Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහුණු සැසිය

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳ පුහුණු සැසියක් 2024 ජූලි මස 05 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක දිනේෂිකා ජයසේකර මෙනවියගේ මෙහෙයවීමෙන් මෙම පුහුණුව මව්බිම පුවත්පතේ සීමාවාසිකයින් ඉලක්ක කර ගනිමින් පවත්වන ලදි. මෙම පුහුණුව තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත, එහි ආරම්භය සහ ක්‍රියාත්මක කිරීම ආවරණය කරමින් එහි සවිස්තරාත්මක හැඳින්වීමක් සපයන ලදී.

තවද පුහුණු සැසිය තුළ, ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ යන්නෙහි නිර්වචන, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතියේ විශේෂාංග සහ RTI කොමිසමේ කාර්යභාරය, තොරතුරු යාන්ත්‍රණයේ ව්‍යුහය, තොරතුරු අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය (RTI 01) සහ අභියාචනා ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරන ලදි. RTI ඉල්ලීමක් කළ හැක්කේ කාටද? සහ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ කෙසේද? යන්න පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

තොරතුරු වෙත ප්‍රවේශ වීමේ මූලික අයිතිවාසිකම ලබා දීමෙන් පුරවැසියන් සවිබල ගැන්වීමේ දී RTI පනතේ වැදගත්කම පිළිබඳව මෙම සැසිය තුළ අවධාරනය කළ අතර, රාජ්‍ය ආයතන තුළ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද? යන්න පිළිබඳව ද සහභාගිවන්නන්ට මඟපෙන්වන ලදී. 

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *