පුවත්

යතුරුපැදි කරුවන්ගේ සංගමය RMV ලොක්කන්ට අභියෝග කරයි

By In

2004 වසරේ සිට 2017 වසර දක්වා මෙරට ලියාපදිංචි කරන ලද ජපන් යතුරුපැදි සංඛ්‍යාව කොපමණ දැයි යන්න පිළිබද සත්‍ය තොරතුරු 2016, අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පණත යටතේ තමන්ට ලබා දෙන ලෙස සමස්ත ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටි.

මෙරට ජපන් යතුරුපැදි ලියාපදිංචි කර තුබුනද පසුගිය වසරේ සහ මේ වසරේ ගත වූ කාලය තුළ තම සංගමයට ලද තොරතුරු අනුව ජපන් යතුරුපැදි දහතුන් දහසකට (13000) චැසි අංක යොදා ඇති බවට පවසා නඩු දමා තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු ඉහල නිළධාරීන්ට එම තනතුරු හෙබවිමට කිසිදු සුදුසුකමක් හෝ නැති බවත් එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ සදහන් කරයි.

මේ සම්බන්ධ අප කළ විමසීමකදී ඔහු වැඩිදුර ටත් චෝදනා කලේ මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා සහ සහකාර කොමසාරිස්වරුන් එම ධුර හෙබවීමට ඔවුන් සතුව මෝටර් වාහන පිලිබදව අධ්‍යාපන සුදුසුකම් හෝ නැතැයි යන්නයි.

ඔවුන් සතුව මෝටර් වාහන පිලිබදව අධ්‍යාපන සුදුසුකම් සහසාමාන්‍ය අධ්‍යාපන සුදුසුකම් තිබේනම් ඒවායේ සහතිකවල පිටපත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම සංගමය වෙත ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි.

එමන්ම රට පුරා චැසි අංක පරික්ෂාව සිදුකරන සියලුම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ ඇස් පෙනීම තහවුරු කෙරෙන වාර්තා වල පිටපත් සහ එම වාර්තා නිකුත් ගන්නා කාල පරාසයන් , මෝටර් රථ කොමසාරිස්වරයා සහ සහකාර කොමසාරිස්වරුන් පත් කෙරු රජයේ නිලධාරීන් සහ දේශපාලකයින් කවුරුන්ද යන්නත් , එම පත්වීම් ලිපිවල පිටපත් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ඇතැම් ඉහල නිලධාරීන් අතින් සිදුවන දුෂණ අක්‍රමිකතා වලට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු වැඩිදුර අවධාරණය කරයි.

මෙරට ලියාපදිංචි ජපන් යතුරුපැදි සංඛ්‍යාව දන්නේ නෑ”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සමස්ථ ලංකා යතුරුපැදිකරුවනේගේ සංගමයට දැනුම් දෙයි. (2018/01/19)

මෙරට ලියාපදිංචි කර ඇති ජපන් යතුරුපැදි සංබ්‍යාව කොපමණද යන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව දන්නේ නැත. ඒ බව එම දෙපාර්තුමේන්තුව සමස්ත ලංකා යතුරුපැදිකරුවනේගේ සංගමයට දැනුම් දී ඇතැයි එහි සභාපති චිරන්ත අමරසිංහ පවසයි.

2004 සිට 2017 වසර දක්වා මෙරට ලියාපදිංචි කළ ජපන් යතුරුපැදි සංඛ්‍යාව කොපමණදැයි යන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම සංගමය වෙත තොරතුරු ලබාදෙන ලෙස පසුගියදා කළ ඉල්ලීමකට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

ලංකාවේ ලියාපදිංචි කර තිබෙන ජපන් යතුරුපැදි සංඛ්‍යාව නොදන්නා බවට එම දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කිරීම විහිළුවක් බවත් එලෙස ප්‍රකාශ කරන්නේ ජපන් යතුරුපැදි පිලිබදව දෙපාර්තුමේන්තුව මගින් කලක සිට කර ඇති දුෂණ සැගවීමට යැයි පැහැදිලි වන බවත් හෙතෙම සදහන් කරයි.

මේ සම්බන්දව අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසම වෙතපැමිණිල්ලක් කිරීමට ඉදිරියේදී තම සංගමය කටයුතු කරන බවද හෙතෙම අවධරණය කළේය.

ඔහු වැඩි දුරටත් සදහන් කළේ චැසි අංක පරික්ෂාව පිළිබද විශේෂ පුහුණුවක් මෝටර් රථ පරීක්ෂකවරුන් සතුව නොමැති බවත් ඒ අනුව ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා අධිකරණ පිලිගනෙනේ කුමන පදනමින්ද යන්න ඉදිරියේදී ශේෂ්ඨාධිකරණයෙන් විමසීමට නම් සංගමන බලාපාරොත්තු වන බවත්ය.

මෙරට සියලුම ජපන් යතුරුපැදිවල මෝටර් රථ දෙපාර්තුමේන්තුව සතු ලේඛන අබිරහසක් ලෙස අතුරුදහන් කර ඇති නිසා ආදාල යතුරුපැදිවල සම්පුරණ වටිනාකම මෝටර් රථ දෙපාර්තුමේන්තුවට යතුරුපැදි හිමිකරු වෙත ගෙවීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

උදයන්ති මුණසිංහ

හොරණ (මව්බිම)

පුවත්

පසුගිය මාස දෙකහමාරට රජය රුපියල් බිලියන 438ක් ණය වෙලා! 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් දැඩි දුෂ්කර තත්වයක පවතින අතර, යථා තත්ත්වයට පත්වීම සමාජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවට…

By In
පුවත්

අල්ලස හා දූෂණයෙන් රට ක්ලීන්ද?  අල්ලස් කොමිසම පැවරූ නඩු 52ක්ම ‘රිවස්’!

– ජනක සුරංග රටක් තිරසර සංවර්ධනය කරා පියමන් කරන්නට නම් නිසැකවම අල්ලස, දූෂණය ඇතුළු සියලු ආකාරයේ විෂමාචාරවලින් තොර වූ පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *