පුවත්

දැවි තෙල් නොමැති නිසා ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බලාගාර හතරක් විටින් විට අක්‍රීය වෙලා…

By In

වර්තමානයේ දේශපාලනිකමය වශයෙන් සහ විශේෂයෙන් ම ආර්ථිකමය අතින් ශ්‍රී ලංකාව මුහුණපා සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙහි යතාර්ථය මේ වන විට ඕනෑම තරාතිරමක ශ්‍රී ලාංකික පුරවැසියන් ප්‍රායෝගිකව අත්විඳිනු ඇත​. දිනෙන් දින රට තුළ ඉහළ යන උද්ධමනයත්, විදේශ මුදල් සංචිත ක්‍ෂය වීම නිසා ආනයන සීමා කිරීමට සිදු වීමත් නිසා මේ වන විට මෙරට බොහෝ ක්‍ෂේත්‍රයන් අකාර්‍යක්‍ෂම වීමටත්, ක්‍රම ක්‍රමයෙන් අක්‍රීය තත්ත්වයට පත් වීමටත් ඇරැඹී ඇති බව විමසිල්ලෙන් සමාජය දෙස බලන ඔනෑම අයෙකුට ක්‍ෂණයකින් පෙනී යනු ඇති. 

විශේෂයෙන් මේ වන විට මෙරටට ගෙන එනු ලබන ඉන්ධන තොග නිශ්කාෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ මුදල් නොමැති කම හේතුවෙන් සමස්ත දිවයිනෙහි ම ඉන්ධන අවශ්‍යතාවය පූරණය කරගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලාංකිකයින් හට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමට ය. මන් ද ඒ හා සමඟ ම ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහනය සහ බලශක්තිය යන ද්විත්වය ම අතරමඟ නැවතීම නිසා මහජනතාවගේ පුද්ගලික කටයුතු මෙන්ම වෘත්තීයමය සහ කර්මාන්ත යන ක්‍ෂේත්‍රයන් සියල්ලක් ම හිටි අඩියේ අඩාල වීම ඇරැඹී ඇත​.  

මෙම තත්ත්වය බලශක්ති ජනනය සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස බලපෑ අතර මහජන උපයෝගීතා කොමිසමෙහි අනුමැතිය මත ලංකා විදුලිබල මණ්ඩලය විසින් දෛනිකව කාලසටහනකට අනුගතව විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට කටයුතු කරන ලදී. මෙරටට ඉන්ධන තොග රැගෙන එන සෑම වරෙකම ප්‍රවාහනයට හා බලශක්ති ජනනයට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන් ධන නිකුත් කිරීමට කටයුතු කර තිබු අතර ඒ අනුව මෙරට තාප විදුලි බලාගාර සඳහා කොපමණ ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති ද යන්න සහ එම එක් එක් බලාගාරවල දෛනික ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් විමසීමට අප විසින් කටයුතු කරන ලදී. 

ඔවුන් විසින් දක්වන ලද ප්‍රතිචාරයට අනුව​, මෙරට තාප විදුලි බලාගාරවල දෛනික ඉන්ධන අවශ්‍යතාවය පහත පරිදි වේ.  

මෙහි දී ප්‍රමාණවත් තරම් දැවි තෙල් නොමැති වීම හේතුවෙන් මෙරට ඇතැම් විදුලි බලාගාර විටින් විට අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට පුවත් සංසරණය වූයෙන් ඒ පිළිබඳව ද අප විසින් අදාළ තොරතුරු දැනගැනීමේ අයදුම්පත ඔස්සේ විමසනු ලැබිණි. ඒ අනුව 2022.01.01 දින සිට 2022.03.10 යන කාලසීමාව ඇතුළත විටින් විට අක්‍රීය වූ බලාගාරවල තොරතුරු පහත පරිදි වේ.

මේ අතර දැවි තෙල් නිමැති වීම නිසා දෛනිකව ඇති වන විදුලි හිඟය ද අප විමසන ලදී. (01.01.2022 දින සිට 04.03.2022 දින දක්වා)

මීට අමතරව, 01.01.2022 දින සිට 04.03.2022 දින දක්වා කාලය තුළ මෙරට විදුලි බලාගාර වෙත ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කරන ලද දැවි තෙල් ප්‍රමාණයන් පහත පරිදි සඳහන් කර එවා ඇත​. 

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *