බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි. දිනකට මගීන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් දුම්රිය ගමන් වාර තුන්සීයක පමණ මධ්‍ය අගයක කාල සටහනක් තුළ ගමනාගමනයේ යෙදෙන අතර මගීන්ට අමතරව තැපැල් හා භාණ්ඩු හුවමාරුවේ දී ද දුම්රිය සේවය දක්වන දායකත්වය ප්රමුඛ වෙයි. ශ්‍රී ලංකාව තුළ සමස්ත දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර එක් දහස් හයසියයේ සීමාව ද ඉක්මවා යන අතර ප්‍රධාන හා උප දුම්රිය පොළවල් සංඛ්‍යාව ද 350කට ආසන්න වේ. එහිදී දුම්රිය සේවය භාවිත කරන්නන් සඳහා අවශ්‍යය යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් ද දුම්රිය මෙහෙයුම්වල උසස් භාවිතයන් අනුගමනය කිරීමෙන් ද , මගීන්ගේ සුවපහසුව සහ තෘප්තිය ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ දුම්රිය ප්‍රවාහන සේවා සැපයීම එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු කිහිපයෙන් එකක් වේ. නමුත් එදිනෙදා රාජකාරී වෙනුවෙන් තම රැකියා කටයුතු වෙනුවෙනුත් තමන්ගේ පෞද්ගලික කටයුතු වෙනුවෙනුත් දුම්රිය සේවය පරිහරණය කරන පාරිභෝගික මගියන්ට දුම්රිය මැදිරි තුළ අත්විඳීමට ඇත්තේ සුවපහසු හෝ ගුණාත්මක තත්ත්වයන් නොවේ. ඝෝෂාකාරී අධික ශබ්දය , අවිධිමත් හා පිරිසිදුභාවය සනාථ කළ නොහැකි ආකාරයේ වෙළහෙළදාම් වලින් මෙන්ම විවිධ බෝවන ලෙඩ රෝග වලින් පවා යුක්ත රෝගීන් හා දරුවන් පවා සිඟමනේ යොදවා යාචක කටයුතුවල යෙදෙන තැනැත්තන්ගෙන් ද මගීන්ට සිදුවන අපහසුතාවය සුළු පටු නොවේ. එලිමහන් සංගීත ප්‍රසංගවල හා ආගමික සිද්ධස්ථාන වලින් පවා නිකුත් කරනු ලබන අධික සංඛ්‍යාත වලින් යුත් ශබ්ද තරංග වලට සීමා පනවා ඇති මෙවන් කාල වකවානුවක ඉතා කුඩා ඉඩක් තුළ ගමන් කරනා සිඟිති දරුවන්ගේ පවා කන් වලට දරා ගත නොහැකි ආකාරයෙන් වාද්‍ය භාණ්ඩ හැසිරවීම ගීත ගායනා කිරීම වැනි ක්‍රියාකාරකම් රැසකින් මගී ජනතාව පීඩාවට ලක්වෙති.නිරන්තරයෙන්ම මෙම කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවෙතත් , දුම්රිය බලධාරීන්ගෙන් හෝ වගකිවයුතු නිලධාරීන්ගෙන් නිසි නියාමනයක් මේ කටයුතු සම්බන්ධයෙන් සිදු නොවන බැවින් , මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදි. ඒ අනුව විමසීම පහත පරිදි විය.
“01 ) පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ සියලුම දුම්රිය ස්ථාන තුළ හා දුම්රිය ගමනාගමනයේ යෙදෙන විට දුම්රිය මැදිරි තුළ සිඟමන් යැඳීමට , ආධාර එකතු කිරීමට හා ජංගම වෙළෙඳුන් ලෙස ආහාර පානාදිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයක් වෙළඳාම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නීත්‍යානුකූලව අවසර ලබා දී තිබේද ?
02 ) එසේ අවසර ලබා දෙනු ලබන්නේ නම් ඒ සඳහා වලංගු වන , යාවත්කාලීන වූ නීතිය හෝ චක්‍රලේඛය හෝ නෛතික ප්රතිපාදනය කුමක්ද ?
03 ) ඉහත 1 හි සඳහන් ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී නැතිනම් මෙයාකාරයෙන් දෛනිකව සිඟමන් යදින්නන් , ආධාර එකතු කරන්නන් හා පාරිභෝගිකයන් හා දුම්රිය මගීන් අපහසුතාවයට පත්වෙන පරිදි වෙළඳාම් කටයුතු සිදු කරන්නන් හට එරෙහිව දුම්රිය මගින්ට නීත්‍යානුකූලව පියවර ගත හැකි ආකාරය කුමක්ද ?
මෙම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව , මතු දැක්වෙන කරුණු අනාවරණය විය.
ඒ අනුව දුම්රිය මැදිරි තුළ මගීන් ගමනාගමනයේ යෙදෙන විට , ඒ තුළ සිඟමන් යැඳීමට , ආධාර එකතු කිරීමට හා ජංගම වෙළෙඳුන් ලෙස ආහාර පානාදිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයක් වෙළඳාම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කිසිදු නීත්‍යානුකූල අවසානයක් ලබාදී නැති අතර එසේ උක්ත කාරණා සම්බන්ධයෙන් දුම්රිය මැදිරි තුළ එවැනි නීති විරෝධී ක්‍රියාවක් සිදු කරනු ලබන සෑම තැනැත්තෙකුම දුම්රිය වාණිජ රෙගුලාසි හා ඊට අදාළව බැඳුණු නෛතික තත්ත්වයන් මත වැරදි සිදු කරන පුද්ගලයන් වේ. වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු වන්නේ දුම්රිය ආඥා පනතේ දොළොස්වැනි වගන්තියට ප්‍රකාරව එවැනි ක්‍රියා දුම්රිය මඟීන් අපහසුතාවයට පත්කෙරෙන ගනයේ වැරදි ලෙස සැලකිය හැකි බවයි. කෙසේ වෙතත් අපහසුතාවයට පත්වන මගීන්ට මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයක නම් එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාටත් , ගමනාගමනයේ යෙදෙන ධාවනය වන දුම්රියක දී නම් එහි ප්‍රධාන දුම්රිය නියාමකවරයාටට හෝ දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයෙකුට හෝ ලිඛිතව පැමිණිලි කළ හැකිය. ප්‍රධාන වැරදි සිදු කරන තැනැත්තන් මාස තුනක සිර දඬුවමකට යටත් කල හැකි බව හෝ රුපියල් පනහක දඩයකට යටත් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තොරතුරු වල සඳහන්ව තිබුණත් , ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගත් පරිදි අදාළ නෛතික ප්‍රතිපාදන 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරීමේ පනත යටතේ සංශෝධනය කරමින් එම දඩ මුදල රුපියල් දහසකට නොඅඩු එහෙත් රුපියල් දෙදහසකට නොවැඩි විය යුතු බවට යාවත්කාලීන කර ඇත.
සංචාරක කර්මාන්තයේ සීග්‍ර ආදායම් වර්ධනයක් ලඟා කර ගැනීම සඳහා දක්වා එම ක්ෂේත්රය තුළ විවිධ සාධනීය වෙනස්කම් අපේක්ෂාවෙන් කටයුතු සැලසුම් කිරීම රජයේ සංවර්ධන උපාය මාර්ගවලින් ප්රමුඛස්ථානයක් ලබා ගනී. ඒ සඳහා විදේශකයන්ගේ ද සුවිශේෂී ආකර්ෂණයක් දිනාගෙන ඇති සුන්දර උඩරට දුම්රිය මාර්ගය ඇතුළු මෙරට සමස්ත දුම්රිය සේවය ලබාගන්නන්ට ගුණාත්මක , සුවපහසු හා සුරක්ෂිත සේවයක් භුක්ති විඳීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කටයුතු සලසා දීම වගකිවයුතු බලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඩිනමිව සිදුවිය යුත්තකි.
✍️ ජනක සුරංග