පුවත්

අල්ලස හා දූෂණයෙන් රට ක්ලීන්ද?  අල්ලස් කොමිසම පැවරූ නඩු 52ක්ම ‘රිවස්’!

By In

– ජනක සුරංග

රටක් තිරසර සංවර්ධනය කරා පියමන් කරන්නට නම් නිසැකවම අල්ලස, දූෂණය ඇතුළු සියලු ආකාරයේ විෂමාචාරවලින් තොර වූ පාලන ක්‍රමයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

පසුගිය දශකය තුළ ලොව පිළිගැනෙන ජාත්‍යන්තර අල්ලස් හා දූෂණයෙන් තොර රටවල ක්‍රියාකාරිත්වය පිළිබඳ දර්ශක අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය දිගින් දිගටම පහළ ගොස් තිබේ. මීට බලපෑ ප්‍රධාන හේතුව නම් රට තුළ පැවති නීතියේ අඬු ලුහුඬුකම් හා ප්‍රායෝගිකව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ද ඉස්මතු වන ගැටලුය.

1954 අංක 11 දරන අල්ලස් පනත මගින් ස්ථාපනය කරන ලද අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසි කරමින්, 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1994 අංක 19 දරන පනත ප්‍රකාරව 1994 වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපනය කරන ලදි. ඒ අනුව එය, අල්ලස් පනත සහ 1975 අංක 01 දරව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ හා ඊට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් වන වැරදි සඳහා නඩු පවරන ලෙස විධානය කිරීමටත්, අල්ලස, දූෂණය නැවැත්වීම වෙනුවෙනුත් ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි. වර්තමානය වන විට එය 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ තවදුරටත් බලාත්මක කර ඇත. 

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය වැළක්වීම සඳහා මෙන්ම නීති විරෝධී ඉපයීම්, අයථා වත්කම් බැරකම් සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම, විමර්ශනය කිරීම, අත් අඩංගුවට ගැනීම හා නඩු පැවරීම ඇතුළු නෛතික කටයුතු රාශියක් කොමිෂන් සභාවට පැවරී තිබේ.

ඒ අනුව පසුගිය 2022, 2023  හා 2024 වර්ෂයේ නොවැම්බර් අග වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු පිළිබඳ දත්ත පහත දැක්වේ.

වර්ෂයඅල්ලස්දූෂණනීති විරෝධී ඉපයීම් /වත්කම් බැරකම්එකතුව
202160020062
202262260189
20235503 0260
202449080158

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මගින් දෙසැම්බර් මස 09 වන දින ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස නම් කර ඇති අතර ඒ වෙනුවෙන්  යෙදී තිබුණු  මෙරට ජාතික සැමරුම් දිනයේදී ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ මෙසේ පවරන නඩුවලින් බහුතරයක් නැවත ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් හේතු මහජනතාවට හෙළි කළ යුතු බවයි. ඒ අනුව මේ කරුණු පිළිබඳ සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම කොමිෂන් සභාව විමසන ලදි. එහිදී එකී නඩු පැවරීමේදී, අල්ලස් හෝ දූෂණ පනතට අනුකූල නොවීම, ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකර තිබීම  හා නැවතත් නඩු ගොනු කිරීමට බලාපොරොත්තු වන හා ස්ථීර ලෙසම නඩු නොපැවරීම යන කරුණු කිහිපයක් මත එම නඩු ඉල්ලා අස් කරගෙන ඇති බවට කොමිසම විසින් කරුණු දක්වන ලදිඑහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 01/2011 හි තීන්දුව ප්‍රකාරවද යම් නඩු ප්‍රමාණයක් ඉල්ලා අස්කරගෙන ඇති බවයි.

වර්ෂය ඉල්ලා අස් කරගෙන ඇති නඩු සංඛ්‍යාවනැවත නඩු පැවරීමට තීරණය කරන ලද ප්‍රමාණය
20224913
20230200
20240101

කෙසේ වෙතත් මෙම නැවත නඩු පැවරීම් හා එම නඩුවල අන්තර්ගතය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා වූ තොරතුරු ලබා ගැනීම දුෂ්කර වන අතර බොහෝ නඩු ඉල්ලා අස් කරගෙන ඇත්තේ නැවත නඩු පැවරීමේ තීරණයක්ද ගෙන නොමැති පසුබිමකය.  එබැවින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ලෙසම මෙම නඩු ඉල්ලා අස් කර ගැනීම පිළිබඳව  අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින්ම ජනතාවට වඩා විනිවිද ආකාරයෙන් සත්‍යය හෙළිදරව් කළ යුතු බව සුවිශේෂී කාරණයක් ලෙස අවධාරණය කළ යුතුය. තවද මේ සම්බන්ධයෙන්, ප්‍රශ්නගත තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් තොරතුරු පනතේ නෛතික ප්‍රතිපාදන ඔස්සේ මහජන ඉල්ලීම් ප්‍රමාණය වර්ධනය කර රටේ අල්ලස හා දූෂණය  පිටුදැකීම සඳහා  සක්‍රීයව කටයුතු කිරීමේ  කාලය එළැඹ තිබේ. මන්දයත් හා ශ්‍රී ලංකාව CLEAN වීමට නම්, එය අල්ලසින් හා දූෂණයෙන් තොර පිරිසිදු මූල්‍ය විනයක් සහිත සුපිළිපන් රාජ්‍යයක් විය යුතු බැවිනි.

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *