මෙහි කිසිම වැඩක් නැති වියදමක් දරල නෑ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
පරිසර අමාත්‍යාංශයේ හා මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රමුකත්වය ගෙන ක්‍රියාත්මක කරනු ලබන ”සුරකිමු ගංගා”ජාතික වැඩසටහනේ උත්සව කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් අසු නවලක්‍ෂ තිස්පන්දහස් දෙසිය පනස් හතක (8935257) මුදලක් යොදවා ඇතිබව තොරතුරු දැනගැනීමේ පනතමගින් සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය.
ඒ අනුව 2021 මාර්තු මස 22 දින ආරම්භ කෙරුණු ”සුරකිමු ගංගා”ජාතික වැඩසටහනේ සමාරම්භක ප්‍රධාන උත්සවය කතරගම දී පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු තවත් මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් රාශියකගේ සහභාගිත්වයෙන් වන අතර එම උත්සවයට සමගාමිව තවත් පළාත් අටක පළාත් උත්සව 08ක් ද පවත්වන ලදී.
මෙහි දී කතරගම දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ”සුරකිමු ගංගා” ජාතික වැඩසටහනේ සමාරම්භක ප්‍රධාන උත්සවය වෙනුවෙන් පමණක් රුපියල් තිස්පන්ලක්ෂ පනස්නමදහස් හයසීයක(3559600) මුදලක් යොදවා ඇති අතර එමෙන්ම ”සුරකිමු ගංගා” ජාතික වැඩසටහනට සමගාමිව අනෙකුත් පළාත් අටක පැවති පළාත් උත්සව හා සමාරම්භක කටයුතු වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් රුපියල් එක්ලක්ෂ පනස්දහස (150000) බැගින් රුපියල් දොළොස් ලක්ෂයක (1200000) මුදලක් වැයකර තිබේ. ඒ අනුව ”සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ සමස්ත එක්දින උත්සව වියදම රුපියල් හතලිස් හත්ලක්ෂ පනස් නමදහස් හයසියයකි. (4759600)
එමෙන්ම ”සුරකිමු ගංගා” වැඩසටහනේ දැන්වීම් හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මේ වනවිට රුපියල් හතලිස් එක්ලක්ෂ හැත්තෑපන්දහස් හයසිය පනස් හතක (4175657) මුදක් මේ වනවිට යොදා ඇති බවද මෙහිදී අනාවරණය විය
කෙසේ නමුත් මේ සියලු කාරණා සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවන් අදහසක්
”සුරකිමු ගංගා” වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා මේ වනවිට යෝජනා ලබාගැනීම සිදුකරනවා”
එමෙන්ම මෙම වැඩසටහන ආරම්භයට පෙර සැලසුම් හා යෝජනා නොගත්තේ ඇයිද යන්න පිළිබදව විමසූ විට සභපතිවරයා කියා සිටියේ ”අපිට ඕනෑකම තිබුණේ මේක ලෝක ජල දිනයට පටන් ගන්න විතරයි. මිලියන 200ක් වෙන් කරගෙන අපි මුලින් මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මුළු ගඟටම ව්‍යාපෘති වාර්තා හදලා පටන්ගන්න ගියා නම් මේ වසරේ මේක පටන්ගන්න වෙන්නේ නෑ ”
එමෙන්ම උත්සව සම්බන්ධයෙන් කළ වියදම් සමබන්ධයෙන් විමසූ විට අමරසිංහ මහතා කියා සිටියේ ඒ සඳහා එතරම් මුදලක් යොදවා නොමැති බවයි .” උත්සව පැවැත්වීම රටේ concept එකක් ලෙස හැදිලා තියෙනවා. මෙහි කිසිම වැඩක් නැති වියදමක් දරල නෑ. ඒ වගේම මෙහෙම media campaign එකක් නොකළා නම් රටේ මිනිස්සු දන්නේ නෑ මෙහෙම ගංගා සුද්දකරන්න ඕනේ, කිලිටි කරන්න හොඳ නෑ කියලා ”බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.
”සුරකිමු ගංගා” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
” ලබන වසරේ තමයි මේකේ සංවර්ධන කටයුතු කෙරෙන්නේ. මේ වසරේ කෙරන්නේ මේකේ සැලසුම් හදන එක. මේ මිලියන දෙසීය වෙන් කළේ මේකේ පොඩි පොඩි වැඩ කරන්න. මේක ලොකු ව්‍යාපෘතියේ එකක් විතරයි. මේක අවුරුද්දකින් නවතින එකක් නොවේ. මේක 2024, 2025 පමණ වනවිට අවසන් වෙන්න ඕනේ ,මේකේදී ගංගා රක්ෂිත දෙපස සිටින මිනිසුන් නිකන් අයින් කරන්න වෙන්නේ නෑ, ඔවුන්ට වන්දි ගෙවන්න වෙනවා, නැත්නම් ඉඩම්දීලා ගෙවල් හදල දෙන්න වෙයි, ඒ නිසා මේ ප්‍රායෝගික ප්‍රශ්නත් මග හැරගෙන ඕන මේක කරන්න ”