Its modern history and economic growth.
India
Ministry of Human Resource Development, (2020), National Education Policy 2020.
Singapore
Ministry of Education
Australia
OECD
https://www.google.com/search?sca esv=922155461cbe86eb&sxsrf=AE3TifM4dMIs2O7C8WyuAYq1-
– ජනක සුරංග –