පුවත්

කොන්ත්‍රාත්කරුගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් අෂ්රෆ් අනුස්මරණ රෝහලට මහල් හයක් අහිමි වෙයි.

By In

රිෆ්ති අලි

කල්මුණේ, අෂ්රෆ් අනුස්මරණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි සේවා අංශය වෙනුවෙන් ඉදි කෙරෙමින් තිබූ මහල් හයක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු, කොන්ත්‍රාත්කරු විසින් නියමිත කාලය තුළ ප්‍රමාණවත් ලෙස ඉදි කර නොතිබීම හේතුවෙන් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරන ලද අයදුම්පතක් අනුව  මෙම තොරතුරු මුදා හැර තිබේ.

අෂ්රෆ් අනුස්මරණ රෝහල පොතුවිල් සිට කල්මුනයි දක්වා අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සේවා සපයනු ලබයි. 

කලාපයේ ජනතාවට වඩාත් ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා කල්මුණේ  අෂ්රෆ් අනුස්මරණ රෝහලේ මහල් හයක හදිසි අනතුරු හා හදිසි ඒකකයක් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සහ රෝහලේ ලේ බැංකුව  විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි 17 වන දින එවකට සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. https://www.newsview.lk/2018/06/blog-post_601.html

ඒ අනුව, ගොඩනැගිල්ල ඉදිකිරීමේ වගකීම (කොන්ත්‍රාත්කරු) ලින්ක් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය විසින් 2018 අගෝස්තු 21 දින අනුමැතිය ලබා දෙන ලදී.

http://www.cabinetoffice.gov.lk/cab/index.pup?option];uPcom_content&view];uParticle&id];uP16&Itemid];uP49&lang];uPta&dID];uP9133

දින 735 කින් පමණ නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය 2018 ඔක්තෝබර් 12 වන දින නිල වශයෙන් වැඩ අරඹන ලදී. මෙම මහල් හයේ ගොඩනැගිල්ලේ පළමු මහල් දෙක ඉදිකිරීම සඳහා රුපියල් 926,548,232.30 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙන් කරන ලදී.

අෂ්රෆ් අනුස්මරණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය වෛද්‍ය රහුමාන් විසින් වර්ග අඩි 31,098 ක ඉඩම කොන්ත්‍රාත්කරුවන්ට (ලින්ක් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමට)  2018 නොවැම්බර් මස 2 වන දින භාර දෙන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රු. 182,885,646.46 (වැට් බද්ද හැර) කොන්ත්‍රාත්කරු ලින්ක් ඉංජිනේරු පුද්ගලික සමාගමට අත්තිකාරම් මුදලක් වශයෙන් ගෙවන ලදී. 

කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2019 මාර්තු 31 වන දින ආරම්භ විය. මෙම අවස්ථාවට එවකට රාජ්‍ය​ අමාත්‍ය ෆයිසාල් කාසිම් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

https://www.facebook.com/permalink.pup?story_fbid];uP570988753414824&id];uP394212504425784

මෙම සන්දර්භය තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු සඳහා අයදුම්පත් මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඉදිරිපත් කරන ලදී. 

එම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ඉල්ලීමට ඔවුන් ලබා දුන් පිළිතුරට අනුව​, 2019 අගෝස්තු 23 වන දින ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අදාළ පාර්ශවයන්ට දැනුම් දී තිබේ.

කොන්ත්‍රාත්කරුගේ ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නොවූ හෙයින් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශය සඳහා රෝහලේ මහල් හයක ගොඩනැගිල්ල ඉදිකිරීම නවතා දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අත්හිටුවීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) උපදෙස් මත ගනු ලැබූ බව සැලකිය යුතුය.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට අවසර ලබා දෙන ලෙස ලින්ක් ඉංජිනේරු සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

“ලංකා බැංකුවේ ණය සහයෝගිතා අංශයේ ආයතනික ශාඛාව හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති අත්තිකාරම් මුදල අය කර ගෙන තිබේ” යැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මේ අතර, කල්මුනායි අෂ්රෆ් අනුස්මරණ රෝහලේ එක්ස් කිරණ, පපුව, කථනය, මනෝචිකිත්සක සහ භෞත චිකිත්සක අංශ ඉදිකිරීම් කටයුතු සඳහා කඩා ඉවත්කර තිබුණි. 

මේ හේතුවෙන් රෝහල මේ වන විට කොරෝනා වයිරසය පැතිරීම මධ්‍යයේ ඉඩකඩ පිළිබඳ  විශාල අර්බුදයකට මුහුණ දී සිටී. 

“කෙසේ වෙතත්, රජය දැන් මෙවැනි දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අරමුදල් සැපයීම නවතා දමා තිබෙනවා. එනිසා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට නම් කැබිනට් මණ්ඩලයේ අවසරය නැවත ලබා ගත යුතුව තිබෙනවා ” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක් පැවසීය.

පුවත්

දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?

– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…

By In
පුවත්

2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !

– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී…

By In
පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සංදර්ශනයක් පමණක්ද?

– කේ. ප්‍රසන්නා තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක්, පසුගිය රජය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *