Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

By In
  • ගාල්ල දිස්ත්‍රික්කය

තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන අප්‍රේල් 26 දින ගාල්ල දිස්ත්‍රික්කයේ හසාරා හෝටල් පරීශ්‍රයේදී පවත්වන ලදී. අප විසින් පවත්වන ලද පළමු වැඩමුළුව 2022 ඔක්තෝබර් 17 දින පැවැත්වූ අතර එදින පැමිණි මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සඳහා දෙවන වැඩමුළුව සංවිධානය කළේය. තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන්ට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තොරතුරු ඉල්ලුම් පතක් සම්පූර්ණ කිරීමේදී උද්ගත වන ගැටළු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අභියාචනා ක්‍රියාවලියේ ක්‍රියාපටිපාටිය යන කරුණු ඇතුළත් කරගනිමින් “RTI ක්‍රියාපටිපාටිය තුළ ඇති අභියෝග” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීති පර්යේෂක නීතිඥ ෂලනි ප්‍රනාන්දු විසින් පළමු ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. එහිදී තොරතුරු දැනගැනීම පිළිබද කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම සිදු වන ආකාරය පිළිබදවද ඔවුන්ව දැනුවත් කිරීම සිදු විය. තොරතුරු ඉල්ලුම් පතක් පොදු අධිකාරියකට යොමු කිරීමෙන් පසු ඉන් ලබාගත් තොරතුරු මුල් කරගනිමින් ලිපියක් සකස්කරගන්නා ආකාරය පිළිබදව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදී, පර්යේෂක ආනන්ද ජයසේකර විසින් “සංවේදී දත්ත වාර්ථා කිරීම” යන තේමාව ඔස්සේ දෙවන ඉදිරිපත් කිරීම සිදු කෙරිණි. මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ සංවිධානය වන්නකි.

Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

By In
Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

By In
Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහුණු සැසිය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *