පුවත්

පාසල් කෝවිල් වනසන මධුහල

By In

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රේන්දවල ග්‍රාමයේ පවතින ප්‍රාථමික පාසලකට සහ කෝවිලකට මැදිවන්නට මත්පැන් සැලක් කලක සිට පවත්වා ගෙන යනු ලබයි. මෙම මත් පැන්හල හේතුවෙන් මෙම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට විවිධාකාරවූ ගැටලු වලට මුහුණ  දීමට සිදුවේ.

මන්දයත් මෙම මත් පැන්හල පසුකර පාසල වෙත යාමට සිදුවේ.  මේ හේතුවෙන් පාසල් ළමයින් මත්පැන් ගැනීමට සහ බාහිර වැරදි ක්‍රියාවන් සඳහාද පෙළඹී ඇත. තවද පුජනිය ස්ථානයක් අසල, එනම් කෝවිලක් අසල මත්පැන් සැලක් පවත්වාගෙන යාම කොතරම් දුරට උචිත වේද? මෙමගින් සංස්කෘතික ගැටළු ඇති වී  ඇත. එසේම කෝවිලේ පවත්වනු ලබන විශේෂ උත්සව වලදී මෙම මත්පැන් සැලෙන් බාධා ඇතිවේ. තවදබිමත්පුද්ගලයන්ගේකරදරවලටදනිතැනින්වන්දනාකරුවන්මුහුණදෙනු දැකිය හැකි ය.

එසේම මෙම මත්පැන්හල හේතුවෙන් ප්‍රදේශයේ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවීම, පවුල් ආරවුල් ඇතිවීම, මානසික තෘප්තිය අහිමිවීම, ආර්ථික පරිහානිය, සමගිය බිදවැටීම ආදිය සිදුවේ.  මෙය මේ ප්‍රදේශයේ බොහෝ දෙනාහට සමාජමය ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ඒ සඳහා විවිධාකාර විසඳුම් සඳහා ඔවුන් උත්සාහ කරනු ලැබුවත් ප්‍රදේශයේ  ප්‍රභූ පිරිසකගේ බලපෑම් නිසා ඒ සියල්ල මගහැරි යන්නට විය.

මේ අතරතුර තොරතුරු දැනගැනීමේ පනත පිලිබඳ දැනුවත්වූ අයෙක් විසින් මේ ගැටලුව පිලිබන්ඳව තොරතුරු අයදුම්පතක් යොමුකරීමට කටයුතු කරන ලදී. මෙහිදී පාසල සහ මෙම මත්පැන් හල අතර ඇති දුර ඇතුළු ප්‍රශ්න කීපයක් ඇය විසින් යොමු කොට තිබුණි.

තොරතුරු අයදුම්පත් යොමුකොට මසකින් පමණ මේ සඳහා පිළිතුරු ඇය වෙත ලැබී තිබිණි. මෙහිදී ඇය යොමුකල ප්‍රශ්න වලින් පිළිතුරු ලැබෙන්නේ එක් ප්‍රශ්නයක් සඳහා පමණි. ඒ පාසලේ සිට මත්පැන් හල දක්වා ඇති දුර මීටර් 100ක් ලෙස පවතී යන්න පමණි. මේ පිළිබද තොරතුරු පනත ඔස්සේ අවස්ථා දෙකකදී විමසනු ලැබුවත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරිට .

ඉල්ලුම්කරැ සැහීමකට පත්වීමට තරම් පිළිතුරු ලැබුණේ නැත. මෙය තොරතුරු නිලධාරියා තම රාජකාරිය පැහැර හැරීමක් ලෙස දැක්විය හැකිය. මේ සඳහා අදාළ බලධාරීන් නිසිපියවර ගන්නා ලෙස මෙයින් අවධාරණය කරනු ලබයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

 

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *