පුවත්

ගංවතුරෙන් පීඩිත ජනතාවට තොරතුරු පනතින් සහනයක් ලැබේද?

By In

1990 දශකයේ සිට නිසි පරිදි වැසි ජලය බැස නොයෑම හේතුවෙන් ඇතිවන ගංවතුර තත්ත්වයෙන් මාතර, හින්තැටිය මැද, ඩි. ඩි දහනායක මාවත හා ඊට සම්බන්ධ අතුරු මාවත් හි ජනතාව මහත් පීඩාවට පත්ව ඇති අතර එම ගැටලූ‍ව විසඳාගැනීම සඳහා තොරතුරු පනත උපයෝගි කර ගැනීමට හින්තැටියේ පදිංචි අබේසේකර මහතා ඉදිරිපත් විය. මෙම ගැටලූ‍ව විසඳාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගනිමින් වසර ගණනාවක් තිස්සේ ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාවට රජයෙන් යම් සුභදායි පිළිතුරක් ලබා ගනිමින් ඒ පිළිබද රජයේ නිලධාරීන්ගේ අවධානය යොමු කිරීම සදහා අවස්ථාව උදාකර ගැනීමට හැකිවු බව අබේසේකර මහතා පවසයි.

මාතර හින්තැටිය මැද ග‍්‍රාම නිලධාරී වසම, මාතර නගර සභා බල ප‍්‍රදේශයේ පිහිටි මාතර – කොළඹ අධිවේගී මාර්ගය වූ, අකුරැුස්සේ මාර්ගයේ, මාතර දෙසින් කි.මී.1.6 ක් එන විට දකුණු පසින් පිහිටා ඇත. ජනාකීර්ණ ප‍්‍රදේශයක් වූ මෙහි ජනගහනය 3500ක් ඉක්මවා ඇති බවත්,මෙමගින් වඩාත් දුක් විදිනුයේ කොස්ගොදරුප්ප, ගමගේවත්ත, මීගහකොරටුව, පාන්ගෙදරවත්ත හා පාරේගෙදර යන ප‍්‍රදේශයන්හි ජනතාව බව වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය. දීර්ඝ කාලයක් මුළුල්ලේ වැසි කාලවලදී ජලය බැස යාමට නිසි පරිදි කාණු පද්ධතියක් නොමැති වීම හේතුවෙන් ගංවතුර තත්ත්ව ඇති වීමෙන් මෙම ජනතාව මහත් පීඩාවට පත් වන බව විවිධ නිලධාරීන් දැනුවත් කරන ලදී. නමුත් කිසිදු සුභදායි පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වු බව අබේසේකර මහතා සඳහන් කරයි.

එමෙන්ම 2014 ඔක්තෝම්බර් අවසානයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වඩාත් පීඩාවට පත් වූ ජනතාව දැක බලා ගනිමින් සහන ලබා දීමට පැමිණි මැති ඇමතිවරුන් විවිධ යෝජනා ඉදිරිපත් වු බවත්, ඉන් පසු මෙයට ක්ෂණික විසදුම් සොයා මාතර නගරාධිපතිතුමා , මාර්ග සංවර්ධන නිලධාරී මහතා ඇතුළු පිරිසගේ මැදිහත් වීම මත ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ජා කර එම මාර්ගය දෙපස මායිම් තාප්ප ඉවත් කර එක පසෙකට අඩි 10 බැගින් පළල් කරමින් කාණු පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කළ බව ඒ මහතා පවසයි. පසුව මාර්ගය දෙපස මායිම් තාප්ප කඩා ඉවත්කර ඒ සඳහා තාවකාලික ආවරණ ලබා දීමෙන් අනතුරුව මාතර අකුරැුස්ස පාර දෙපස සිට යන විට දකුණු පැත්තේ පමණක් කාතුවක් තනා අවසන් වුවද අතුරු මාර්ග වලින් සම්බන්ධිත කාණු ඉදිරිකිරීම් සිදු නොවිය. පසුව එම මාර්ගය ගමනාගමනයට බාධා ඇති විය, නිසි පරිදි කාණු පද්ධතිය ඉදි නොවිය, ධාවනය වූ බස් රථය ධාවනය නොවුණි. නිවෙස් වල ආවරණය වූ තාප්ප තාවකාලික ආවරණයන් විය. මේ පිළිබඳ ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරියට, නාගරික සංවර්ධන, මහා මාර්ග අමාත්‍යංශ ස්ථිර ලේකම්තුමන්ලා වෙත මාතර මහා නගර සභාවට හා මාර්ග සංවර්ධන අධිකාරියට ලියාපදිංචි තැපෑලෙන් දැනුවත් කෙරුණු ආකාරය ඒ මහතා ප‍්‍රකාශ කරන ලදී. නමුත් එම කොන්ත‍්‍රාත්තුවේ විස්තර හෝ කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකි වී නොමැත.

2009 සිට රජයේ විවිධ නිලධාරීන් වෙත මේ පිළිබඳ ලිපි මගින් දැනුවත් කිරීම් සිදු කළද ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඔවුන්ට හැකි නොවුණි. තොරතුරු පනත සම්මතවීමත් සමඟ නැවතත් අබේසේකර මහතාගේ ක‍්‍රියාත්මක වු අතර, මාතර දිස්ත‍්‍රික් මහා ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී හට ඒ පිළිබඳ තොරතුරු ඉල්ලීමක් යොමු කරන ලදී. එහිදී ඔවුන් තොරතුරු පනත ප‍්‍රකාරව විවධ තොරතුරු ඉල්ලීම් කරන ලදී. වැසි ජලය බැස නොයෑම සම්බන්ධයෙන්ද ඒ අතර විමසීම් විය.

  • මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ක‍්‍රම සම්පාදන අධ්‍යක්ෂ යටතේ තොරතුරු ගොනුවක් පවතීද?
  • එසේ පවතී නම් එහි වර්තමාන තත්ත්තවය හා ගෙන ඇති ක‍්‍රියාමාර්ග
  • පොදු ජනතා ගැටළුව මාතර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සලකා බලන කාරණයක් ලෙස සටහන්ව ඇත්ද? මාතර මහනගර සභාවේ 2017- 2020 සිව් අවුරුදු සැලැස්ම මාතර දිස්ත‍්‍රික් ලේකම් යටතේ වුවක් ද
  • එසේ නම් එහි පිටපතක්
  • මෙම ගැටලූ‍ව විසදීමට යෝජිත ව්‍යපෘති යෝජනාවක් සකස් කර ඇත් නම් එහි පිටපතක්

ආදි වශයෙන් සමස්ත තොරතුරු පිළිබඳ ඉල්ලීමක් සිදුකිරීම මොවුන්ගේ පළමු පියවර විය. ඊට පිළිතුරු වශයෙන් මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකාර කමිටු වාර්තාව එහිදී සාකච්ඡුා කල සියලූ‍ කරුණු කාරණා පිළිබඳවත්, එහිදී ගත් තීරණ ඒවායෙහි වගකීම් පැවරී ඇති පුද්ගලයන් පිළිබඳ සියලූ‍ තොරතුරු ලබා දුන් බව ඒ මහතා සඳහන් කරයි.

මාර්ග සංවර්ධන අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දුන් තොරතුරු අනුව ඒ සඳහා ඇස්තිමේන්තු ගත මුදල රු.49,976,629.07 කි. ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල් අනුමත කරන ලද වැඩ නියෝගයේ වටිනාකම රු. 43,729,555.44ක් වන බව එහි සදහන් වු බව අබේසේකර මහතා පවසයි. එහි වැඩි දුරටත් සදහන් වී ඇත්තේ අදාල මාර්ගය මාතර මහා නගර සභාවට අයත් මාර්ගයක් වන අතර , මාර්ග සංවර්ධනය කිරීම සම්බන්ධව 2014 – 11- 20 දින මාතර නගරාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මාතර මහා නගර සභාවේදී මාර්ගය දෙපස පදිංචිකරුවන් සමඟ පැවති සාකච්ජාවේදී කඩා ඉවත් කරන ලද තාප්ප සහ ගොඩනැගිලි මාතර මහා නගර සභාවේ මැදිහත්වීමෙන් නැවත ඉදිකරදීමට එකඟ වූ බව මාතර, නගරාධිපතිතුමා ලිපියක් මගින් තහවුරු කර ඇති බවය. එම මාර්ගය සඳහා මඟ නැගුම මාර්ග සංවර්ධන හා යන්ත්‍රෝපකරණ සමාගම වෙත වැඩ නියෝග නිකුත් කර ඇත. එමෙන්ම මෙතෙක් ඉදි කල කොටස සඳහා සහතික කරන ලද බිල්පත්වල වටිනාකම රු. 14.315,235.45 ක් වන අතර 2015 වසරේ ප‍්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් වැඩ නතර කරන ලද බැවින් ඉතිරි ඉදිකිරීම් සඳහා මුදල් ඉතිරිව නැති බවත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන බවද ඉදිරියේදී ඉදිකිරීමක් පිළිබද උපදෙස් ලැබී නොමැති බවද වැඩි දුරටත් සඳහන් කර ඇති බව අබේසේකර මහතාට පිළිතුරු ලෙස ලබා ගැනීමට හැකි විය.

ඒ මහතා අවසන් වරට මාතර මහා නගර සභාවට ඉදිරිපත් කල තොරතුරු ඉල්ලීම අනුව තොරතුරු
ඉල්ලූ‍ම්පතට පිළිතුරු වශයෙන් ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ, විමධ්‍යගත ප‍්‍රතිපාදන යොදා හින්තැටිය මැද කොස්ගොදරුප්ප මාවත ෂ සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනාව මාතර මහා නගර සභාවේ සිව් අවුරුදු සැලැස්ම (2017- 2020* සඳහා ඇතුලත් කර ඇති බවත්, මෙහි ඉතිරි කොටසේ කටයුතු සඳහා රුපියල් මිලියන 3ක් පමණ විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් එය වඩාත් අසීරු කටයුත්තක් ඒ සඳහා මාතර මහා නගර සභාවේ සභා අරමුදල් යෙදවීමට අසීරු බවද කාරුණික වන ලෙසයි.

තොරතුරු පනත තුළින් මෙම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව මේ පිළිබද රජයේ අවධානය ලබා ගැනීමට හැකි වූ බවත් මෙම සංවර්ධන කටයුතු සඳහා විවිධ සාකච්ඡුාවන් ආරම්භ කිරීමද මේ වන විට ආරම්භ වී ඇත. නමුත් කාලයක සිට මේ දක්වාම මේ ජනතාව තවමත් පීඩාවට පත්වන බවත් මේ සඳහා යම් හෝ සාධාරණ විසදුමක් ලැබේ යැයි ඔවුන් තවමත් බලා සිටී.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *