පුවත්

තොරතුරු පණතින් පැන ඇසීම වරදක්ද?

By In

2016 දී මෙරට සම්මතවූ තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඕනෑම රාජ්‍ය ආයතනයකින්පොදු යහපත සඳහා වූ කරුණක් පිළිබද ප්‍රශ්න කල හැකිය. ඒ නිසාම තමන්ට තම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන්නට වන ගැටළු පිලිබඳ බොහෝ දෙනා මේ ඔස්සේ විමසීම දැකිය හැකි විය. ඒ විමසීම් තුලින් තම ගැටළු වලට විසදුම් ලබාගත් පිරිස් ද බොහෝ ය.

නමුත් මැතකදී තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ කළුතර කැලිඩෝ වෙරළ තීරය පිලිබඳ විමසීමක් කල පුද්ගලයෙකුට මැතකදී කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉතා අපුරු පිළිතුරක් ලැබී තිබිණි. “ඔබගේ ඉල්ලීම ප්‍රශ්න ස්වරූපයෙන් ඉරිදිපත් කර ඇති බැවින් මෙම තොරතුරු ලබාදීමට නොහැකි බව කාරුණික දන්වා සිටිමි” ලෙසට පිළිතුරු ලැබී තිබිණි. කැලිඩෝ වෙරළ තීරයේ පාරිසරික ගැටළු පිළිබඳ මෙම තොරතුරු අයදුම්පත යොමු කොට තිබිණි. මෙහිදී කළුතර කැලිඩෝ වෙරළ තීරයේ වර්තමානය වන විට උද්ගතව ඇති තත්ත්වයට හේතු සාධක,මේ වන විට සිදුව ඇති පාරිසරික හානිය පිලිබඳ කර ඇති තක්සේරුව, මෙම තත්ත්වය වැලක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මෙම තත්ත්වය වැලක්වීමට ගෙන ඇති ඉදිරි සැලසුම් මොනවා ද ආදී ලෙසට තොරතුරු ඉල්ලීම් අයදුම්පත තුළ අන්තර්ගත විය.

තොරතුරු නිලධාරියෙකු ලෙස මෙලෙස තොරතුරු ප්‍රතික්ෂේප කල හැකිද? මෙසේ පිළිතුරු ලබාදීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු දැක්වීම තොරතුරු නිලධාරියාගේ වගකීම නොවේද? මෙය තොරතුරු පනතට අනුකුලවේද?

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

 

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *