පුවත්

තොරතුරු ලබා දීමට සහතික කරන ලද හැදුනුම්පත් පිටපතක් ඉල්ලයි

By In

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත මගින් පොදු අධිකාරීන් සතුව පවතින තොරතුරු වෙත ප්‍රවේශ වීම සදහා සාමාන්‍යය ජනතාවට ඉඩකඩ විවර වී ඇත. පනත තුළ 05 වන වගන්තිය යටතේ විස්තර කර ඇති තොරතුරු ප්‍රතික්ෂේප කළ හැකි සුවිශේෂී හේතු හැරුණුකොට පුරවැසියන් ඉල්ලා සිටින තොරතුරු ලබා දීමට පොදු අධිකාරීන් බැදී සිටියි. යම් ආකාරකින් මහජන මුදල් භාවිත වන රාජ්‍ය හෝ අර්ධරාජ්‍ය ආයතන පොදු අධිකාරීන් පනත තුළ හඳුන්වා දී ඇති අතර මෙම අධිකාරීන්හි මැදිහත්වීමක් සහිත තොරතුරු ජනතාවට ලබා ගත හැකිය.

උපරිම ලෙස තොරතුරු අනාවරණය කිරීමේ මූලධර්මය මත තොරතුරු පනත නිර්මාණය වී ඇති අතර මෙමගින් පුරවැසියන්ට එදිනෙදා ජීවිතයේ දී බලපෑම් ඇතිකරන තොරතුරු පහසුවෙන් ලබාගත හැකිය. මෙහිදී තොරතුරු ඉල්ලා සිටීම සඳහා තොරතුරු නිශ්චිතව දැක්වීම ප්‍රමාණවත් වන අතර තොරතුරු අවශ්‍ය කුමන හේතුවක් සඳහාද යන්න හෝ වෙනත් කිසිදු තොරතුරක් ලබා දීම අනවශ්‍ය ය. තොරතුරු පනතෙන් විස්තර කර ඇති පොදු අධිකාරීන් යටතට ගැනෙන ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය පුරවැසියන්ගේ දෛනික ජීවිතයට ඉතා සමීප සේවාවක් සපයයි. මෙම වර්ෂයේ මුල්භාගයේ ඇතිවූ විදුලිබල හිඟය මෙරට ජනතාව දැඩි ලෙස පීිඩාවට පත්කරන ලද අතර මෑතකාලයේ ආරම්භ වූ සූර්ය බලශක්ති වැඩසටහන මඟින් ද ප්‍රමාණවත් දායකත්වයක් සපයන බවක් නොපෙනිණි. මෙරට පුරවැසියන් වශයෙන් උක්ත ගැටලුව පිළිබඳ විමසා අප විසින් ශ්‍ලංකා විදුලිබල මණ්ඩලයට තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමක් සිදුකරන ලදී.

අප ඉල්ලා සිටිනලද තොරතුරු විදුලිබල මණ්ඩලයේ අංශ කිහිපයකට අයත් තොරතුරු බැවින් ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරියා විසින් අපගේ ඉල්ලීම අදාළ අංශවෙත යොමුකර තිබිණි.  එම අංශ මඟින් අපවෙත එවනලද ලිපි මඟින් දන්වා තිබුණේ ඉල්ලා සිටින තොරතුරු දින 14ක් තුළ ලබාදීමට කටයුතු කරන බවයි. ලංකා විදුලිබල මණ්ඩළයේ වාණිජ හා ආයතනික අංශයෙන් අපවෙත එවන ලද ලිපියෙහි විශේෂ සටහනක් ලෙස සඳහන්කර තිබුණේ අදාළ තොරතුරු ලබා දීම සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ නීතිඥයෙකු විසින් සහතික කරන ලද ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ලැබීමට සලස්වන ලෙසයි.

තොරතුරු දැනගැනීමේ පනත තුළ 24 වන වගන්තියේ 5(ඈ) කොටසේ දක්වා ඇති පරිදි තොරතුරු ලබා දීම සදහා ඉල්ලුම්කරු සම්බන්ධකරගතහැකි විස්තර දැක්වීම ප්‍රමාණවත් වන අතර වෙනත් අමතර විස්තර අවශ්‍ය නොවේ. මේ නිසා විදුලිබල මණ්ඩලයේ එම අංශයෙන් අප වෙත කරනලද ඉල්ලීම පිළිබඳ අප විමතියට පත්වීමු.

මේ පිළිබඳව දන්වා අප විදුලිබල මණ්ඩලයේ අදාළ අංශය වෙත ලිපියක් යොමු කර ඇත. අප විසින් ඉල්ලා සිටිනලද තොරතුරු අමතර පියවරවලින් තොරව අප වෙත ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. තොරතුරු දැනගැනීමේ පනත භාවිතයේ දී ඇතිය්‍වන මෙවැනි සංකීර්ණතා මඟහරවා ගැනීම සඳහා පනත වැඩි වශයෙන් භාවිත කිරීම ද වැදගත් වේ.

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *