Uncategorized, පුවත්

ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා

By In

රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව දැන්වීමට එවනු ලබන ලිපිය  (RTI 2) අදාළ පොදු අධිකාරිය මගින්  ලිපිය අත්සන් කරන ලද දින සිට එම ලිපිය තැපැල් කිරීම සඳහා වැඩ කරන දින 13ක් ගතවී ඇතිබව  කරුණු පරික්ෂා කිරීමේදී තහවුරු වේ.

  තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ 2020.නොවැම්බර් මස 20 වන දින  රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල බල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස  ඉල්ලා අයදුම් පත්‍රයක් යොමුකරන ලද අතර අදාල පොදු අධිකාරිය මගින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ   පනතේ 25 (1) වගන්තිය ප්‍රකාරව  අයදුම්පත ලබා දී  වැඩකරන දින 14ක් ඇතුලත අයදුම්කරු වෙත එම  අදාළ තොරතුරු ලබාදීමට අපොහොසත් වීම මෙන්ම එම කාලය තුළදී තොරතුරු අයදුම් පත්‍රය ලැබුණු බවට  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනතේ 24 (3) වගන්තිය ප්‍රකාරව  තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ඉල්ලුම්කරු දැනුවත් කිරීමද පැහැර හැරිම  නිසා 2020 දෙසැම්බර් මස 11 වනදින අදාළ නම්කළ නිලධාරියා හට අභියාචනා කිරීම සිදුකර තිබේ.

  මේ අතර 2020 දෙසැම්බර් මස 24 වනදා රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියාගෙන් 2020.දෙසැම්බර් මස 04 දිනැතිව 24 (3) වගන්තිය ප්‍රකාරව  තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ඉල්ලුම්කරු දැනුවත් කිරීමේ ලිපියක් එවා ඇති නමුත්  අදාල ලිපිය එවූ ලිපි කවරයේ රත්නපුර තැපැල් කාර්යාලය මගින් සඳහන් කරන ලද දින ලාංඡනයේ සටහන්ව ඇත්තේ එම ලිපිය 2020 දෙසැම්බර් මස 23 වන දින තැපැල් කර තිබෙන බවයි.

 ඒ අනුව  එම ලිපිය එවා ඇත්තේ නම්කළ නිලධාරියා හට 2020 දෙසැම්බර් මස 11 වනදින අභියාචානා කිරීමෙන් පසුව බව මනාව තහවුරු වන කාරණයක් වේ. නමුත් මේ ආකාරයෙන් රාජ්‍ය ආයතන සදහා ලිපියක් නිකුත්කළ දින සිට එම ලිපිය තැපැල් කිරීම සදහා වැඩකරන දින 13 ක් ගතවීමෙන් පෙනී යන්නේ ලංකාවේ බොහෝ රජයේ ආයතන තුළ  ඇති වැඩ කිරීමේ අකාර්යක්ෂමතාවයි.

එමෙන්ම මේ ආකාරයෙන් ලිපියක් තැපැල් කිරීම සදහා දින 13ක කාලයක් ලබාගන්නා රාජ්‍ය ආයතන 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනතේ 25 (1) වගන්තිය ප්‍රකාරව  අයදුම්පත ලබා දී  වැඩකරන දින 14ක් ඇතුලත අයදුම්කරු වෙත එම  අදාළ තොරතුරු ලබාදීම සිදු කරන්නේ කෙසේද යන්න තුළද   ඇත්තේ  ප්‍රශ්න සහගත ස්වභාවයකි.

පනත නොදැනීම

   තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනතේ 30 වන වගන්තිය මගින් අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා හට සිවිල් හෝ අපරාධ නඩුවලට එරෙහිව ආරක්ෂාව සලසා තිබේ. එවන්  පසුබිමක තමන්හට පනත මගින් ලැබී ඇති බලතල හා හැකියාවන් පසෙක ලා බොහොමයක්  පොදු අධිකාරින් හි  තොරතුරු නිලධාරීන් විසින් පොදු අධිකාරින්හට තොරතුරු ඉල්ලුම්පත්  ගොනු කිරිමෙන් ආපසු ඒ සදහා තොරතුරු ලබා දීම සදහා ඉහල නිලධාරීන්ගෙන් අවසර ඉල්ලීම සිදුකරනු ලබයි.

  එමෙන්ම අදාළ රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරිනිය විසින් 2020 දෙසැම්බර් මස 17 දිනය සටහන් කරමින් 22 දින තැපැල් කර ඇති ලිපියේ සදහන් වන්නේ ” ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යාලයෙන් උපදෙස් ඉල්ලා ඇති බැවින් අදාල උපදෙස් ලද පසු තොරතුරු ලබාදීම සම්බන්ධව ඔබ වෙත දන්වා එවීමට කටයුතු කරන බවයි”

   නමුත් අදාල ලිපිවල දින පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලුමෙන් පසු  රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස්වරිය මගින් ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියාහට අදාල තොරතුරු ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා අදාල තොරතුරු අයදුම්පත ඉදිරිපත්කර තිබෙන්නේ 2020 දෙසැම්බර් 21 දිනැතිව බවයි. එමෙන්ම   එම ලිපිය තැපල් කර ඇත්තේද දෙසැම්බර් 23 වනදා වේ.

මේ සම්බන්දයෙන් කළ විමසීමකදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ  රත්නපුර දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කුමාරි ගමඇතිගේ මහත්මියගෙන් කළ විමසීමකදී කියා සිටියේ   රටේ පවතින තත්වය හමුවේ සේවකයින්ගේ පවතින අඩුවද හේතුවෙන් මෙවැනි දෙයක් සිදුවෙන්නට ඇති බවත් සමහර  අවස්ථාවල තැපැල් කන්තොරෝව මගින් තම ආයතනයේ තැපෑල බාර නොගෙන හරවා එවීම තුළද මෙවැනි ආකාරයෙන් ලිපි එවීමට ප්‍රමාදයක්  ඇති වීමට හේතුවක් විය හැකිබවයි”

 එමෙන්ම මේ සම්බන්ධයෙන් රත්නපුර තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් විමසු විටදී ඔහු කියා සිටියේ කිසිසෙත් කිසිදු ආයතනයක රැගෙන එන ලිපි හරවා යැවීමට කටයුතු නොකළ බවත් කොරෝනා තත්වය හමුවේ වසා  තැබුණු ප්‍රදේශ වල පමණක් ලිපි බාර ගැනීමෙන් වැලකි සිටි බවයි.

එමෙන්ම රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය හෝ ඒ අවට ප්‍රදේශ කොරෝනා වෛරස් තත්වය හමුවේ වසා දැමීමට කටයුතු කළ ප්‍රදේශයක් නොවන බවද ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරියෙකු කියා සිටියේය.

   මේ ආකාරයෙන් පුරවැසියෙකු ඔහුට ඇති  මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනතේ විධානයන්ට අනුව කටයුතු නියමිත දින වකවානු සදහා කටයුතු නොකරමින් පුරවැසියන් මුලා කිරීම සදහා තමන්ට රිසි සේ මේ ආකාරයෙන් පසු දිනයක් සටහන් කර ලිපි එවීම හෝ එම ලිපි එවීම ප්‍රමාද කිරීම හුදෙක් තම රාජකාරිය පැහර හැරීම සේම පුරවැසියන්ගේ මූලික අයිතීන් කඩ කිරීමක්ද සිදුකරනු ලබයි. මෙවන්  ආකාරයෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වගකිවයුතු නීතිගරුක නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු නොවේද?

   එමෙන්ම මෙම තොරතුරු විමසීම දිවයිනේ දිස්ත්‍රික් 25 තුලම ඇති ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයන් වෙතද යොමුකර තිබෙන අතර ඒ අතරින් තොරතුරු ලබාදී ඇත්තේ මාතර, පොළොන්නරුව, කෑගල්ල හා මඩකලපුව යන කාර්යාල පමණක් වන අතර අනෙකුත් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධානයන්ට  අනුව නියමිත දිනයන්ට තොරතුරු ලබාදීම මෙතෙක් පැහැර  හැර තිබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *