පුවත්

වෙන්දේසියට පෙර ජනාධිපති කාර්යාලයේ සැප වාහන බෙදිල්ල!

By In
  • ගෝඨාභයගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට වාහන 11යි 
  • රනිල්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට 68යි!

– ජනක සුරංග 

සාමාන්‍යයෙන් වාහන මහජන ප්‍රදර්ශනයට තබන්නේ අලෙවි ප්‍රදර්ශනාගාර තුළය. නමුත් නව රජයන් පත්වන විට පැවති රජයන්ට සම්බන්ධ නිලධාරීන් විසින් පරිහරණය කරන ලද සැප වාහන ජනාධිපති කාර්යාලය අසල ගෝල්ෆේස් පිටියේ එක රොත්තට ගාල්කර යනු ලබන්නේ එතැන් සිට රට පුරා මාධ්‍යවල විවිධ ආන්දෝලනාත්මක පුවත් මවමිනි. බොහෝ විට මෙම වාහන භාවිතයට ලබාදීම පිළිබඳ විනිවිදභාවයත්, ඒවා කුමන පදනමෙන් ලබා දුන්නේද යන වගත්, ඒ ඒ වාහන කවුරුන් විසින් පරිහරණය කළේද යන්නත් පිළිබඳව මහජනතාව තුළ දැඩි කුතුහලයක් පවතී. පසුගිය අවස්ථා කිහිපයකදීම නිරන්තර අවධානයට ලක් වූ, ගෝල්ෆේස් පිටියේ ගාල් කළ වාහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය වෙත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකට පිළිතුරු ලෙස, එකී වාහනවලට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි විය. 

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනතාවට පසුගියදා නිවේදනය කළ පරිදි පසුගිය සමයේදී භාවිත වූ සැප වාහන රැසක් වෙන්දේසි කිරීමට තීරණය කර තිබිණි. Defender හා Volvo ජීප් රථ හා Chrysler, Mahindra, Discovery මෝටර් රථ මෙන්ම Rosa වර්ගයේ බස් රථයක් ඇතුළු වාහන එහි පළමු අදියරේ යටතේ වෙන්දේසියට දමා තිබූ අතර, නැවත දෙවෙනි අදියරයක්ද ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත් සඳහන් විය. මේ සඳහා සැලකිය යුතු තරමේ විශේෂ උනන්දුවක් ව්‍යාපාරික ප්‍රජාව තුළද ඇති වී තිබේ. රජයේ මූල්‍ය වියදම කළමනාකරණය හා වගවීම සම්බන්ධයෙන් වූ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම කර්තව්‍යයන් සිදුවන බව ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් 7වන හා 8වන විධායක ජනාධිපතිවරුන්ගේ සමයේදී ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා තිබූ වාහන බෙදීයාම පිළිබඳ දත්ත සොයා බැලීමට මේ නිසා හැකියාව ලැබිණි.

හත වගේද අට!

ඒ අනුව හත්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකාරක, සම්බන්ධීකරණ නිලධාරී, සම්බන්ධීකරණ  ලේකම් යනාදී තනතුරු සඳහා B.M.W,  Nissan, Ford, Ssang Young, KIA,  Toyota, Mitsubishi, Isuzu යන ලෝක ප්‍රසිද්ධ මාදිලියේ ජීප් රථ, කැබ් හා කාර් රථ 11ක් පමණක් භාවිතයට ලබාදී තිබිණි.

නමුත් දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ රට ගොඩනැගීමට රට භාරගත් අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා 68 දෙනෙකු බඳවාගෙන තිබූ අතර, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, උපදේශකවරු හා විවිධ ලේකම්වරු සෑම දෙනාගේම භාවිතය සඳහා BMW, Toyota land Cruiser, Ford Everest , Mitsubishi Montero, Land Rover Defender, Toyota Corolla, Nissan Sylphy, Toyota Yaris, Isuzu D Max, Mazda යන මාදිලිවල සුඛෝපභෝගී වාහන ලබා දී තිබිණි. මේ පෞද්ගලික කාර්යමණ්ඩලය අතුරින් අති බහුතරය දේශපාලනික පත්වීම් වන අතර රටේ ආර්ථික අර්බුදයක් පැවති මොහොතක වැටුප්, ඉන්ධන හා වෙනත් ප්‍රතිලාභද හරි හරියට භුක්ති විඳිමින්, රටේ මහජන බදු මුදල් වැය කරමින් ජනතාව සතු බර තව තවත් වැඩි කිරීමට පාලකයන් විසින් ක්‍රියා කර ඇති බව මෙම තොරතුරුවලින් පැහැදිලිව හෙළිදරව් වේ. 

තොරතුරු පනත උපයෝගී කරගනිමින් මෙවැනි කරුණු හෙළිදරව් කර ගැනීම් තුළින් අඛණ්ඩව මහජනයා සවිඥානික කිරීම “දූෂණයට හා නාස්තියට එරෙහිව පුරවැසි නැගී සිටීම” ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. 

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *