පුවත්

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය පිළිබද තොරතුරු ඉල්ලීමක්

By In

ඉතා තරගකාරී විභාගයක් වන අ.පො.ස උසස්පෙළ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම පාහේ සිහිනයකි. ලංකාවේ උසස් අධ්‍යාපනයේ පවතින සීමා හේතුවෙන් සහ එහි ඇති ප්‍රමිතිය හේතුවෙන් ඒ සදහා ඇති වී ඇති ඉල්ලුම ඉතා ඉහළ අතර නිදහස් අධ්‍යාපනය පළ නෙළාගැනිමට හැකිවන්නේ ඉතා සුළු පිරිසකට පමණි.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් හදුන්වාදෙනු ලැබූ මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ තෝරාගත් උපාධි අපේක්ෂකයින් වෙත මාසිකව රුපියල් 5000ක මුදලක් ප්‍රධානය කෙරේ.

මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සදහා තෝරාගන්නා නිර්ණායක මොනවාද යන්න සහ රජයේ නොවන සේවකයින්ගේ දරුවන්ට පමණක් ශිෂ්‍යාධාර ලබාදීමට හේතුව විමසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ලැබී තිබිණි.

මහපොළ ශිෂ්‍යාධාර වැඩසටයන සදහා උපාධි අපේක්ෂකයින් තෝරාගන්නා වැඩපිළිවෙළ සහතික කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිතුරු ලෙස දන්වා තිබුණේ පවුලේ වාර්ශික ආදායම සහ උසස් පෙළ විභාගයේ දී ලබා ගන්නා ලද z අගය යන සාධක දෙක පමණක් මහපොළ ශිෂ්‍යාධාර ළබාගැනීමේදී නිර්ණායක ලෙස සලකා බලන බවයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *