පුවත්

සූර්ය බල සංග්‍රාමයේ දායකත්වය ප්‍රමාණවත් ද?

By In

2015 වර්ෂයේදී ආරම්භ කරන ලද සූර්ය බල සංග්‍රාමය වැඩ සටහන මෙරට පවතින විදුලිබල හිඟය සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකි. මෙරට වැඩි වශයෙන්ම  විදුලිය නිශ්පාදනය කරනු ලබන ජල විදුලි බලාගාරවල විදුලි නිශ්පාදනය අඩු වර්ෂාවක් සහිත කාලවලදී අවම වන අතර තාප විදුලිබලාගාර සහ ඩීසල් විදුලිබලාගාරද නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වේ.  මේ නිසා මෙම ක්‍රමවලට වඩා ස්ථාවර ක්‍රමවේදයක් ලෙස සූර්ය විදුලිබල උත්පාදනය කෙරෙහි අවධානය යොමු වී ඇත.

සූර්ය බල සංග්‍රාමය යටතේ ගෘහස්ථ මට්ටමින් සූර්ය විදුලිබල උත්පාදන ඒකක පිහිටුවීම හරහා ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය වැඩි කිරීමත් ඒ හරයා විදුලිබල හිඟයට සැළකිය යුතු විසඳුමක් ලබා ගැනීමත් අරමුණ විය. 2019 වර්ෂයේ මුල් භාගයේ මෙරට තුළ  විශාල වශයෙන් විදුලිබල හිඟය පැවැති අතර ඉදිරියේදීද එවැනි විදුලි කප්පාදුකිරීම් ඇතිවීමේ අවධානමක් පවතී. මෙම විදුලිබල හිඟයට 2015 දී ආරම්භ කරන ලද සූර්යබල සංග්‍රාමයෙන් සැළකිය යුතු මට්ටමේ දායකත්වයක් ලැබුණු බවක් දක්නට නොලැබිණි. මෙම තත්වය ඉදිරි වර්ෂවලත් පැවතිය හැකි නිසා ඒ සඳහා ඉදිරියේදී සූර්යබල ශක්තිය කෙතරම් දුරට දායක වන්නේද යන්න පිළිබඳව අප විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත තොරතුතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.

අපගේ තොරතුරු ඉල්ලීම මඟින් විමසා සිටියේ සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ඉදිරි වසරවලදී ජනනය කර ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තුවන විදුලිබල ධාරිතාව කොපමණද යන්නයි. එහිදී විදුලිබල මණ්ඩළය අපවෙත එවා ඇති තොරතුරු අනුව  වර්ෂය වනවිට මෙ. වො. 200ක් පමණ ජාතික පද්ධතියට එක්කර ගැනීමට හැකිවන බවයි. දීර්ඝකාලීන වශයෙන් 2025 වන විට තවත් මෙ. වො. 800ක් ජාතික පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂා කරන බවට තොරතුරු ලබා දී ඇත.

කෙසේ වෙතත් සමකාසන්න රටක් ලෙස සූර්ය ශක්තිය ශ්‍රී ලංකාවේ ඉතා සාර්ථකව භාවිත කළ හැකි වුවත් දැනට මෙම ව්‍යාපෘතිය මඟින් ලැබී ඇති දායකත්වය අඩු බව පෙනීයයිග ඉදිරියේදී එම දායක්ත්වය උපරිම ලෙස ලබාගැනීම සඳහා කටයුතු කිරීම මඟින් විදුලිබල හිඟය අවම කරගතහැකි වනු ඇත.

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *