Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 29 වැනි දින ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර පරණතන්ත්‍රි, ප්‍රවෘත්ති කර්තෘවරුන් ඇතුළුව මාධ්‍යවේදීන් හමුවිය. ජනමාධ්‍ය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කළ අතර, RTI කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI උපකාරක සේවාව (RTI Help Desk) ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ විය. 

ලේක් හවුස් ආයතනය යටතේ පවතින සිළුමිණ, දිනමිණ, ඩේලි නිව්ස්, තිනකරන් සහ සන්ඩේ ඔබ්සර්වර් යන පුවත් නියෝජනය කරමින් සියළු මාධ්‍යවේදීන් අප හා සම්බන්ධ විය. එම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කළ විට RTI ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී තොරතුරු ලබා ලබා ගැනීමේ ප්‍රායෝගික ගැටළු ඇති බව වැටහිණි. තවද, ඔවුන් පැවසුවේ මාධ්‍යවේදීන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් ප්‍රමාණවත් කාලයක් නොමැති බවද ඔහුගේ අදහස විය. එහිදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන්ට උපකාර කිරීමට සිටින බව පැවසූ අතර ඉදිරි අවස්ථාවන්හිදී RTI කණ්ඩායම සම්බන්ධ කරගන්නා බව ඔවුන්ගේ අදහස විය. 

මෙම සාකච්ඡාවට සහභාගී වූ බොහෝ මාධ්‍යවේදීන් RTI පිළිබඳව දැනුවත්ව සිටි නමුත් ඔවුන්ට අභියාචනා ක්‍රියාවලිය පිළිබඳව අඩු අවබෝධයක් ලබා ඇති බව ඔවුන් හා කතාබහේදී අපට අවබෝධ විය. එහිදී, අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධයෙන් RTI කණ්ඩායමේ සාමාජික නීතිඥ ෂලනි ප්‍රනාන්දු විසින් ඔවුන්ට පැහැදිලි කර දුන් අතර RTI කණ්ඩායමේ උපදේශිකා අශ්විනී නටේසන් විසින් ඊට වැඩි අදහස් එකතු කළේය.

ලේක් හවුස් ආයතනයෙහි සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහතා මෙම සැසියේ වටිනාකම සහභාගි වූවන්ට පැහැදිලි කළ අතර වැඩසටහන අවසාන කරමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් මහතා විසින් ස්තූති කතාව සිදු කළ අතර මාධ්‍යවේදීන්ව RTI භාවිතා කිරීමට දිරිමත් කරමින් වැඩසටහන නිමා කළේය. 

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *