පුවත්

රුපියල් කොටි තුනක් වැයකර සැකසු අම්බලන්තොට වාඳුරුප්ප මාර්ගයේ නිසි ප්‍රමිතීයක් නෑ – තොරතුරු පනතින් සියල්ල හෙළි වෙයි

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි හම්බන්තොට

අම්බලන්තොට වන්දුරුප්ප මාර්ගය සකසා මාස කීපයක් යන්නට මත්තෙන් මාර්ගයේ තැනින් තැන ගිලා බසිමින් තැනින් තැන ගැටිති මතුවී ඇති බවත් මාර්ගය නිසි ප්‍රමිතීන්ගෙන් තොරව ඉදිකර ඇතිබවත් ප්‍රදේශයේ ජනතාව පෙන්වාදෙති .

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ටෙන්ඩර් කැදවීම හා ප්‍රතිපාදන වෙන්කිරීම මත මෙම මාර්ගය සැකසීම සදහා රජය විසින් ඇස්තමේන්තු කල මුදල රුපියල් 35775611.54 ක් වූ අතර නමුත් කොන්ත්‍රාත්කරු විසින් තක්සේරු කල මුදල රුපියල් 29123711.00 ක් බව තොරතුරු දැනගැනීමේ පනත මගින් දකුණුපළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා ගත් තොරතුරු මගින් අනාවරණය විය .

ඒ අනුව එම මුදල් ප්‍රතිපාදන යට‍තේ 2017.10.30 වන දින වැඩ ආරම්භ කරන ලද අම්බලන්තොට වාදුරුප්ප මාර්ගය කිලෝමීටර් එකකුත් මීටර් 600 ක් පළල මීටර් 6 ,5, 4, වන අකාරයෙන් වන පරිදි මාර්ගය සකසා තිබේ .

දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තිස්සමහාරාම ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ ඉදිකර ඇති මෙම මාර්ගය අවිධිමත් ඉදිකිරීමක තවත් එක් අවස්ථාවක් පිළිබිඹු කරන ප්‍රධානතම සාධකය වන්නේ එලන ලද කාපට් එකෙහි ඝනකම තැනින් තැනට අදාළ ප්‍රමිතීන්ගෙන් තොරව අඩුවීම , තැනින් තැන ගැටිති ඇතිවී තිබීම , මෙන්ම මාර්ගය දෙපස එලන ලද පස් නියමිත ප්‍රමිතීන්ගෙන් තොරවීම මෙන්ම එය නියම ආකාරයෙන් එලා නොතිබීම නිසා එහි ගමන්ගන්නා මගින් අසීරු තත්වයන්ට ලක්වීම යන හේතුන් නිසාය .

කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අදාළව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා ගත් තොරතුරු අනුව එලන ලද කාපට් තට්ටුව මිලිමීටර් පනහට නොවැඩිව මෙම මාර්ගයේ කාපට් තට්ටුව තිබිය යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා ගත් තොරතුරු අනුව අවම ඝනකම මිලිමීටර් 33 කට වඩා අඩු නොවිය යුතු බවත් අනාවරණය විය .

නමුත් මෙම මාර්ගය තනා අවසන් කර දින කිපයක් යන්නට මත්තෙන් මාර්ගය ආරම්භ වන ස්ථානය වන අම්බලන්තොට නගරය අසල ජල සම්පාදන  මණ්ඩලය විසින් ජලනල කාන්දුවක් සැකසීමට මාර්ගය තුල සිදුකරන ලද කැපුමක් පරික්ෂා කිරීමේදී අනාවරණය වුයේ එම ස්ථානයේ කාපට් එකෙහි ඝනකම මිලිමීටර් 10 ක් 12 ක් අතර ප්‍රමාණයකට සිමා වී ඇති ආකාරයයි .ඒ අනුව පෙනී ගියේ මාර්ගයේ කාපට් එකෙහි ඝනකම තිබිය යුතු ප්‍රමාණයට වඩා මිලිමීටර් 20 කටත් වඩා අඩුවෙන් බොහෝ ස්ථානවල පවතින බවයි .

කෙසේ නමුත් රුපියල් දෙකෝටි අනුඑක්දහසකට (29123711.00 )අධික මුදලක් වැය කර සකසන ලැබූ මාර්ගයේ සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්තුවකින් පසු රජය තබා ගන්නා රැදවුම් මුදල් හැරුණු කොට අනෙකුත් සියලු මුදල් නිදහස් කර ඇති බවද ලබා ගත් තොරතුරු මගින් හෙළිවේ . එමෙන්ම මෙම මාර්ගය සම්බන්ධයෙන් මෙවැනි අඩුපාඩු තිබියදී ඒ සම්බන්ධයෙන් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවද ලබා ගත් එම තොරතුරු මගින් අනාවරණ විය .

මාර්ගය ඉදිකර අවසන් වූ පසු ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගේ මෙන්ම, දිස්ත්‍රික් ඉංජිනේරු හා රසායනාගාර සහකාරවරයකුගේද තත්ත්ව පරීක්ෂාවක් සදහා මෙම මාර්ගය ලක් වුවත් අදාළ අඩුපාඩු සම්න්බන්ධයෙන් ඔවුන් හට දැන ගන්නට නොලැබීම පුදුමයට කරුණක් බවයි ප්‍රදේශවාසීන් ජනතාව පවසා සිටින්නේ .

මේ සම්බන්ධයෙන් දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් හට ප්‍රකාශයක් දීමට නොහැකි බැවින් දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරිවරයාගෙන් විමසන ලෙසයි. ඒ අනුව දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරි උපාලි ලියනගේ මහතාගෙන් විමසු විට ඔහු කියා සිටියේ තමන් හට  මෙම මාර්ගයේ දෝස සම්බන්ධයන් කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තා ලැබී නොමැති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි .

පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In
පුවත්

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි  ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *