මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම් වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම ද එයට ඇතුළත්ය. විධායකය , ව්‍යවස්ථාදායකය, අධිකරණය මේ සියල්ල මත පැටවී ඇති ප්‍රමුඛතම කාර්ය වන ඒ සඳහා රජයන්ගේ කැපවීම සම්බන්ධයනේ ප්‍රශ්නාර්ථයක් මතුවන්නෙ ඒවෙනුවෙන් ඔහුගේ ඇති මන්දෝස්සාහීභාවය නිසාමය.
අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට ගතහැකි විවිධ ක්‍රම ඇතිවා සේම පනත් කෙටුම්පත් හරහා නීති ස්ථාපිත කිරීමද ඉන් එකකි. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම නව නීති සැකසීමට පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් මණ්ඩලයට ඇතිවා සේම මහජන නියෝජිතයෝ ලෙස පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත්කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
එලෙස වැදගත් පනත් කෙටුම්පත් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරනු දැක ඇති උවද ඒවා සම්මත වන බවක් පෙනෙනන්ට නොමැත. ජනතා අදහස් විමසමින් නීති සකස් කිරීමට දැඩි වෙහෙස මහන්සියක් ගෙන සකස් කරන මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව විසින් හෝ කැබිනට් මණ්ඩලය විසින් නොසලා සිටීම අතිශයින් කණගාටුවට කරුණකි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් අතරින් සම්මත වී පනතක් බවට පත්ව ඇති පනත් මොනවාද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා විමසා බැලීමේදි අනාවරණය වුයේ මෙතෙක් ඉතිහාසයේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් එකක් පමණක් එලෙස සම්මත වි නීතියක් බවට පත්ව ඇතති බවය. ඒ පසුගිය පාර්ලිමේන්තුවේදී එවකට මන්ත්‍රීව සිටි ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ඉදිරිපත් කළ තරුණ කෝටාවට අදාළ පනත් කෙටුම්පතය.
එමෙන්ම මිනිසුන් ලෙස උපදින සියලුදෙනාට ඔවුන්ගේ ජාතිය වර්ගය කුලය ලිංගිකත්ව ලිංගික දිශානතිය කෙසේ උවද මිනිසුන් ලෙස අයිතිවාසිකම් භුක්තිවිදීමට ඉඩදිය යුතු බව දක්වමින් දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට ද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතත් දොළවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම පනත් කෙටුම්පතට මේවනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්නද තොරතුරු අයිතිය හරහා සොයබැලීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පණත් කෙටුම්පතෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝණය බවත් එය සම්මත කිරීමට අවස්ථාව ලබානොදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් ඉදිරිපත් වී ඇත. ඒ පිළිබඳව දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයය මෙසේ සඳහන් කර තිබේ,
“ ස්වකීය ලිංගික දිශානතිය පිළිබඳ සැලකීමින් කතාරව සියළු පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන විය යුතුය සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට හිමිකම් තිබය යුතුය යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔවුන්ට සහතික කොට දී ඇති මූලික අයිතිවාසිකම් පනත් කෙටුම්පත විසින් වැඩිදියුණු කරන බවටත් ගෞරවයෙන් යුතුව සමාජය තුළ ජීවත් වීමට ඔවුනට ඉඩ ලබා දෙන බවටත් පනත් කෙටුම්පතේ යෝජකයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සහ පනත් කෙටුම්පතට සහාය දක්වන ලද අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥවරයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් හරහා සියලු කරුණු විමසා බැලීමෙන් පසුව (අ) කැමැත්ත සහිත වැඩිහිටියන් අතර සිදුවන සමීප කිරියා සාපරාධී බවට පත් කරනු ලබන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති පරිච්චින්න කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් සමස්තයක් ලෙස පනත් කෙටුම්පත හෝ එහි කවර හෝ ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයකට පටහැනි වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයි” යනුවෙන් දක්වා ඇත.
මෙම නියෝගය කතානායකවරයාට යොමුකර ඇති අතර සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක තීරණය එලෙස කතානායකවරයාට යොමුකළ පසුව ෂ්ඨාධිකරණයේ නියෝගය අනුව පනත සම්මත කිරීම සිදුකරයි. කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබියදීත් මෙය තවදුරටයත් අධිකරණ අමාත්‍යවරයා භාරයේ රැදවී තිබේ. මෙය මෙන්ම මෙලස සිරවි තිබෙන අනෙකුත් පනත් කෙටුම්පත් වල ක්‍රියාකාරිත්වය කෙසේ වන්නේදැයි අධිකරණ අමාත්‍යාංශයෙන් විමසුවද එයට නිසි පිළිතුරක් නොලැබුණි.
සියවසකට අධික කාලයක් ලිංගික දිශානතිය පදනම් කරගෙන වෙනස්කම් කිරීම ලක්වෙමින් එම ප්‍රජාවන් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් අපරාධකරුවන් ලෙස සැලකූ නීති අවසානයේ අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට මාර්ගය ඵලදායී ලෙස පැහැදිලි කරමින්, අධිකරණය ව්‍යවස්ථාපිත කොළ එළියක් ලබා දී ඇති අතර එය ඉදිරියට ගෙනයාම ව්‍යවස්ථාදායකයේ කාර්යවී ඇත.
“මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ පසුවත්, පාර්ලිමේන්තුව මෙම පනත් කෙටුම්පත සමඟ ඉදිරියට නොයන්නේ මන්දැයි තේරුම් ගැනීමට ඉතා අපහසුයි. ඉහළම අධිකරණය අනුමැතිය ලබා දී ඇති විට, තවදුරටත් ප්‍රමාදය ඇති කරන්නේ සැකය සහ කලකිරීම පමණි, විශේෂයෙන් අපේ සමාජයේ සමානාත්මතාවය දැනීමට දැනටමත් අරගල කරන ආන්තික ප්‍රජාවන් අතර. ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, ව්‍යවස්ථාදායකයට නීති සම්පාදනයේ උත්තරීතර බලය ඇති අතර, අධිකරණ නිෂ්කාශනයෙන් පසුව පවා එය පසුබට වන විට, එය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය දුර්වල කරයි. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ ඇති ව්‍යුහාත්මක බාධක බොහෝ විට ප්‍රගතිශීලී සහ මහජන අවශ්‍යතා නීති සම්මත කිරීම ප්‍රමාද කරන අතර, මෙම පනත් කෙටුම්පත පැහැදිලි උදාහරණයකි,” නීති ශිෂ්‍යයෙක් වන එස් ප්‍රදීප් තෙන්නකෝන් මෙහි වත්මන් තත්ත්වය පැහැදිලිකරමින් ප්‍රකාශ කළේය.
“කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම රජයට සැලකිය යුතු වගකීමක් ද ඇති බව තමා විශ්වාස කරන බවත්, එය වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහි ප්‍රධාන පොරොන්දුවලින් එකක් වි තිබු බවද හෙතම තවදුරටත් පැවසීය.
සී එස් ප්‍රනාන්දු