පුවත්

අනුරාධපුර සතිපොළේ ඉදිකිරීම් ඉබිගමනේ

By In

ගුණවර්ධන යනු එළවළු වෙළෙන්දෙකි. ඔහු සිප්පුකුලම, රන්පත්විල,  ගල්කුලම, මරදන්කඩවල යන ප්‍රදේශවල ගොවීන්ගෙන් මිළදී ගන්නා එළවළු අනුරාධපුර, රබෑව, කැකිරාව, මිහින්තලය ආදී විවිධ ප්‍රදේශ වලට රැගෙන ගොස් අලෙවි කරමින් තම ජීවිකාව සරිකර ගන්නෙකි. මැතක සිට ඔහුට දැඩි අපහසුතවකට මුහුණ දීමට සිදු විය.

ඔහු තම වෙළදාම් කටයුතු සිදු කරන ප්‍රධානත වෙළෙඳ පොළ වුයේ අනුරාධපුර සතිපොළ පරිශ්‍රයයි. සතිකයට දින දෙකක් පැවැත්වෙන බැවින් තම අදායම් ඉහල තත්වයකට ගෙන ඒමට ගුණවර්ධන මහතාට හැකියාව ලැබිණි.  නමුත් අනුරාධපුර පොළ පරිශ්‍රය අධික වර්ෂා කාල වලදී ජලයෙන් යටවීම නිසා ගුණවර්ධන ඇතුළු සියලු වෙළදුන් මෙන්ම පාරිභෝගික ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වෙයි. ගුණවර්ධන ඇතුළු වෙළදුන් කිහිපවරක් සතිපොළ පරිපාලන අධිකාරිය, අනුරාධපුර මහ නගර සභාව දැනුවත් කිරීමෙන් අනතුරුව සති පොළ නවීකරණය කටයුතු සිදු කරන්නට මහ නගරසභාව තීරණය කළේය. ඒ අනුව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදනයට පොළ සංවර්ධනය කටයුතු ආරම්භ වූ අතර ඒ අනුව සංවර්ධන කටයුතු වලට ඉඩදී පොළ භූමියෙන් ඉවත්ව යන්නට ගුණවර්ධන ඇතුළු 800ක පමණ වෙළද පිරිසකට සිදුවිය. ඔවුන් අසළ මාර්ගය පසෙක තාවකාලිකව තම වෙළදාම් කටයුතු සිදුකරන ලදී. බිම් කුලිය ලෙස රුපියල් 700 ක මුදලක් මහා නගර සභාවට ගෙවීමට සිදු වුවද වෙළදුන් එම පාඩුව නොතකා හැරියේ තමන්ගේ රැකියා භුමිය නවීකරණය වීමේ සතුට හේතුවෙනි.

නමුත් නවීකරණ කටයුතු ප්‍රමාද වීම නිසා ඔවුන් නැවත අපහසුතාවයට පත් විණි. රුපියල් 90,800,000.00 ක මුදලක් වැය කරමින් 2017 ජුලි මාසයේදී ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹි සති පොළ නවීකරණය කටයුතු වෙළදුන්ට දැනුම් දුන් පරිදි 2018 ජනවාරි මස නිම නොවී ය. ඒ වන විටත් අතර මග නවතා තබා තිබුණු වැඩ කටයුතු පිලිබඳ වෙළදුන් දැඩි කනස්සල්ලෙන් පසුවිය.

මේ අතර අහම්බෙන් තම දියණියගෙන් තොරතුරු දැනගැනීමේ පනත ගැන දැනගන්නට ලැබූ ගුණවර්ධන දියණියගේ මග පෙන්වීම ඔස්සේ සතිපොළ පිලිබඳ තොරතුරු ඉල්ලා අනුරාධපුර මග නගරසභාවට තොරතුරැ අයදුම්පතක් ඉදිරිපත් කළේය.  නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණ  ද, ගුණවර්ධනගේ සහ අනෙකුත් වෙළදුන්ගේද සිත් සතුටු කරමින් වැඩ නවතා දමා තිබුණු සති පොළ සංවර්ධන කටයුතු නැවතත් ඇරඹිණි. නමුත් නැවතත් පොළ පරිශ්‍රයේ වැඩ නවතා දමමින් කොන්ත්‍රාත්කරුවන් එයින් ඉවත්ව යන්නේ වෙළදුන්ගේ බලාපොරාත්තු සුන් කරමිණි. අද වන විටත් වැඩ නැවතී ඇති අනුරාධපුර මහජන පොළ නව ඉදිකිරීම් කටයුතු කඩිනම් කරමින් එහි නව ගොඩනැගිලි තුළ වෙලදාම් කටයුතු සිදුකරන්නට ගුණවර්ධන ඇතුළු වෙළදුන් මගබලා සිටි. මෙම සියලු වෙළදුන්ගේ සිහින යථාර්තයක් කරමින් අනුරාධපුර සති පොලෙහි සංවර්ධන කිරීම යහපත් නොවන්නේද?  මාර්ගයේ කුඩාරම් සහ අට්ටාල අටවා ගනිමින් තම ජීවිකාව සරි කරගන්නා ඔවුන්ගේ අහිංසක ජිවිත අව්වෙන් වැස්සෙන් හෙම්බත්ව දියාරුවී යන්නට ඉඩ දිය යුතුද?

අනුරාධපුර මහා නගර සභාවේ නගරාධිපතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

සත්ත්ව සංගණනයේ වියදම රුපියල් ලක්ෂ 27යි  

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම වසරේ මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කරනු ලැබූ  ජාතික සත්ත්ව සංගණනය වෙනුවෙන් වැය කළ…

By In
පුවත්

ඉලක්කම් නෙවෙයි මිනිස්සු!!! රිය අනතුරු බරපතළ සමාජ ගැටලුවකි

හර්ෂා සුගතදාස වෙසක් පුන් පොහෝ දිනයට පෙර දවසේ, එනම් මැයි 11වෙනි ඉරුදින හිමිදිරියේ අප කාටත් අසන්නට ලැබුණේ හද කම්පා කරන…

By In
පුවත්

හිටපු කතානායකගේ අයිතිවාසිකම් පාර්ලිමේන්තුවෙන්ම කඩ වුණාද?හිටපු කතානායකගේ අයිතිවාසිකම්

-ජනක සුරංග 10වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ පා.ම. අශෝක රන්වල (අසෝක සපුමල් රන්වල) ගේ නම අග්‍රාමාත්‍ය…

By In
පුවත්

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?

තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *