පුවත්

තොරතුරු පනතින් හෙළි කරගත් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ

By In

රිෆ්දි අලි 

 දෛනිකව අප රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය තීව්‍ර වෙමින් පවතී. ඒ හේතුවෙන් දිනෙන් දින අප රටේ සිදු වන  කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.  

දෛනිකව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මෙම මරණ සම් බන්ධ තොරතුරු සහ නිවේදන  ජනගත කිරීම සඳහා සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කටයුතු කරයි.  

කෙසේ නමුත් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධ කිසිඳු සංඛ්‍යා දත්ත වාර්තාවක් මහජනතාවට ප්‍රසිද්ධියට පත් කර නොමැත​. 

එහෙයින් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදු වූ කොවිඩ් මරණ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු 05 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මෙම  ඉල්ලීමට ප්‍රතිචාර දක්වන ලෙස නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විසින් අමාත්‍යාංශය යටතේ එවකට වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදාත් සමරවීර මහතාට  උපදෙස් දී තිබේ. 

කෙසේ වෙතත්, ඉල්ලීම කළ මාසය තුළ එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. එබැවින් 2021 අප්‍රේල් මස මැද භාගයේදී එවකට බෝවන රෝග පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂව සිටි වෛද්‍ය සුදත් සමරවීරමහතාගේ අවධානයට මෙම කාරණය යොමු කරන ලදී.  

අදාළ අයදුම්පතට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවට ඔහු පොරොන්දු වුවද, කොවිඩ් -19  තුන්වන රැල්ල පැනනැගීමෙන් පසු රට තුළ පැනවූ සංචාරක සීමාවන් හේතුවෙන් ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණි. ​ 

මෙම සන්දර්භය තුළ, එකී තොරතුරු අයදුම්පතට, 2021 ජුනි 8 වන දින එවකට බෝවන රෝග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් විද්‍යුත් තැපෑල මගින් පිළිතුරු සපයන ලදී.  

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කොවිඩ් -19 මරණවලින් සියයට 80 කට වඩා සිදුවී ඇත්තේ වෙනත් රෝග වල බලපෑම නිසා බවයි.  

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ 2021 මැයි 28 වන විට කොවිඩ් -19 නිසා පුද්ගලයින් 1,363 ක් මියගොස් ඇති අතර ඉන් 1,138 ක් වෙනත් රෝග හේතුවෙන් මියගොස් ඇති බවත් 196 ක් වෙනත් රෝගවලින් තොරව මිය ගොස් ඇති බවත් 29 දෙනෙකු වෙනත් රෝග තුබුණත් එහි මූලික බලපෑමකින් තොරවත් මිය ගොස් ඇති බවයි.   

වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කළ ආකාරයට 2021 මැයි 28 වනදා දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් -19 මරණ වලින් 625 ක් දියවැඩියා රෝගීන්, 583 ක් අධි රුධිර පීඩන රෝගීන්, 242 ක් හෘද රෝග සහ 227 ක් වකුගඩු රෝගීන් ය. 

තවද, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සපයන ලද දත්ත වලට අනුව, කොවිඩ් -19 ආසාදනය වූ  නිදන් ගත වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත වූ හෝමගම රෝහලේදී කොවිඩ් -19 මරණ 165 ක් සිදුවී ඇත. 

මීට අමතරව, කොවිඩ් ආසාදිත රෝගීන් 111 දෙනෙකු ජාතික බෝවන රෝග ආයතනයේ (IDH) ද​, ජාතික රෝහලේ 70 ක් ද​, මුල්ලෙරියාව මූලික රෝහලේ 69 ක් සහ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ 64 දෙනෙකු ද මියගොස් තිබේ.


මේ අතර, වාර්තා වී ඇති වැඩිම කොවිඩ් –  19  ගණන වූ මරණ 766ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර අවම  කොවිඩ් -19 මරණ ගණන වූ මරණ 09 ක් නැගෙනහිර පළාතේ වාර්තා වී තිබේ. ඉන් දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් -19 මරණ ගණනක් වාර්තා වී තිබේ. ඒ මරණ 403ක් වශයෙනි. 

එසේම, මැයි 28 වනදා දක්වා කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක වලින් කොවිඩ් -19 මරණ කිසිවක් වාර්තා වී නොමැත.

මේ අතර, කොවිඩ් -19 ආසාදිතයින් ගෙන්  950 ක් සිංහල, 245 මුවර්ස්, 157 ද්‍රවිඩ, 04 බර්ගර් සහ 07 විදේශිකයන් ය. කොවිඩ් -19 මරණ සංඛ්‍යාවට පිරිමි 814 ක් හා කාන්තාවන් 549 ක් ඇතුළත් වේ.

මීට අමතරව, කොවිඩ් -19 රෝගීන් 1,044 ක් රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවල මියගොස් ඇති අතර රෝහල්වලට ඇතුළත් කිරීමේදී 115 ක් මියගොස් තිබේ. එසේම, කොවිඩ් -19 රෝගීන් 195 දෙනෙකු නිවෙස්වල මියගොස් ඇති අතර, කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් වීදිවල සහ වෙනත් තැන්වල 09 දෙනෙකු මියගොස් තිබේ. 

මීට අමතරව, කොවිඩ් -19 මරණ වලින් 1,037 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 18 ක් වයස අවුරුදු 30 ට අඩු අය වන අතර 308 ක් වයස අවුරුදු 30 -59 අතර වේ.  

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *