පුවත්

තොරතුරු පණතින් පැන ඇසීම වරදක්ද?

By In

2016 දී මෙරට සම්මතවූ තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඕනෑම රාජ්‍ය ආයතනයකින්පොදු යහපත සඳහා වූ කරුණක් පිළිබද ප්‍රශ්න කල හැකිය. ඒ නිසාම තමන්ට තම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන්නට වන ගැටළු පිලිබඳ බොහෝ දෙනා මේ ඔස්සේ විමසීම දැකිය හැකි විය. ඒ විමසීම් තුලින් තම ගැටළු වලට විසදුම් ලබාගත් පිරිස් ද බොහෝ ය.

නමුත් මැතකදී තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ කළුතර කැලිඩෝ වෙරළ තීරය පිලිබඳ විමසීමක් කල පුද්ගලයෙකුට මැතකදී කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉතා අපුරු පිළිතුරක් ලැබී තිබිණි. “ඔබගේ ඉල්ලීම ප්‍රශ්න ස්වරූපයෙන් ඉරිදිපත් කර ඇති බැවින් මෙම තොරතුරු ලබාදීමට නොහැකි බව කාරුණික දන්වා සිටිමි” ලෙසට පිළිතුරු ලැබී තිබිණි. කැලිඩෝ වෙරළ තීරයේ පාරිසරික ගැටළු පිළිබඳ මෙම තොරතුරු අයදුම්පත යොමු කොට තිබිණි. මෙහිදී කළුතර කැලිඩෝ වෙරළ තීරයේ වර්තමානය වන විට උද්ගතව ඇති තත්ත්වයට හේතු සාධක,මේ වන විට සිදුව ඇති පාරිසරික හානිය පිලිබඳ කර ඇති තක්සේරුව, මෙම තත්ත්වය වැලක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මෙම තත්ත්වය වැලක්වීමට ගෙන ඇති ඉදිරි සැලසුම් මොනවා ද ආදී ලෙසට තොරතුරු ඉල්ලීම් අයදුම්පත තුළ අන්තර්ගත විය.

තොරතුරු නිලධාරියෙකු ලෙස මෙලෙස තොරතුරු ප්‍රතික්ෂේප කල හැකිද? මෙසේ පිළිතුරු ලබාදීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු දැක්වීම තොරතුරු නිලධාරියාගේ වගකීම නොවේද? මෙය තොරතුරු පනතට අනුකුලවේද?

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

 

පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *