පුවත්

හම්බන්තොට කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීමටවත් ගොවිජන සේවා කාර්යාලය තොරතුරු ලබා දී නෑ

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින තොරතුරු නොදී වගකීම් විරහිතව කටයුතු කරන හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියාට  හා කොමසාරිස්වරයාහට තොරතුරු ඉල්ලුකරුට එම තොරතොරු ලබාදෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් විසින් දන්වා තිබේ.

  ගොවිජන සංවර්ධන  අතිරේක කොමසාරිස් ජනරාල්වරයා විසින් 2021 මාර්තු 18 දින ලිඛිතව මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ, හම්බන්තොට  කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් හම්බන්තොට ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයෙන්  තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඉල්ලා සිටි තොරතුරු ලබා නොදී  වගකීම් විරහිතව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් 2021 පෙබරවාරි 02 දින  සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ය.

  රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන එක් අංගයක් වන්නේ එම රටේ මහජනතාවට රටේ රාජ්‍ය අංශවල  තොරතුරුවලට ප්‍රවේශ වීමට අවකාශය ලබාදීමයි. ඒ තුලින් විනිවිධභාවය, රජයේ වගකිව යුතු බව, දූෂණයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම ආදී කාරණා රාශියක් ඉටුවන අතර  එම අයිතිය ශ්‍රී ලංකික පුරවැසියන්හට 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ   පනත මගින් ලබාදී තිබේ.

 එවන් පසුබිමක  හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා හා කොමසාරිස් වරයා විසින් අදාළ පනත යටතේ ඉල්ලා සිටින  තොරතුරු ලබා නොදී පනතේ කිසිදු වගන්තියකට නොගැළපෙන ප්‍රකාශ කරමින් වගකීම් විරහිතව තොරතුරු දැනගැනීමේ පනතේ විධානයන් දැඩිසේ උල්ලංඝනය කරමින් සිටි.

 හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයෙන් දැනගත යුතුව තිබු යම් තොරතුරු කීපයක් සම්බන්ධයෙන් අවස්තා කීපයකදී තොරතුරු අයදුම්පත් යොමුකළ ද එහි තොරතුරු නිලධාරීයාගෙන්  ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් තොරතුරු ලබාදීම මග හැර ඇත්තේ එම තොරතුරුම  දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන්හි ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාල විසින් ලබා දී තිබෙන පසුබිමක ය. එම නිසා නියමිත ක්‍රමවේදයන් ඔස්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාවට ද පැමිණිලි කර තිබේ.

  ඒ අනුව  2020.07.20 දින හා 2020.11.13 යන දිනයන්හි මෙම තොරතුරු අයදුම්පත් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර තිබෙන නමුත් මේ වනතෙක් එම තොරතුරු ලබාදීම මග හරිමින් සිටින්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ ද ඉල්ලීමට පිටුපාමින් වීම බරපතල ගැටලුවකි.

 මෙවන්  පසුබිමක  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ කොමිසමට සිදුකරන ලද අභියාචනය අනුව තොරතුරු කොමසම මගින්ද පනතට අනුව කටයුතු කරන ලෙස දන්වා හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා කාර්යලයවෙත පුර්ව  දැනුම්දීම් සිදුකර තිබේ.

  මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන නීති විරෝධී   කුඹුරු ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධයෙන් තොරතුරු දීම මග හරින හම්බන්තොට ගොවිජනසේවා අතිරේක කොමසාරිස්වරයා හා එහි තොරතුරු නිලධාරීවරයා අදාළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා සහය දෙනවද? එසේ නැත්නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාට ද ඉහළින් වූ හස්තයක් මේ සඳහා රැකවරණය ලබදෙනවාද? යන්න මෙහිදී ඇතිවන සාධාරණ සැකයකි. එසේ නම් කිව යුත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ………..අමාරුව යන්න ය.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *