පුවත්

ඔබත් ව්‍යාජ පණිවුඩ වලට රැවටුණා ද​?

By In

ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් සිටින කාල වකවානුවකදී අපව ව්‍යාජ පුවත් වලට නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇති බව නොරහසකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය​ භාවිතා කරන පිරිස් එය අත්දැකීමේන් දන්නවා ඇත. උක්ත ව්‍යාජ පුවත් පැතිරවීමට යොදාගන්නා ප්‍රධාන මෘදුකාංගයන්ගෙන් එකක් වට්සැප් යෙදුම් මෘදුකාංගයයි (Mobile Application). ලෝකයේ ජංගම දුරකථන භාවිතා කරන අයගෙන් බිලියන දෙකකට ආසන්න පිරිසක් වට්සැප් මෘදුකාංගය භාවිතා කරති. එයිනුත් ශ්‍රී ලංකාවේ වට්සැප් මෘදුකාංගය භාවිතා කරන්නේ මිලියන තිස් දෙකකට ආසන්න පිරිසකි. එහිදී නාදුනන කණ්ඩායම් විසින් ඉතා සැළසුම් සහගතව වට්සැප් මගින් ව්‍යාජ ආයාචිත පණිවිඩ (Fake spam message) නිර්මාණය කර මිතුරන් අතර බෙදා හැරීමට සැළසුම් කරමින් ඔවුනොවුන්ගේ විනෝදාස්වාදය සපුරාගනී. තවත් සමහරු අන් අයගේ පෞද්ගලික තොරතුරු එකතු කරමින් සැරිසරති. 

උක්ත කාරණ​ය පිළිබද විමසා අප විසින්  2021/05/25 දින ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම (Sri Lanka Cert|cc ආයතනය) වෙත තොරතුරු දැනගැනීමේ අයදුම් පතක් යොමු කරනු ලැබිණි. එම අයදුම්පත යොමු කරමින් අප විමසුවේ ආයාචිත පුවත් (spam message) යනු කවරක්ද යන්නය. ඊට පිළිතුරු වශයෙන් සර්ට් ආයතනය අප වෙත යොමු කර ඇති පිළිතුරු ලිපියේ සදහන් වනුයේ ආයාචිත පුවත් බොහෝ විට ඔබ විසින් ඉල්ලුම් නොකරන තොග වශයෙන් ලැබෙන පණිවිඩ වන අතර මේවා බොහෝ විට වාණිජමය ස්වරූපයක් ගන්නා බවයි. බොහොමයක් මෙම පණිවිඩ ඔබගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින අතර සමහර අවස්ථා වලදී ඔබගේ මූල්‍ය තොරතුරු ද ඉල්ලා ඇති අවස්ථා තිබේ. බොහෝ අවස්ථා වලදී මේවා විද්‍යුත් තැපෑල මගින් ඔබට ලැබෙන අතර මෙවැනි පණිවිඩ විවෘත කිරීම මගින් ඔබගේ පරිගණකයට , ජංගම දුරකතනයට සහ අනෙකුත් ඩිජිටල් උපකරණ වලට අනිෂ්ට මෘදුකාංග ඇතුල්වීමේ හැකියාවක් ඇති බවත් පිළිතුරු ලිපියේ සදහන්ව තිබුණි. 

අප විසින් දෙවනුව යොමු කළ ප්‍රශ්නය වනුයේ 2020 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ව්‍යාජ ආයාචිත පුවත් හුවමාරු වීම සම්බන්දව වාර්ථා වී ඇති ද ? එසේ වාර්ථා වී ඇතිනම් එම දත්ත අපවෙත ලබා දෙන ලෙසය. ඊට සර්ට් ආයතනයේ පිළිතුර වූවේ සර්ට් ආයතනය මගින් ව්‍යාජ ආයාචිත පුවත් වශයෙන් වෙනම වර්ගීකරණයක් සිදු නොකරන අතර පහත දක්වා ඇති වගු සටහන පරිදි තොරතුරු රැස් කරන බවය.

                               2020 වර්ෂය

Incident TypeNo of Incident 
DDOS          1
Ransomware         18
Malicious software issue             9
Phone hacking           6
Scams      109
Phishing        15
Website compromise        76
Financial / email frauds        55
Intellectual property violation          1
Server compromised          1
Social media  14284
Other        35

ඊට අමතරව අප යොමු කළ තෙවන ප්‍රශ්නය වනුයේ උක්ත පණිවිඩ මගින් මහජනතාවට වන බලපෑම සම්බන්දව සර්ට් ආයතනය මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තිබේද යන්නය. ඊට ඔවුන් පිළිතුරු සකසා තිබුනේ මෙසේ. “ මේ සදහා ගත හැකි හොදම වැඩපිළිවෙල වනුයේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වන අතර අප ආයතනය මගින් විටෙන් විට මහජනතාව දැනුවත් කිරීමේ සැසි පවත්වන බවය.” 

තවද එම වැඩසටහන් සර්ට් ආයතනයේ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින අතර ඔවුන්ගේ වෙබ් පිටුව මගින් දැනට ඇති සයිබර් ආරක්ෂණ ගැටලු සම්බන්දව නිවේදනද නිකුත් කරන බව ඔවුන් අප වෙත එවූ පිළිතුරු ලිපියේ සදහන් වීය.

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *