පුවත්

පාසල් කෝවිල් වනසන මධුහල

By In

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රේන්දවල ග්‍රාමයේ පවතින ප්‍රාථමික පාසලකට සහ කෝවිලකට මැදිවන්නට මත්පැන් සැලක් කලක සිට පවත්වා ගෙන යනු ලබයි. මෙම මත් පැන්හල හේතුවෙන් මෙම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට විවිධාකාරවූ ගැටලු වලට මුහුණ  දීමට සිදුවේ.

මන්දයත් මෙම මත් පැන්හල පසුකර පාසල වෙත යාමට සිදුවේ.  මේ හේතුවෙන් පාසල් ළමයින් මත්පැන් ගැනීමට සහ බාහිර වැරදි ක්‍රියාවන් සඳහාද පෙළඹී ඇත. තවද පුජනිය ස්ථානයක් අසල, එනම් කෝවිලක් අසල මත්පැන් සැලක් පවත්වාගෙන යාම කොතරම් දුරට උචිත වේද? මෙමගින් සංස්කෘතික ගැටළු ඇති වී  ඇත. එසේම කෝවිලේ පවත්වනු ලබන විශේෂ උත්සව වලදී මෙම මත්පැන් සැලෙන් බාධා ඇතිවේ. තවදබිමත්පුද්ගලයන්ගේකරදරවලටදනිතැනින්වන්දනාකරුවන්මුහුණදෙනු දැකිය හැකි ය.

එසේම මෙම මත්පැන්හල හේතුවෙන් ප්‍රදේශයේ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවීම, පවුල් ආරවුල් ඇතිවීම, මානසික තෘප්තිය අහිමිවීම, ආර්ථික පරිහානිය, සමගිය බිදවැටීම ආදිය සිදුවේ.  මෙය මේ ප්‍රදේශයේ බොහෝ දෙනාහට සමාජමය ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ඒ සඳහා විවිධාකාර විසඳුම් සඳහා ඔවුන් උත්සාහ කරනු ලැබුවත් ප්‍රදේශයේ  ප්‍රභූ පිරිසකගේ බලපෑම් නිසා ඒ සියල්ල මගහැරි යන්නට විය.

මේ අතරතුර තොරතුරු දැනගැනීමේ පනත පිලිබඳ දැනුවත්වූ අයෙක් විසින් මේ ගැටලුව පිලිබන්ඳව තොරතුරු අයදුම්පතක් යොමුකරීමට කටයුතු කරන ලදී. මෙහිදී පාසල සහ මෙම මත්පැන් හල අතර ඇති දුර ඇතුළු ප්‍රශ්න කීපයක් ඇය විසින් යොමු කොට තිබුණි.

තොරතුරු අයදුම්පත් යොමුකොට මසකින් පමණ මේ සඳහා පිළිතුරු ඇය වෙත ලැබී තිබිණි. මෙහිදී ඇය යොමුකල ප්‍රශ්න වලින් පිළිතුරු ලැබෙන්නේ එක් ප්‍රශ්නයක් සඳහා පමණි. ඒ පාසලේ සිට මත්පැන් හල දක්වා ඇති දුර මීටර් 100ක් ලෙස පවතී යන්න පමණි. මේ පිළිබද තොරතුරු පනත ඔස්සේ අවස්ථා දෙකකදී විමසනු ලැබුවත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරිට .

ඉල්ලුම්කරැ සැහීමකට පත්වීමට තරම් පිළිතුරු ලැබුණේ නැත. මෙය තොරතුරු නිලධාරියා තම රාජකාරිය පැහැර හැරීමක් ලෙස දැක්විය හැකිය. මේ සඳහා අදාළ බලධාරීන් නිසිපියවර ගන්නා ලෙස මෙයින් අවධාරණය කරනු ලබයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

 

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *