පුවත්

ලොක්කන් හතර දෙනා වෙන වෙනම උඩින් ගියාද?

By In
  • යාපනයේ AIR Tattoo 2024 ප්‍රදර්ශනයට ගිය කිසිදු ප්‍රභූ වරයෙකුට වෙන් වශයෙන් හෙලිකොප්ටර් ලබාදීලා නෑ –  ශ්‍රී    ලංකා ගුවන් හමුදාව 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2024 මාර්තු 06වන දා සිට මාර්තු මස 10වන දා දක්වා දින කීපය තුළ යාපනයේ පැවැත්වූ AIR Tattoo 2024 ප්‍රදර්ශනයට ප්‍රභූන් ප්‍රවාහනයට, අමතර විශාල මුදලක් වැය කරමින් ගුවන් යානා යොදවමින් කටයුතු කර තිබෙන බවට එම වකවානුවේ  විවිධ සමාජ මාධ්‍ය වේදිකා තුළ විවිධ ඡායාරුප ද සමඟ පුවත් පළ වී තිබුණත්  ගුවන් හමුදාවට අයත් අමතර  ගුවන් යානා යොදවා ඒ  සඳහා කිසිදු අමතර  වියදමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණ විය.

ඒ ආකාරයෙන් පළ වූ එක් පෝස්ටුවක, “වගකීමක් නොමැතිව ඉහළ පුද්ගලයෝ දුප්පත් මිනිසුන්ගේ වියදමින් සැප විඳිති’’ යන සටහන සමඟ යාපනයේ පැවති  AIR Tattoo 2024 ප්‍රදර්ශනයට සහභාගි වූ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,  රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  යන අයගේ ඡායාරූප පළ කර තිබිණි. ඔවුන් යාපනයට පැමිණීම වෙනුවෙන් වෙන වෙනම විශේෂිත හෙළිකොප්ටර් යානා 4ක් ලබා දී විශාල මහජන මුදලක් වැය  කර තිබෙන බව ඔවුන්ගේ එම පෝස්ටුවෙහි සඳහන් විය.

අසත්‍ය පුවත් තහවුරු වීම

විශේෂයෙන්ම මෙරට තුළ දක්නට ඇති භූ දේශපාලනයේ ලක්ෂණයක් වන්නේ විරුද්ධ දේශපාලන  පක්ෂ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රකාශ පළ කිරීමයි. ඒ තුළ අදාළ අංශ මගින් එම අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි කිරීම් සිදු නොකිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා කටයුතු කරනු ලබන මාධ්‍යවේදීන්ට හෝ වෙනත් සංවිධානවලට අවශ්‍ය සහයෝගය කාලීනව ලබා නොදීමෙන් සිදුවන්නේ මෙවැනි අසත්‍ය පුවත්වලින් ජනතාව මුළා වීම හා චෝදනාවලට ලක් වූවන් අපහසුතාවට හා මහජන අප්‍රසාදයට පත් වීමයි.  

මෙම AIR Tattoo 2024 ප්‍රදර්ශනය 2024 මාර්තු 06වන දා සිට  මාර්තු මස 10වන දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මෙම සමාජ මාධ්‍ය පළකිරීම් නිසාම එහි සත්‍ය තොරතුරු දැනගැනීමට මෙන්ම මහජනයා දැනුවත් කිරීම සඳහා  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් තොරතුරු ඉල්ලා සිටියත් එම ව්‍යවස්ථාපිත කාල සීමාව තුළ එම තොරතුරු ලබා නොදීම හේතුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව කොමිසම දක්වා ගමන් කිරීමට  සිදු වූ අතර අභියාචනා විභාග අංක 806/2024 යටතේ 2024 අගෝස්තු 14 දින තොරතුරු කොමිසම සිදුකළ අභියාචානා විභාගයෙන් පසුව එම තොරතුරු ලබාදීමට ගුවන් හමුදා මූලස්ථානය කටයුතු කරන ලදී.  නමුත් එම තොරතුරු ලබාදීම සඳහා  ගුවන් හමුදා මූලස්ථානය ලබාගත් කාලය මාස 05ක් පමණ වේ. ඒ වන විටත් අදාළ පළ කිරීම් නිසා මහජනතාව මුළා වීමත් පැවති රජය කෙරෙහි මහජන අප්‍රසාදය ගොඩනැගීමත් සිදු වී හමාරය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයට පෙර මෙම පුවත් ප්‍රචාරය වීම මත එය මහජන මතය හැසිරවීමටද හේතුවක් වන්නට ඇත.

තොරතුරු සැඟවීමේ විපාකය 

ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පැවැත්වූ  මෙම AIR Tattoo 2024 ප්‍රදර්ශයන වෙනුවෙන් ගුවන් හමුදා මූලස්ථානය විසින් කිසිදු මුදලක් දරා නොමැති අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාවට සහන මිලක් යටතේ ටිකට් පත් අලෙවියෙන් ලබාගත් මුදලින් හා අනෙකුත් විවිධ පරිත්‍යාග මගින් අදාළ වියදම් දරා තිබෙන බව ගුවන් හමුදාව විසින් ලබාදුන් තොරතුරුවල සඳහන් වේ.

 එමෙන්ම ගුවන් හමුදා මූලස්ථාන මගින් අදාළ උත්සවය වෙනුවෙන් පැමිණි ප්‍රභූන් වෙනුවෙන්ම විශේෂ ගුවන් යානයක් හෝ හෙළිකොප්ටර් යොදාගෙන නොමැති බවත් ගුවන් හමුදාව විසින් අඛණ්ඩව නියමිත කාල සටහනකට අනුව පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් වාර (Schedule Flight) භාවිත කර පමණක් අදාළ උත්සවයට සහභාගී වූ පිරිස් වෙත ගුවන් ගමන් පහසුකම් ලබා දී තිබෙන බවට පෙන්වා දෙනු ලබයි. විශේෂයෙන්ම Schedule Flight යනු ගුවන් හමුදාව විසින් අඛණ්ඩව ගුවන් ගමන් සිදුකිරීමට භාවිත කරනු ලබන ක්‍රියාවලියකි. එය ගුවන් යානාවල ගුණාත්මකභාවය පවත්වාගෙන යෑමට උපකාරී වේ. 

මේ ආකාරයෙන් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් නිසි කලට නිවැරැදි කිරීම් සිදු කිරීම මෙන්ම මෙම වියදම් සම්බන්ධයෙන් ප්‍රගාමී තොරතුරු හෙළිකිරීම් සිදු කිරීම මගින් මහජනතාව නොමඟ යැවීම නතර කරලීමත් රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමත් කළ හැකිය. එසේ නොමැතිව, අසත්‍ය පුවත් ජනගත වීමට ඉඩ හැර, පසුව මාස ගණනකට පසු එම තොරතුරු මේ ආකාරයෙන් මුදා හැරීම, අශ්වයා යවා තබා ඉස්තාලය වැසීමට සමාන ය. 

පුවත්

ගලිවර්ලාගේ වන විනාශය සහ ලිලිපුට්ටන්ගේ සංරක්ෂණය!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  විස්මයජනක භූ දර්ශන, පොහොසත් ජෛව විවිධත්වය සහ සශ්‍රීක වැසි වනාන්තර සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, වර්ධනය…

By In
පුවත්

‘මැරීන් ඩ්‍රයිව්’ වසර 18ක් ඉබි ගමනේ

කේ.ප්‍රසන්නා  කොළඹ ගාලු ප්‍රධාන මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා හොඳම මාර්ගය ලෙස හඳුනාගෙන ඇති සමුද්‍රීය මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) අදියර හයක්…

By In
පුවත්

උත්සව වියදම්වල තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කල්මරයි!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙතෙක් පැවති ආණ්ඩු, විවිධ උත්සව කටයුතු සඳහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළද වර්තමාන රජය ඒ ආකාරයෙන්…

By In
පුවත්

අකුරණ නගරයේ ගංවතුර වළක්වන්න වසර 25ක් තිස්සේ අසමත් වුණේ ඇයි? තොරතුරු පනතින් කළ සොයා බැලීමක් 

– මොහොමඩ් ආසික් ‘අකුරණ’ යනු, මහනුවර- යාපනය ඒ 09 මාර්ගයේ හමුවන ප්‍රධාන වාණිජ නගරයකි. ලෝකයේ බොහෝ රටවලට සෘජුව සම්බන්ධ වී…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *