- පුත්තලම් දිස්ත්‍රික්කය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන වැඩසටහන අප්‍රේල් 28 දින පුත්තලම් දිස්ත්‍රික්කයේ ෆා ඉන් විලේජ් හෝටල් පරීශ්‍රයේදී පවත්වන ලදී.
මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වූ 2022 දෙසැම්බර් මස 07 වන දින පවත්වන ලද මූලික පුහුණුවට සහභාගී වූවන් පසු විපරම් වැඩමුළුවට සහභාගී විය.මුලික වැඩමුළුවේදී බෙදාගත් සහ ඉදිරිපත් කරන ලද දැනුමේ සහ එහි ප්‍රායෝගික භාවිතයේ ඵලදායිතාවය පරීක්ෂා කිරීම සහ මැන බැලීමේ අරමුණින් පළමු වැඩමුළුවට මීට පෙර සහභාගී වූ මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් සඳහා පසු විපරමක් ලෙස වැඩමුළුවක් සංවිධානය කරන ලදී.එම පසු විපරම් වැඩමුළුවේදී පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භුක්ති විඳීමට සහ එම අයිතිවාසිකම ඵලදායී ලෙස භාවිතා කළ හැකි ආකාරය සාකච්ජා විය. එමගින් එම අයිතිවාසිකම භාවිතා කිරීමට පුරවැසියන් පෙළඹ වීමද සිදු විය.මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තොරතුරු ඉල්ලුම් පතක් සම්පූර්ණ කිරීමේදී උද්ගත වන ගැටළු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අභියාචනා ක්‍රියාවලියේ ක්‍රියාපටිපාටිය යන කරුණු ඇතුළත් කරගනිමින් “RTI ක්‍රියාපටිපාටිය තුළ ඇති අභියෝග” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීති පර්යේෂක නීතිඥ ෂලනි ප්‍රනාන්දු විසින් පළමු ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.එහිදී තොරතුරු දැනගැනීම පිළිබද කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම සිදු වන ආකාරය පිළිබදවද ඔවුන්ව දැනුවත් කිරීම සිදු විය.තොරතුරු ඉල්ලුම් පතක් පොදු අධිකාරියකට යොමු කිරීමෙන් පසු ඉන් ලබාගත් තොරතුරු මුල් කරගනිමින් ලිපියක් සකස්කරගන්නා ආකාරය පිළිබදව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදී, පර්යේෂක ආනන්ද ජයසේකර විසින් “සංවේදී දත්ත වාර්ථා කිරීම” යන තේමාව ඔස්සේ දෙවන ඉදිරිපත් කිරීම සිදු කෙරිණි.
මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ සංවිධානය වන්නකි.