පුවත්

වත්කම් කියූ මන්ත්‍රීවරුන් කවුදැයි කියන්න තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝග

By In

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක් ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් වූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පසුගිය 03වැනිදා මෙම නියෝගය සිදුකර තිබේ. මෙම අභියාචනය සඳහා වසර 02කට වැඩි කාලයක් ගතවීමද විශේෂත්වයකි.

2018 වර්ෂයේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය සහ 2010 වර්ෂයේ සිය මේ වනතෙක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛන වෙන වෙනම ලබාදෙන ලෙස  මාධ්‍යවේදී චාමර සම්පත් විසින් 2018.06.21වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් යොමු කළේය.

එම තොරතුරු ලබාදිය නොහැකි බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කළ අතර, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අනුව කථානායකවරයාට එම ඉල්ලීම යොමු කළ යුතු බවද සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා විසින් පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියා වෙත අභියාචනා කර ඇති අතර, ඉහත කාරණයම සඳහන් කරමින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

එබැවින් ඔහු මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත 2018.09.11 වැනි දින අභියාචනයක් ඉදිපත් කළේය.

තමා ඉල්ලා සිටිනුයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නොව අදාළ කාල සීමාව තුළ වත්කම් බැරකම් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය බවත්, එය ඉල්ලා දෙන ලෙස නියෝගයක් පාර්ලිමේන්තුවට නිකුත් කරන ලෙසත් අදාළ මාධ්‍යෙව්දීයා තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරමින් ඉල්ලීම් කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 3(1) වගන්තියට ප්‍රකාරව ඉල්ලා ඇති තොරතුරු පොදු අධිකාරිය “සන්තකයේ, භාරයේ හෝ පාලනයේ” පවතියි නම්, පොදු අධිකාරිය විසින් එම තොරතුරු එම පනතේ 5(1) වගන්තියේ විස්තර කර ඇති ව්‍යතිරේකයන්ට යටත්ව නිකුත් කළ යුතුව ඇති බව තොරතුරු කොමිෂන් සභාව මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන පොදු අධිකාරිය සතුව මෙම තොරතුරු ඇති බව අවිද්‍යාත්මකව තීරණය කරනු ලබන බවද තොරුතුරු කොමිෂන් සභාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව අභියාචනය ඉදිරිපත් කළ මාධ්‍යවේදියා විසින් ඉල්ලා ඇති තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට නියෝග කර ඇත.

මෙම නියෝගය ලබාදීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වූයේ එවකට අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ හෙළිදරව් කරන ලෙස කොමිෂන් සභාව මීට පෙර ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාග කර අවසන් වනතුරු සිටීමට සිදු වූ හේතුවෙන් බවත්, ඒ සඳහා දෙපාර්ශ්වයම එකඟ වූ බවත් තොරතුරු කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම අභියාචනයට වසර දෙකකුත් මාස තුනකට වැඩි කාලයක් ගත වී ඇති බැවින් මෙම නියෝගය නිකුත් කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිටු 26කින් යුතු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පෙබරවාරි 03වැනිදා නිකුත් කළ තීන්දුව චාමර සම්පත් එදිරිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව RTIC Appeal No 719/2019 ප්‍රකාශයට පත් කර තිබේ.

චාමර සම්පත්

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *