Social, ප්‍රකාශන

පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය අලුත්වැඩියාව සඳහා වියදම රුපියල් ලක්ෂ 71ක් !

By In
  • නිලාණි

පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වන මාදිවල නිවාස යෝජනා ක්‍රමයේ  අලුත්වැඩියා හා නඩත්තු වියදම් පසුගිය වසර තුන තුළ රුපියල් ලක්ෂ 71 ඉක්මවා ඇත.

රටේ  දිස්ත්‍රික්ක 25න්ම  තෝරා ගන්නා මන්ත්‍රිවරුන් සදහා වන ශ්‍රි ලංකාවේ  පාර්ලිමේන්තුව රටේ අගනුවර වන  ජයවර්ධනපුර නගරයේ පිහිටා ඇත. පාර්ලිමේන්තු  මන්ත්‍රිවරුන්  ව්‍යවස්ථාදායකය  ලෙස කටයුතු කරන අතර ඔවුනගේ රාජකාරිය ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍යය දුරකථන පහසුකම්, තැපැල් පහසුකම්, ලිපි ද්‍රව්‍ය, නවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම් ආදී ඇතැම් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා හිමිකම් ලබමින් ඇත. මේ ඔවුන්ට හිමි වැටුප් දිමනා සහ සෙසු වරප්‍රසාදවලට පරිභාහිරවය.

පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා මෙම සේවාව සපයනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි සේවා කාර්යාංශය විසිනි. මාදිවල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් ඇත. සෑම නිවසකම නිදන කාමර තුනක්, කෑම කාමරයක්ද, විසිත්ත කාමරයක් හා ගබඩා කාමරයක් ඇති අතර කාර්ය මණ්ඩල වැසිකිලි හා වාහන නැවැත්වීමේ පහසුකම්ද  ඇත. සෑම නිවසක්ම වර්ග අඩි 900 ක වපසරියක ඉදිකර ඇත.

 කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත මන්ත්‍රිවරුන් සඳහා සැසිවාර පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති දුෂ්කරතා හේතුවෙන් ඔවුන්ට නැවතී සැසිවාරයට පැමිණීම සඳහා මාදිවෙල නිවාස සංකීර්ණය ඉදිකර තිබේ. 1980 දශකයේ සිට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමට පැමිණෙන මන්ත්රීවරු රැඳී සිටියේ ශ්‍රාවස්ති මන්දිරයේය.

1994 වසරේ නිම කරන ලද මාදිවල නිවාස සංකීර්ණය තවමත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් පරිහරණය කරනු ලබයි. මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වැයවන වියදම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ විමසා බැලූ විට ඊට ප්‍රතිචාර දක්වමින් 2020, 2021 සහ 2022 වර්ෂවල මාදිවල නිවාස සංකීර්ණය නඩත්තු කිරීම සඳහා රුපියල් 72 ලක්ෂ 73 දහස් 781ක් වැය කර ඇති බව පාර්ලිමේන්තුව විසින් දන්වා ඇත.

මෙම වියදම ගොස් ඇත්තේ නිවාස නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා තීන්ත ආලේප කිරීම සඳහාය. 

2020 වසරේ නිවාස 65ක් සඳහා රුපියල් 35න් ලක්ෂ 9,798ක්ද, 2021 වසරේ නිවාස 64ක් සඳහා රුපියල් 25න් ලක්ෂ 65,675ක්ද, 2022 වසරේ නිවාස 58ක් සඳහා රුපියල් 11 ලක්ෂ 98,308ක්ද වැය කොට ඇත.

202020212022
නිවස නඩත්තු කිරීමේ , අලුත්වැඩියා කිරීමේ සහ පින්තාරු කිරීමේ පිරිවැය ( අවශ්‍යය ද්‍රව්‍ය සඳහා පමණක්)3,509,798.002,565,675.291,198,308.85
නිවාස ගණන656458
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *