පුවත්

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර මෙන්ම පිලිකාකාරක ඇති ආහාර ගැන විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෑ

By In

 තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

  ප්‍රජාතන්ත්‍රවාදී  රටක නීති අණ පනත් ගෙන එනු ලබන්නේ එම රටේ පුරවැසියාගේ අයිතිය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම මූලික කරගෙන ය. එහි දී තමන් ලබා ගන්නා ආහාර නිසි ප්‍රමිතියකින් මෙන්ම ශරීරයට අහිතකර තත්වයකින් තොරව ලබාගැනීමට ද ජනතාවට අයිතියක් ඇත්තා  සේම එම අයිතිය සුරක්ෂිත කිරීමට  රජයක මෙන්ම එම රජයේ අදාළ  නීති, ක්‍රමවේද ,පාලන  ක්‍රියාත්මක කරනු ලබන  අධිකාරින්ගේ ද වගකීමකි.

  මෙවන් පසු බිමක   ආහාර නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ බෙදා හැරීම විධිමත් කිරීම සහ පාලනය කිරීම වෙනුවෙන් වූ 1980 අංක 26 දරණ ආහාර පනත ක්‍රියාත්මක වුවත් එය කොතරම් දුරට සක්‍රියව ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳව ඇත්තේ බරපතල ගැටලුවකි.

  විශේෂයෙන්ම මෙම පනත මගින්  සහ ආහාර උපදේශක කමිටුවක් පිහිටුවමින් ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පනත පැනවීමේ අරමුණ වේ. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පනත මඟින් ආහාර සම්බන්ධයෙන් වූ තහනම් කිරීම් මෙන්ම ආහාර උපදේශක කමිටුවක් සකස් කිරීමට කටයුතු කර ඇත. එසේම ආහාර සම්බන්ධයෙන් වන වැරදි පිළිබඳව ද විධාන ඇතුළත් කර තිබේ. ඒ තුළ නඩු කටයුතු පැවැත්වීම පිළිබඳව ප්‍රතිපාදන ද  ඇතුළත් කර තිබේ.

  රටේ මහජනතාවගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපාන ආහාර සම්බන්ධයෙන් ඉතා වැදගත් මෙම පනත ක්‍රියාත්මක වන්නේ ආහාර පනතේ 8 (1) වන වගන්තියට අනුව  සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි.

කෙසේ නමුත් ගෙවී ගිය මාස කීපය තුල දී බෙහෙවින් කතා බහට ලක්වූ  විවිධ ආහාර නිෂ්පාදන තුළ පිළිකාකාරක අඩංගු බවට වූ කාරණා නිසා රටේ මහජනතාව තුල ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක්  යොමු වුවත් ආහාර පනත මගින් සිදුකළ යුතු වගකීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුල එතරම් අවබෝධයක් දක්නට නොලැබුණි.

  මෙවන් පසුබිමක අහාර පාලන පනතට අනුව 2015 වර්ෂයේ සිට 2021 අප්‍රේල් 20 දක්වා කාලය තුළ  දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය  විසින් පරික්ෂාවට ලක්කරන ලද  ආහාර වර්ග හෝ නිෂ්පාදන  කොපමණ සංඛ්‍යාවක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වී තිබේද යන්න සහ  එම  සවිස්තර තොරතුරු ඉල්ලා තොරතුරු දැනගැනීම පිළිබඳ පනතට අනුව  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකළ තොරතුරු ඉල්ලුමකට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සඳහන් කර තිබෙන්නේ, ඉල්ලා ඇති තොරතුරු සැපයීමට විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බවයි.

 ඉහත කාරණාව හැරුණු කොට  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරික්ෂාවට ලක්කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ ආහාර හෝ නිෂ්පාදන අතුරින් දේශීය නිෂ්පාදන හා  විදේශීය නිෂ්පාදන සම්බන්ධයෙන් මෙන්ම  2015 වර්ෂයේ සිට 2021 අප්‍රේල් 07 දක්වා කාලය තුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය  විසින් පරික්ෂාවට ලක්කරන ලද  ආහාර වර්ග හෝ නිෂ්පාදන අතුරින්   පිළිකාකාරක අඩංගු බවට  තහවුරු වී තිබෙන ආහාර සම්බන්ධ තොරතුරු ද ඉල්ලා සිටි අතර   ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරික්ෂාවට ලක්කර මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වීමෙන් පසු තහනම් කරන ලද  ආහාර හා  නිෂ්පාදන සම්බන්ධයෙන් ද තොරතුරු ඉල්ලා සිටියත් මෙම තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම බරපතල ගැටලුවකි.

  විශේෂයෙන්ම නිරෝගිමත් ජනතාවක් සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් වන අහාර සම්බන්ධයෙන්  වූ කාරණා  තුලදී ඒ සම්බන්ධයෙන් නිසි තොරතුරු නොමැතිවීම මගින් පෙනී යන්නේ ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවයි. විශේෂයෙන්ම නීති ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව නිසි පර්යේෂණ හා දැනුවත්කිරීම් සඳහා ද විශ්ලේෂණය කරනු ලබන තොරතුරුවල අවශ්‍යතාවක් පැන නැගෙනු ඇත. මන්ද රටේ මහජනතාවට ශරීරයට අහිතකර, නුසුදුසු, නොගතයුතු  ආහාර  සම්බධයෙන් නිසි දැනුවත් වීමක් ලබාදීමට, ලබාගැනීමට හැක්කේ එම විශ්ලේෂණය කරන ලද තොරතුරුවලට අනුව වේ.

  කෙසේ නමුත් මේ සමබන්ධයෙන් කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසරික සෞඛ්‍ය ,වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශය භාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වැඩ ආවරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය වී .ටි .එස් කේ. සිරිවර්ධන මහතා කියා සිටියේ මේ ආකාරයෙන් තොරතුරු ඉල්ලා සිටි ආකාරයට ලබාදීමට මේ සම්බන්ධ තොරතුරු වර්ගීකරණයක් කර නොමැති බවත් එසේ වර්ගීකරණයක් සඳහා අවශ්‍යතාව පැන නැගුණේ මම තොරතුරු ඉල්ලීමෙන් පසුව බවත් අනාගතයේදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වර්ගීකරණය සඳහා කටයුතු කරන බවත් ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් ප්‍රකාශ කිරීමට තමාට නෛතික බලයක් නොමැති බව ද හෙතෙම කියා සිටියේ ය.

  මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටයේ ද මේ පිළිබඳ යම් වෙනස්කිරීම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කරන ලෙස නිලධාරීන් දැනුවත්කර තිබෙන බවයි. ” විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රශ්නේ මේ සඳහාම රසායනාගාර පහසුකම් නොමැති බවයි. නමුත් අපි ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් සකසා ක්‍රියාත්මක කරනවා ”

  කෙසේ නමුත් රටේ ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් බරපතල  ප්‍රශ්නයක් වන ශරීරයට අහිතකර ආහාර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් යම් හේතු සාධකයන් පදනම් කර ගනිමින් නිසි අයුරින් එය ක්‍රියාත්මක කර නොමැති බවයි මෙමගින් පෙනී යන්නේ. එමෙන්ම ආහාර පනත ක්‍රියාත්මක කිරීම මෙන්ම නිසි පර්යේෂණ කටයුතු කරමින් එ මගින් ජනතාවගේ ශරීරයට අහිතකර ආහාර තහනම් කරනවා සේ ම ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්කිරීම ද සිදුකළ යුතු නොවේ ද?

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *