පුවත්

තැපෑල අකුරට වැඩද ?

By In

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්
සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම නොයෙකුත්
අකටයුතුකම් පිළිබඳ ජනතා ප්‍රතිචාර සමාජ මාධ්‍යයන් තුළද විටෙක වේගයෙන් සංසරණය වන්නේ
පත්වන ඕනෑම රජයකට වඩා විනිවිද භාවයෙන් යුතු හා කාර්යක්ෂම , සුහදශීලී රාජ්‍ය සේවාවක්
සැපයීමේ ප්‍රතිපත්තිය සකස් කරලීමට ඕනෑ තරම් ප්‍රවේශයන් විවෘත කරමිනි.
සාම්ප්‍රදායික වුවත්, නූතන ලෝකයේ පවා තැපැල් සේවාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
මන්දයත් රාජකාරී හා නිල මට්ටමේ සියලු ලිපි , පාර්සල් සහ භාණ්ඩ බෙදා හැරීමේ සිට ජල , විදුලි
බිල්පත් ගෙවීම් , රථවාහන දඩ අයකරදීම් , විශ්‍රාම වැටුප් ගෙවීම , බැංකු හා රක්ෂණ සේවා කටයුතු
මෙන්ම මුදල් හුවමාරු කිරීම් , දේශිය හා ජාත්‍යන්තර වශයෙන් භාණ්ඩ බෙදාහැරීම් ඇතුළු අධිවේගී
තැපැල් සේවා රැසක් අද වන විට තැපැල් කාර්යාල හරහා මෙහෙයවෙන බැවිනි. විශේෂයෙන්
සාම්ප්‍රදායික මට්ටමේ සිට ඒවා නවීන ආකාරයට ගැළපෙන ලෙස පරිවර්තනය කිරීමට තැපැල්
දෙපාර්තුමේන්තුව සමත්වීම සුවිශේෂී කාරණයකි.1799 මුල්ම තැපැල් ගාස්තු හා තැපැල් රෙගුලාසි
නිකුත් විය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වත්මන් තොරතුරු අනුව, දිවයින පුරා තැපැල්
ප්‍රධාන තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල මෙන්ම ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල , වතු
නියෝජිත තැපැල් කාර්යාල , රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු තුළ ක්‍රියාත්මක වන තැපැල්
කාර්යාල 4700කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. මෙම ජාලයට පහත සඳහන් කාර්යාල
ප්‍රධාන වශයෙන් ඇතුළත් වේ.

ප්‍රධාන තැපැල් කාර්යාල – 652
උප තැපැල් කාර්යාල – 3354
වතු නියෝජිත තැපැල් කාර්යාල- 132

අර්බුදය ! – නියමිත වේලව ?


සමස්ත තැපැල් සේවාව තුළ සේවකයන් විසි දෙදහකට ආසන්න ප්‍රමාණයක් මේ වන
විට සේවය කරනු ලබයි. පසුගිය සමයේ තැපැල් සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර
මගින් සිය සේවා මුරය වාර්තා කිරීම සකස් කිරීමට රජය විසින් ගනු ලැබූ උත්සහයට
මුල් අවධියේම පද්ධතිය තුළින්ම දැඩි විරෝධයක් එල්ල විය. සේවක හිඟය මගින් සිය
සේවා කටයුතු ආවරණය කිරීමට බාධා ඇතිවීම , සේවකයින්ගේ අතිකාල දීමනා හා
වෙනත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම ඇගිලි සලකුණු යන්ත්‍ර සවිකිරීමට

විරෝධයක් පැමිණියද , නූතන ලෝකය තුළ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය හා
විනිවිද භාවය තහවුරු කිරීමට තාක්ෂණය භාවිත කිරීමට කිසිවිට විරුද්ධ විය නොහැක.
කෙසේ නමුත් ගුණාත්මක සේවයක් සැපයීම කෙරෙහි සේවකයන්ගේ පැමිණීම හා
පිටවීම වාර්තා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර හා ජනතාව තෘප්තිමත් වන
ආකාරයේ සේවාවක් ලබාදීමට එම ආයතන ප්‍රතිසංස්කරණය කිරීමද රජයේ වගකීමයි.
කෙසේ වෙතත් ප්‍රායෝගික ජීවිතයේදී තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල
වලින් සේවා කටයුතු ලබා ගැනීමට යන විට බොහෝ විට සවස 3.00 හා ඒ ආසන්න
වේලාවන් තුළදී ලියාපදිංචි ලිපි හා පාර්සල් භාර ගැනීම හා ලියාපදිංචි කිරීමට එහි
නිලධාරීන් මැලිකමක් දැක්වීම හා නැවත ඊළඟ දිනයේදී පැමිණෙන ලෙස දැනුම් දීමත් ,
බොහෝවිට ලිපි භාර නොගැනීමත් කාලාන්තරයක් තිස්සේ මහජනතාව මුහුණ දෙන
ගැටලුවකි. මෙය ග්‍රාමීය මට්ටමටත් වඩා කොළඹ කේන්ද්‍ර කරගත් වැදගත් රාජ්‍ය
හා වාණිජ ආයතන රැසක් ක්‍රියාත්මක වන පරිසරයක අත්විඳීමට ලැබීම තවත් පුදුම
සහගත කාරණයකි. විශේෂයෙන්ම කොළඹ සුප්‍රසිද්ධ දේශීය විදේශීය වශයෙන්
පිළිගත් සම්මන්ත්‍රණ ආයතනයක් අසල පිහිටි තැපැල් කාර්යාලයකදී පස්වරු 2:30වන
පසූ වි රැගෙන එන ලියාපදිංචි තැපෑලට යොමු කරන ලිපි හා පාර්සල් භාර ගැනීමට එහි
වගකිවිය යුතු නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම , මැළිවීම හා සේවය ලබා ගැනීමට
අත්‍යවශ්‍ය බව පාරිභෝගිකයන්ට පවසමින් විවිධ කොන්දේසි පනවා අපහසුතාවයට
පත් කිරීම නිරීක්ෂණය විය. සත්‍ය වශයෙන්ම සෙනසුරාදා දිනයන්හී ද ලියාපදිංචි ලිපි
භාර ගැනීම හා තැපැල් කාර්යාල වලින් සපයන වෙනත් සේවා ලබා ගැනීමේදී මුහුණ
පෑමට සිදුවන ගැටලු සහගත කරුණු මුල් කොටගෙන මේ අර්බුදය සම්බන්ධයෙන් සැබෑ
නෛතික තත්ත්වය විමසීම සඳහා ‘තැපැල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීන් වෙත
‘ තොරතුරු ඉල්ලීමක් යොමු කිරීමට කටයුතු කෙරිණි.


සැබෑ තත්ත්වය හා මහජනතාවගේ අයිතිය.!


ඒ අනුව , ඊට ප්‍රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තු විසින් සිදුකළ
තොරතුරු සැපයීමෙන් අනාවරණය වන්නේ සඳුදා දිනයේ සිට සෙනසුරාදා
දිනය දක්වාම පෙ.ව 8:00 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාවේ සියලුම තැපැල්
කාර්යාලවල ලියාපදිංචි ලිපි හා පාර්සල් භාර ගැනිම නීතිය බවයි. එපමණක්
නොව එකී භාරගන්නා ලිපි හා පාර්සල් ආදිය සඳහා නිල කුවිතාන්සියක්ද
නිකුත් කරනු ලැබිය යුතු බවයි. වැඩිදුරටත් සඳහන් කළ යුත්තේ
ව්‍යවස්ථාපිත නීතිය අනුව හිමිවන දිවා ආහාරය සඳහා වන විවේකය ලබා
ගැනීම ප.ව 12.00 සිට 1:00 දක්වා වූ කාලයක්ද හිමිවන බවය.

කෙසේ නමුත් , දිවයින පුරා පවතින තැපැල් කාර්යාල හා උප තැපැල්
කාර්යාල හා එහි ආයතන මගින් ප්‍රායෝගිකව පස්වර තුනෙන් පසු
ලියාපදිංච් ලිපි හා පාර්සල් භාර නොගන්නේ නම් හෝ සෙනසුරාදා දිනයේදී
පූර්ණ වශයෙන් රාජකාරී නොකරන්නේ නම් ඒ සඳහා පවතින නීතිය අනුව
තම විරෝධය පළ කරමින් කටයුතු කළ හැකි බව මේ අනුව ජනතාවට
තොරතුරු හෙළිදරව් වන අතරම , අදාළ මහජන අයිතිවාසිකම් නිසි ලෙස
භුක්ති විඳීමට සේවාලාභී ජනතාවට හැකි විය යුතුයි. කෙසේ වෙතත් මෙම
නෛතික තත්ත්වය තැපැල් කාර්යාල තුළ ප්‍රදර්ශනය කර ජනතාව දැනුවත්
කිරීමට වඩා දිවා ආහාර විවේක සඳහා රාජකාරී නතර කරන වේලාව
පිළිබඳව පමණක් දැනුවත් කර තිබීමට තැපැල් කාර්යාලවල පවතින දැන්වීම්
පුවරු වල ඉඩකඩ වෙන්කොට තිබීම ද අපට බොහෝ සේ දැක ගත හැකි
කාරණයකි.

හැරෙ තැපෑලෙන නොයාමට ම්…


සීඝ්‍ර සංවර්ධනයක් බලාපොරොත්තුවෙන් දියුණු වන රටක රාජ්‍ය සේවය
වඩා පුළුල් හා කාර්යක්ෂම විය යුතු බැවින් , වැඩ කරන පැය ගණන
අඩුකිරීම , ව්‍යාජ ලෙස අතිකාල නිර්මාණය කර ගැනීම හෝ මහජන සේවා
හා ප්‍රතිලාභ සැලසීමේදී අල්ලස සහ දූෂණයෙන් තොරව මනා විනිවිද
භාවයකින් යුතුව හැසිරවීමට රාජ්‍ය නිලධාරින් පෙළ ගැසිය යුත්තේය. එවිට
තැපැල් සේවයේ සොඳුරු බව ජනතා හද තුළ සැමදා පවතිනු ඇත.


-ජනක සුරංග ✍️

පුවත්

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි  ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…

By In
පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *