Social, පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

By In
  • කමණි හෙට්ටිආරච්චි

ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව ජාතික සහ ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව නම් කෙරිණ. රට මෙම තත්ත්වයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර දේශපාලන අධිකාරියේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ බලපෑම සුවිශේෂී වේ. මහජනතාවගෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධූරය අත් හැර යාමට සිදු විය. සිය ධුරය අත්හැර යෑමට සිදු වුවද ඔහු අද වන විට විශ්‍රාමික ජනාධිපතිවරු ට හිමි වරප්‍රසාද භුක්ති විඳීම මහජනයා විසින් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. ඊට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ගෝථාභය රාජපක්ෂ පමණක් නොව ලොව අන් රටවලට සාපේක්ෂව දේශපාලඥයා නඩත්තුව සඳහා ලංකාව රටක් ලෙස දරනු ලබන වැය බර ඉතා සුවිශාල එකක් වන බැවිනි. ලංකාවේ විධායක ජනාධිපති ධූරය දරනු ලැබූ තැනැත්තෙකු ගේ විශ්‍රාම වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තියේ සඳහන් කොට ඇත.

36.(1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වී මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ධූරය දරණ තැනැත්තාගේ වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් යෝජනා සම්මතයෙන් නිශ්චය කළ යුත්තේය. එම විශ්‍රාම වැටුප යම් පූර්ව සේවයක් හේතුකොටගෙන ඒ තැනැත්තාට හිමිකම් ඇති වෙනත් යම් විශ්‍රාම වැටුපකට අතිරේකව වන්නේය. (2) යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වැටුප් සහ දීමනා ලැබීමටද ඉන් පසුව එසේ නිශ්චය කරනු ලැබූ විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේ ය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක් මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනයක් කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනුකූල වන පසුව පනවනු ලැබූ නීතියක් හෝ ඒ නීතියක යම් විධානයක් අතීතයට බලපාන්නේය.

(3) ජනාධිපතිවරයා ගේ වැටුප දීමනා සහ විශ්‍රාම වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන්නේය. (4) ජනාධිපති ධූරය දරන තැනැත්තාගේ වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේය. එහෙත් එම වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නොකළ යුත්තේ ය.

ඉහතින් දක්වනු ලැබුයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අයිතීන් තහවුරු කර තිබෙන ආකාරයයි. නමුත් විශ්‍රාමික ජනාධිපතිවරයෙකු ලෙස සැලකිය නොහැකි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ගේ වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත කරනු ලැබූ කරුණු විමසීමේ දී පහත දැක්වෙන තොරතුරු අප වෙත එවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයට අප යොමු කළ ප්‍රශ්න වනුයේ,

01.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට පරිහරණය කරන වාහන සංඛ්‍යාව කොපමණද? එම වාහන වර්ග මොනවාද? එම වාහනවල ධාවන සටහන්(පසුගිය මාස හයක)

02.මාසයක කාලයක් සඳහා ඔහු පරිහරණය කරන වාහන සඳහා දරන වියදම කොපමණද? පසුගිය මාස 6ක කාලය තුළ එම වාහන සඳහා රජයෙන් දැරූ වියදම කොපමණද? ඔහුගේ වැටුප් හා ආහාරපාන දුරකථන දීමනා වෛද්‍ය පහසුකම් ඇතුළු වියදම් සඳහා මසකට රජයෙන් දැන් ලද වියදම කොපමණද? යන්නය.

එම ලිපියට පිළිතුරු එවන තොරතුරු නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස් .කේ සේනාධීර මහතා විසින් අප වෙත දන්වා එවා ඇත්තේ වාහනවලට අදාල තොරතුරු ප්‍රවාහන අංශය වෙතින් තමන් වෙත ලබා දුන් පසු එම තොරතුරු අප වෙත යොමු කරන බවය. ඔහු විසින් සෙසු තොරතුරු අප වෙත යොමු කර ඇති අතර ඒ අනුව විශ්‍රාම වැටුප ඉන්ධන දීමනාව සහ ලේකම් දීමනාව 2022 දෙසැම්බර් මාසය සඳහා රුපියල් 99.000.00,කි.දුරකථන විදුලිය ජලය සහ අනෙකුත් වියදම් සඳහා 338,387,60කි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද භුක්ති විඳීමට තිබෙන නීත්‍යානුකූල අයිතිය සමාජය විසින් ප්‍රශ්න කරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැත. රටක් ලෙස ආර්ථික වශයෙන් බංකොලොත් වුවද හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා 2023 වසරේ අයවැය මගින් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 844,6ක් වේ. එම ඇස්තමේන්තුව අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට රුපියල් ලක්ෂ 156,7ක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නඩත්තු සඳහා රුපියල් ලක්ෂ 231,7ක්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් ලක්ෂ 231.7ක්ද අපගේ මෙම ලිපියට ප්‍රස්තුත වූ ගෝඨාභය රාජපක්ෂ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 141.7 හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ 82.8ක්ද 2023 වසර සඳහා අයවැය මගින් ඇස්තමේන්තු කර ඇත. මෙම ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සහ වාහන නඩත්තුවට 2023 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 420 කි. ඉන් වාහන සඳහා පමණක් රුපියල් ලක්ෂ 370 ක් වෙන් කර ඇත.එම වාහන නඩත්තුව සඳහා 2022 වසරේ වැය කර තිබුණේ රුපියල් ලක්ෂ 68 කි. ඒ අනුව 2023 වසර සඳහා වාහන වෙනුවෙන් රුපියල් ලක්ෂ 302 ක් අමතරව වැය වේ. හිටපු ජනාධිපතිවරුන්ගේ වෙනත් දීමනා සඳහා 2023 වසරේ ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 370 කි. 2022 වසරේ වැය කර තිබුණේ, රුපියල් ලක්ෂ 243කි. ඒ අනුව 2023 වසර සඳහා එම මුදල රුපියල් ලක්ෂ 127 කින් ඉහළ ගොස් ඇත. මහා භාණ්ඩාගාරයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මහින්ද රාජපක්ෂගේ විශ්‍රාම දීමනාව රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ දහසකි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ විශ්‍රාම වැටුප් දීමනාව ද ඊට සමාන වේ. හේමා ප්‍රේමදාසගේ විශ්‍රාම දීමනාව රුපියල් හත් ලක්ෂ අසූ දහසකි.මේ අනුව පෙනීයන්නේ හිටපු ජනාධිපතිවරුන් නඩත්තුව සඳහා මහජන මුදල් අසීමිත ලෙස වසරින් වසර ඉහළ යන බවය. 

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *