Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- හැටන්

By In
  • නුවරඑළිය දිස්ත්‍රික්කය

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හයවන පුහුණු වැඩසටහන මාර්තු මස 06 දින හැටන් ලා ඇඩම්ස් හෝටල් පරීශ්‍රයේ පවත්වන ලදී. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනෙකු වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය සහ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා, ඒ.එම්.නහියා (කොමසාරිස්) යන කොමසාරිස්වරුන් සහ වීරකේසරී පුවත්පතේ උප කතෘ සිවලිංගම් සිවකුමාරන් ඇතුළු සියළුදෙනා මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස එක්ව සිටියහ.

මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සඳහා මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කළ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන්ට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඒ.එම්.නහියා විසින් RTI සම්බන්ධ මූලික කරුණු පිළිබඳව සිය ඉදිරිපත් කිරීම සිදු කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI මාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකාවක් වන සිවලිංගම් සිවකුමාරන් විසින් RTI භාවිතා කරමින් නුවරඑළි මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව කොමසාරිස්වරුන් දැනුවත් කළාය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස් වරුන් තිදෙනා ප්‍රශ්නෝත්තර සැසියට සහභාගි වී වැඩුමුළුවේ මාධ්‍යවේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ගැටළු සදහා පිළිතුරු ලබා දුන්නේය.

එහිදී, නීතිය පාවිච්චි කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට විසඳුම් ලබා දුන් අතර අභියාචනා නියමිත වේලාවට ගොනු කරන ලෙසත්, නියම කර ඇති කාලය තුළ පොදු අධිකාරීන් ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන ලෙසත් ඔවුන්  නියෝග කළේය.

මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ සංවිධානය වන්නකි.

Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

By In
Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

By In
Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහුණු සැසිය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *