අදාළ ශික්ෂණ රෝහල කර ඇති දැනුම්දීමක් පිළිබද තොරතුරු අයදුම්කරුවෙකුගේ අභියාචනයක් සලකා බලමින් තොරතුරු කොමිසම එම නියෝගය නිකුත් කර ඇත.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
පුරවැසියෙකු ද නැද්ද යන්න පිලිබද තොරතුරු අයදුම්පත්‍රයේ සටහන් කර තිබේ නම් තොරතුරු ලබාදිය යුතු බව තොරතුරු කොමිසම පේරාදෙණිය ශික්ෂණ රෝහලට නියෝග කර තිබේ.
තොරතුරු ලබා දීම සදහා අනන්‍යතාව තහවුරු කරන්නැයි පේරාදෙණිය ශික්ෂණ රෝහල අයදුම්කරුවෙක් වෙත කරන ලද දැනුම්දීමක් පිළිබද අභියායචනයක් සැළකිල්ලට ගනිමින් තොරතුරු කොමිසම එම නියෝගය නිකුත් කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක එම තොරතුරු ලබාදීම සදහා පුරවැසිභාවය තහවුරු කරන්නැයි ඉල්ලා සිටිය හැකි සීමිත අවස්ථා කීපය ට ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ එම දැනුම්දීම අදාළ නොවන බව ද එම නියෝගය මගින් අවදාරණය කර ඇත. RTI 1 අයදුම්පතෙහි ශ්‍රී ලාංකික පුරවැසියෙකු ද නැද්ද යන්න පිළිබඳ සටහන් කර තිබේ නම් ඒ අනුව තොරතුරු ලබාදිය යුතු බව තොරතුරු කොමිසම පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කර ඇති නියෝගයේ වැඩි දුරටත් සදහන්ව ඇත.
තොරතු කොමිසමේ සභාපති මහින්ද ගම්මන්පිල, සහ කිෂාලි පිංටෝ ජයවර්ධන, එස් ජී පුංචිහේවා, රෝහිණී වල්ගම යන කොමසාරිස්වරුන්ගේ අත්සනින් යුතුව 2021 අප්‍රේල් මස 20 දින එම නියෝගය නිකුත්කර ඇත.
පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව 2020 පෙබරවාරි 10 දින ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පත්‍රයකට අදාළ තොරතුරු ලබාදීම සඳහා අයදුම්කරුගෙන් පුරවැසිභාවය තහවුරු කරගැනීම සඳහා ජාතික හැදුනුම්පතෙහි පිටපතක් ඉල්ලා සිටීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත යොමු කළ අභියාචනාවක් සලකා බැලීමෙන් අනතුරුව.
පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් සායනික අපද්‍රව්‍ය බැහැරකිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේදී, එම තොරතුරු ලබාදීමට පුරවැසිභාවය තහවුරු කරගැනීමට ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ඉල්ලා සිටි අවස්ථාවක, ඒ සම්බන්ධයෙන් තොරතුරු පනතේ විධානයන්ට අනුව නම් කළ නිලධාරියා වන සෞඛ්‍ය අමාත්‍යංශයේ නම් කළ නිලධාරීයා වෙත සිදු කළ අභියාචනයකින් අනතුරුව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන II ) මගින් දන්වා සිටියේ අනන්‍යතාව තහවුරු කර අදාළ පිළිතුර ලබාගන්නා ලෙසයි.
මෙවන් පසුබිමක තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව මගින් 71/2021 යන අභියාචනා අංකය යටතේ සිදුකළ අබියාචනා විභාගයකින් අනතුරුව 2021.අප්‍රේල් මස 20 දින මෙම නියෝගය නිකුත් කර තිබේ. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ”කොමිසන් සභා රෙගුලාසි වල ( ගාස්තු හා අභියාචනා කාර්ය පටිපාටිය ,ගැසට් අංක 2004/66,2017.02.03) සඳහන් RTI 1 අයදුම්පත ප්‍රකාරව තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයා ශ්‍රී ලාංකික පුරවසියෙක් ද නැද්ද යන්න පමණක් සඳහන් කර සිටිය යුතු අතර එම ආකෘතියෙහි ඔව් හෝ නැත ලෙස සලකුණු කර සිටිය යුතු බව අවධාරණය වේ. තවද පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයාට දැන්විය හැකි වන්නේ සීමිත අවස්ථාවන්හි සාධාරණ හේතු මත පුරවැසිභාවය ප්‍රශ්න ගත වන අවස්ථාවන්හි පමණක් වේ. ” එමෙන්ම තොරතුරු ඉල්ලුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බවට ප්‍රයෝගික පදනම්ව පොදු අධිකාරියට සැකයක් ඇති තැනක් හැර, පුද්ගලයෙකු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමක් ඉල්ලා සිටින විට, පුරවැසිභාවය පිළිබඳ තහවුරු කිරීමක් අවශ්‍ය නොවන බව ද කොමිසන් සභාව මෙම නියෝගය මගින් අවධාරණය කර තිබේ.ඒ අනුව පොදු අධිකාරිය සන්තකයේ භාරයේ හෝ පාලනයේ පවතින තොරතුරුවලට අදාලව පිළිතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ද තොරතුරු කොමිසම මගින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගකර තිබේ.