- 225න් 108ක් දිගටම මාදිවෙල; තවත් 11කට මාසික කුලී දීමනාව ලෙස රු. 75,000/- බැගින්
- නිවාස කුලී වෙනුවෙන් රු. මිලියන 26ක් ගෙවලා!
– ජනක සුරංග
ජනතා සේවයට සැදී පැහැදී සිටින මහජන නියෝජිතයන්ට සිය සේවා කටයුතු පහසුවෙන් කාර්යක්ෂමව සිදුකිරීමට පාර්ලිමේන්තුව මගින් විවිධ වරප්‍රසාද උරුම කර දී ඇත. නිල මන්ත්‍රී වැටුප්වලට අමතරව හිමි වන දීමනා අතරට දුරකථන, ඉන්ධන, ප්‍රවාහන, රියදුරු , සංග්‍රහ , ලිපි ද්රව්, තැපැල්, කාර්යාලීය පහසුකම් සඳහා ගෙවීම්ද ඇතුළත් වේ. මීට අමතරව විශේෂ වෛද්‍ය පහසුකම් පවපාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට ලබාදෙන්නේ, වඩා ඵලදායී හා කාර්යක්ෂම සේවයක් ජනතාවට සලසා දීමටය. තවද තීරුබදු රහිත වාහන බලපත්‍ර හා වෙනත් අතිරේක සහන රැසක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වේ. ඉහත පෙන්වා දී ඇති ලැබීම්වලට අමතරව මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පවුල්වල අයගේ නේවාසික පහසුකම් සඳහා කොළඹ අග නගරයේ පිහිටි මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි නිවාස 120ක ප්‍රමාණයකින් නිවාස 108ක් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද මන්ත්‍රීවරුන්ට වෙන්කර දෙන ලදි.
පසුගිය පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ කාලය පැමිණි මොහොත වන විට මාදිවෙල නේවාසික මන්ත්‍රීවරුන්ගේ තොරතුරු විමසා යොමු කරන ලද තොරතුරු අයදුම් පත්රයකට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් අදාළ මන්ත්‍රී නිවාස පරිහරණය කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිකුත් කරන ලදි. ඒ අනුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ගරු කරමින් ජනතා බදු මුදලින් නඩත්තුවන්නන් පිළිබඳව මෙසේ කරුණු අනාවරණය කර ගැනීමට හැකියාව ජනතාව සතුවීම සාධනීය ප්රවණතාවකි.
මෙම එක් එක් නිවාසවල බිම් ප්‍රමාණය වර්ග අඩි 900ක් වන අතර, නිදන කාමර 03ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ වාහන නවතා තැබීමේ ඉඩ පහසුකම් වලින්ද සමන්විත වේ. මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස, අනුමත සුදුසුකම් සහිත මන්ත්‍රීවරුන්ට තම ධුර කාලය තුළ භාවිත කිරීමට පදිංචිය සඳහා හිමිවන අතර, ඒ සඳහා නාමික දීමනාවක් ලෙස රු. 1000/-ක් පමණක් වූ සුළු කුලී මුදලක් අයකරනු ලැබේ. ඊට හේතුව වන්නේ 1993 සිට පැවත එන සංශෝධනයට ලක් නොකළ නෛතික ප්රතිපාදනයකි. තවද මෙකී නිවාසවල ජල , විදුලි හා දුරකථන බිල්පත් සඳහා තැන්පතු මුදල වන්නේ ද රු.1000ක් වැනි කාලීනව සංශෝධනය නොවූ ගාස්තුවකි. තවද මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නඩත්තු හා කළමනාකාරණ කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා කාර්යංශයෙනි. ඉහත කී මන්ත්‍රී නිවාස කුලී මුදල රු.5000/-ක් දක්වා වැඩි කිරීමට වූ යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක කාර්යංශය වෙත ඉදිරිපත් කිරීමට පසුගිය රජය සමයේ සාකච්ඡා විය. කෙසේ නමුත් ආසන්නතම පාර්ලිමේන්තුවේ අදාළ නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
මීට අමතරව නිවාස ලබාදීමට නොහැකි වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 75,000/- බැගින් මාසික කුළී දීමනාවක් ගෙවීමට රජයට සිදුවූ අතර, එහි ඇතැම් මන්ත්‍රීවරුන්ට පසුගිය පාර්ලිමේන්තු වාර අවසානයේ තෙක්ම එම කුලී නිවාස දීමනාව ගෙවීමටත්, ඔවුන්ට කුලී නිවාසයක් සපයා දීමට හැකි වූ අවස්ථාවේදීම අදාළ ගෙවීම් අත්හිටුවීමටත් කටයුතු කර තිබේ. ඒ අනුව පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 260කට වඩා අධික මුදලක් මන්ත්‍රී කුලී නිවාස දීමනා ලෙස වැය කර ඇති බවට තොරතුරු ද අනාවරණය වේ. මතු දැක්වෙන්නේ එම දීමනාවන් පිළිබඳ තොරතුරු සාරාංශය යි.
පසුගිය පාර්ලිමේන්තුව මේ වන විට වාර අවසාන කර ඇති බැවින්, පවත්නා ගිවිසුම අනුව මන්ත්‍රීවරු තමන් පරිහරණය කරන ලද ඉහත නිවාස නැවත යථා පරිදි රජයට භාරදිය යුතුය. ඒවායේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදු කරමින් මනා ලෙස යළි සකස් කොට පිළිසකර කිරීමට රජය විසින් තීරණය කර තිබේ. එබැවින් 2024 වසරේ නොවැම්බර් 14 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසුව නොබෝ දිනකින් යළි කැඳවනු ලබන අභිනව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් බහුතරයක් මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නැවුම් සුවපත් නේවාසිකයන් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.