පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

By In

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක් නිකුත් කර ඇත.

මාධ්‍යවේදී රාහුල් සමන්ත යොමුකළ අභියාචනයක් විභාගයට ලක්කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මාධ්‍යවේදියා විසින් 2025 වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලය සහ වෙන්කර ඇති වාහන පිළිබඳ මෙම තොරතුරු ඉල්ලා ඇති අතර ඒසදහා තොරතුරු ලබාදීම ජනාධිපති කාර්යාලයෙන් සිදුකර නොමැත. මේ හේතුවෙන් රාහුල් සමන්ත මාධ්‍යවෙදියා විසින් කොමිෂන් සභාවට අභියාචනා කර ඇති අතර දීර්ඝ අභියාචනයකින් පසුව මෙම තීන්දුව ලබාදී ඇත. එහිදී කොමිෂන් සභාව විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමට  ජනතාවට ඇති අයිතිය පිළිබඳව කරුණු දක්වා ඇති අතර ඒ මෙසේය,

“රජය සතු මෙන්ම විශාල වශයෙන් මහජන අවධානයට ලක් වු වාහන එකතුවක එක් එක් වාහන කුමන රාජ්‍ය ආයතනවලට වෙන් කර තිබේද යන්න දැනගැනීමේ අයිතිය පුරවැසියන්යට ඇති බව කොමිෂන් සභාව පිළිගනී”

ඒ අනුව අදාළ තොරතුරු ජනවාරි 31 දිනට ප්‍රථම මුදාහරින ලෙස කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබේ.

අදාළ නියෝගය සහිත සම්පුර්ණ වාර්තාව මෙතැනින් කියවන්න

පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *