පුවත්

ඉඩමේ අයිතිය ප්‍රාදේශීය සභාවට පවරා නොගැනීමෙන් කෝටි දෙක හමාරක් වැය කර හවූ රිදීගම වෙළද සංකීර්ණයෙන් ප්‍රයෝජනයක් නැහැ

By In

දැයට කිරුළ 2013 සංවර්ධන වැඩසටහන යටතේ කෝටි දෙක හමාරකට වැඩි මුදලක් වැය කරමින් ඉදිකෙරුණ කර කාමර 16කින් යුත් වෙළද සංකීර්ණය සදහා යොදගෙන් ඇති ඉඩමේ අයිතිය වසර 4ක පමණ කාලයක් තිස්සේ තමන් වෙත පවර ගැනීමට රිදීගම ප්‍රදෙශිය සභාව මගින් කටයුතු නොකිරීම හේතුවෙන් එම වෙළද සංකීර්ණයෙන් නිසි ප්‍රයෝජන නොහන්නේ තත්ත්වයක් ඇති විඑ තිබෙන බව ජනව්තව කියති.

වෙළද සංකීර්ණය ඉදිකර ඇති ඉඩමේ අයිතිය තවමත් රිදීගම ප්‍රාදේශීය සභාව සතු නොවන බැවින් එහි ඉදිකර ඇති වෙළදකුටි නිත්යනුකුලද යන සැකය මත ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් විසින් එම කඩ කාමර ලබාගැනීමට අදිමදි කිරීම මෙම තත්ත්වය හෙති වී තිබේ . වෙළද සංකීර්ණයට යොදාගෙන ඇති ඉඩමේ නිත්‍යානුකුල අයිතිය වේ වන විටත් රිදීගම ප්‍රාදේශීය ලේකම්වරයා සතු වන අතර ඒ බව ඉඩමට අදාළ පිබුරුපත් හිද පැහැදිලි ලෙස සටහන් වී තිබේ. රිදීගම ප්‍රාදේශීය සභාව විසින් 2003 වසරේ සිට මේං ඉඩමේ රථගාලක් පවත්වාගෙන් ගොස් ඇතත්, එහි අයිතිය රිදීගම ප්‍රාදේශීය ලේකම්වරයාවෙතින් පවරාගනිමක් සිදු වී නොමැත. ප්‍රාදේශීය ඉඩම් බලධාරියා වන රිදීගම ප්‍රාදේශීය ලේකම් එස්.එම්.එස්. නවාස් මහතාගේන් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ලියුම්කරු විසින් කළ විමසුමකට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලබා දුන් පිළිතුකින් ද මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ආරවුල් තත්ත්වයක්පවතින බව අරනවරණය වෙයි.මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයන් ආරවුල් තත්ත්වයක් පවතින බව අනාවරණය වෙයි. වේම ඉඩම 2003 ලුලි මස 03 වැනිදා රජයේ නිනින්දෝරු විසන් මැනුම් කිරීමෙන් අනතුරුව රිදීගම රත්ගල සදහා හෙක්ටයක් 0.097 ක් සහ රිදිගම් රජයේ රෝහල් සදහා හෙක්ටයාර් 3ක් ලෙස මන් වෙන්කර දී ඇති බවත්, රිදීගම රජයේ රෝහලට පවරාදුන් බිම කොටසින් ඉඩම් ප්‍රමාණයක් පිලිබදව ආරවුල් තත්ත්වයක් ඇත ඇති බව වයබ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විසින් දන්වා ඇති බවද නවාස් මහතා එම පිළිතුරෙන් වැඩිදුරටත්කියයි.

ප්‍රාදේශීය ලේඛම්වරයාගේ මෙම පිළිතුර හරහා රිදීගම ප්‍රාදේශීය සභාව අනුන්ගේ ඉඩමකට කඩ වැඩි එහි බලහත්කාරී ඉදිකිරීමක් සිදුකර ඇති බව පැහැදිලිය . රිදීගම ප්‍රාදේශීය සභාව විසින් මිට සිව් වාරකට පෙර සිදුකල එම චන්ඩිකම් වල අනිටු ප්‍රථිපල ඇද වන විට ලැබීමෙන් තිබේ. රිදීගම නගරයේ ජනාකීර්ණ සහ පාරිභ්ගිකආකර්ශනය වැඩිම ස්ත්නයක ඉදිකර ඇති නමුත්, අදාළ වෙළද සංකීර්ණයේ පිහිටි වෙළද කිටි 16න් මේ වනවිට විවෘතව ඇත්තේ වෙළද කුටි හතරක් පමණි. ව්‍යාපාර සදහා කදිම තොතෙන්නක් වන මෙම කඩ කාමර උණු කැවුම් මෙන් විකිණී යා වුතු වුවත්, ඒවායේ අයිතිය නිරවුල් නොවීම හේතුවෙන් වයපරිකයින් විසින් මෙම කඩ කාමර බදු ලබාගැනීමට ඉදිරිපත් නොවෙති. වෙළද කුටි බදුදීමට රිදීගම ප්‍රාදේශීය සභාව ටෙන්ඩර් කදව ඇති නමුත් අදාළ ටෙන්ඩරය ඉදිරිපත් කිරීමට පවා ඉදිරිපත් වී ඇත්තේ සිමිත් ව්‍යාපාරිකයන් පිරිසක් පමණි.

අදල් වෙළද සංකීර්ණයෙන් කඩ කාමරයක් ලබාගැනීමට බලපොරත්තුවෙන් පසු වන බැවින් නම් ගම හෙළිකිරීමට අකමැති ව්‍යාපාරිකයෙකු මෙසේ පැවසිය. : මේ කම්ප්ලේක්ස් එකෙන් කඩ ගන්න බිස්නස් කරන හුග දෙනෙක් කැමැත්තෙන් ඉන්නවානමුත් ගැටළු ගණනාවක් තියෙන නිසා ඒ කඩ ගන්නවද නැද්ද කියල දෙගිඩියාවෙන් තමයි හැමෝම ඉන්නේ. පළමු කරනවා තමයි. මේ කඩයකට ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ පහලවක් ඉල්ලල්නවා.එකත් ඖරුදු පහළොවකට විතරයි. රිදීගම වගේ ගරමිය නගරයක තියෙන කඩයකට ඒ මුදල හොදට වැඩියි. නායක වෙලා ඒ මුදල තියාගන්න කඩයක් ගන්න සුදානම් අයත් ඉන්නවා. නමුත් ඉඩමේ අයිතිය නිරවුල් නැති නිවා අවදානමක් ගන්න ඒ අයත් බයයි. අන්තිමට ලක්ෂ පහළොවත් නැතිවෙලා, කඩෙත් නැතිවෙයිද කයල හැමෝම කල්පනා කරනවා.

රිදීගම ප්‍රාදේශීය සභාවේ හිටපු සබාපති දේවික පල්ලමුල්ල මහත්මියගේ හිතුවක්කාරී තීරණයක් මත මෙම වෙළද සන්ක්රිනය ඉදිකෙරුණු බවට රිදීගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශ කරති. ප්‍රියනාත් සේනපාල, නිමල් රන්ජන් සහ ලයනල් චන්ද්‍රවංශ යන රිදීගම ප්‍රාදේශීය සභාවේ හිටපු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ හිටපු සභාපතිනිය ක්‍රියාකළේ ඇගේ තනි මතයට බවය. ප්‍රාදේශීය සභාවට අයිතියක් නැති බුමියක මෙම වෙළද සංකීර්ණය ඉදිකිරීමට විරෝධය පළකරමින් තම න් ඇතුළු මන්ත්‍රී පිරිසක් සභා රැස්වීම්වලදී පවා හැන්සාඩ්වලින් ඉවත්කර ඇති බවද හිටපු මන්ත්‍රීවරු කිහ. මෙම චෝදනාව පිළිබද විමසීමට රිදීගම ප්‍රාදේශීය සබාවේ හිටපු සභාපති දේවික පල්ල්මුල්ල මහත්මිය ඇමතීමට උත්සහ කළ නමුත් අය මේ වනවිට ඕස්ටේලියාවේ පදිංචියට ගොස් ඇති බව අනාවරණය කර ගැනීමට හැකිවිය .

මෙම වෙළද සංකීර්ණයෙන් කඩ කාමරයක් බදු පදනම් මත ලබාගැනීමෙන් පසුව එහි ස්වර්ණාභරණ අලෙඉද්සලක් පවත්වාගෙන් යන වයපරිකයෙකු වන මොහොමර්ඩ් සිරාජ් මහතා පැවසුවේ පරදේශීය සභාව විසින් නිකුත් කළ බදු ඔප්පුවක් මගින් මෙම කඩ කාමරවල අයිතිය තම න් වෙත් පවර දී ඇති බවයි. ඉඩම සම්බන්දයෙන් යම් ආරවුලක් ඇති බව දැනගෙන් සිටි නමුත් රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රාදේශීය සභාව පිලිබදව විශ්වාස තබාගෙන කඩ කාමර බදුගත් බව කියා. මෙම කඩ කාමර අලේදී නොවීම ට හේතුව ලෙස තමන් සමත්ය වයපරිකයෙකුටදරාගත් නොහැකිවීම පිළිබදවද මෙහිදී ඔහු අදහස් දැක්විය. මෙම කඩ කාමර ප්‍රමාණයෙන් ඉතාව කුඩා වීමත් ඒවා අලේදී නොවීමට හේතුවක් අබවද ඔහු පැවසිය.

රිදිගම් වෙළද සංකීර්ණය සම්බන්ධයෙන් එල්ලවන මෙම චෝදනා පිළිබද රිදිගම් ප්‍රාදේශීය සභාවේ ලේඛම් අජිත් කුමාරසිංහ මහතාගේ කළ විමසීමකදී හෙතෙම පැවසුවේය , දිස්ත්‍රික්ක ඉඩ බලධාරියා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්ක ලේකම්වරයාගේන් ලබාගත් අවසරක් මත අදාළ ඉඩමේ වෙළද සංකීර්ණය ඉදිකළ බවය. මෙම වෙළද සංකීර්ණයට අයත් කඩකාමර හතරක් පමණ විවෘත වී ඇති බව අපෙනෙන නමුත් මේ වනවිට කඩ කාමර අටක් මනම් බදු දී ඇති බැවින් ඉදිරි කාලයේදී එම් කඩ කාමර ත් විවෘත වනු ඇති බව ද පවසිය. ක්ද කදකමරයක් වසර පහළොවක් කාලයක් බු දිමට් සදහා අයකරන රුපියල් ලක්ෂ පහළොවක මුදල තීරණය කලේ කමිටුවක් හරහා බැවින් මුදල වෙනස් කිරීමට නොහැකි බවද ලේඛම්වරයා කිය. ඇදල වෙළද සංකීර්ණය ඉදිකර වසර හතරකට වැඩි කාලයක් ගෙවී ඇතත්, එම ඉඩම් රිදීගම ප්‍රදෙහ්සිය සභාව වෙත් පවරාගැනීමට මේ දක්වා කටයුතු නොකළේ මන්දැයි කළ විමක්සිමකට පිළිතුරු දුන් රිදිගම් ප්‍රාදේශීය සභාවේ ලේඛම්වරයා පැවසුවේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවසර ලබා දී නීතිම නස එය ගැටලුව නොවූ බවයි. කෙසේ වෙතත් අදාළ ඉඩම් රිදිගම් ප්‍රඩ්ස්හිය සභාව වෙත් පවරාගැනීම සදහා මේ වනවිට වැඩකටයුතු කරගෙන් යන බැවින් එහි නිත්‍යානුකුල බව පිලිබදව ගැටළුවක් නොමැති බවද පැවසිය.

අදල් ඉඩම තුල වෙළද සංකීර්ණයක් ඉදිකිරිම රිදිගම් ප්‍රාදේශීය සබාව වෙත් එවැනි අවසරයක් ලනදුන්නෙ දැයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාවෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ එවකට පවද්ති දැයට කිරුළ 2013වැඩසටහනේ අවශ්‍යතාවයක් සේ සලක් අදාළ ඉඩම යොදාගනිමින් වෙළද සංකීර්ණය ඉදිකිරිමට උපදෙස් දුන් බවය. එම ඉඩම හැකි ඉක්මනින් පවර ගැනීමට කටයුතු කරන් ලෙසට තම න්විසින් රිදිගම් ප්‍රාදේශීය සභාව වෙත් උපදෙස් දී ඇති බව ද ඔහු පැවසිය.

රිදිගම් වෙළද සංකීර්ණය පිළිබද විවිධ පාර්ශ්වයන් වෙතින් එවැනි අදහස් දක්වමින් සිටියදී එම වෙළද සංකීර්ණය වෙතින් අදටත් දැකගත් හැකි වන්නේ ජන ශුන්‍ය සහ පලු ස්වභාවයකි. වෙළද සංකීර්ණයට අයත් කඩකාමර අටක් බු දී ඇති බවක් රිදිගම් ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා විසින් කියන නමුත් අද වන විට ව්‍යාපාරික කටයුතු සදහා සැබෑ ලෙසම විවෘතවී ඇති බව පෙනෙනෙනේ කඩ කාමර 4ක් පමණි . එබැවින් ඉඩමේ අයිතිය පිළිබද පන නාග ඇති ආරවුල් කඩිනමින් විසදාගෙන් , වෙල්ඩ් සංකීර්ණයේ අයත් කඩ කාමර කඩිනමින් විවෘත කරව එය ජනාකීර්ණ සද පලදායි ස්ත්නයක් බවට පත්කරවීම බලධාරීන් සතු වගකීමකි. මන්ද ඒ සදහා වැය කර ඇති රුපිය ක්ලක්ෂ 250ක් මුදල යනු මෙරට මහා ජනටහ්වගේ දුක සේ ගෙවා දැමු බදු මුදලින් කොටසක් මිස කජු ඇට හෝ කොස්ඇට නොවන බැවිනි.

අජන්ත බණ්ඩාර

කුරුණෑගල


පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In
පුවත්

දහදාහකට ඉඩ ඇති සිරගෙවල්වල තිස්දාහක්!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී තිබුණ ද එය එතරම් දුරට ජනප්‍රිය කාරණයක් නොවන්නේ, සිරගෙවල්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *