පුවත්

හක්කිඳ දුපත් වනසන-දුපතේ සමුහයා

By In

සටහන- ගයාන් යද්දෙහිගේ 

ඇය අක්කර දහස් ගන්නක් කෙත් වතු සාර කරන්නීය,ඒසා විශාල පෝෂණ පෙදෙසකට උරුමකම් කියන්නීය.මහා ජල කදක් සිය ඇකයෙහි හොවාගෙන ලැසිගමනින් කිලෝමිටර 335ක ගමනාන්තය ඇය වෙහෙසක් කොට නොගන්නිය.මහවැලි නදිය ලෙස නම් ලද ඇය කොහේ කොතනක අනාර්ක්ෂිත වුව මහනුවර ගන්නෝරුව වරා තැන්නේදි ආරක්ෂිත යැයි සිතුවාය.එහෙත් ඇය පෝෂණය කළ හක්කිද දුපත් සමුහය රැකගත නොහි ඈ ශෝක වන්නිය.මේ ඇගේ අවනඩුවයි.

මහනුවර ගන්නෝරුව වරාතැන්න ‘හක්කිඳ දූපත් සමූහය’ (Hakkida Island Complex) ආශ්‍රිත හෙක්ටයාර් 59.4 කින් යුත් මෙම භූමි ප්‍රදේශය පාරිසරික ආරක්ෂක කලාපයකි.මහවැලි නදියේ කිලෝ මීටර 335ක ගමන් මගේදී එලෙස පාරිසරික ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙන එකම ස්ථානය මෙයයි. ඒ සඳහා හේතු වූ සුවිශේෂිතා බොහොමයකින් හක්කිඳ දූපත් සමූහය ආශ්‍රිත ප්‍රදේශය පෝෂිතය.මහවැලි නදියේ පටුම ස්ථානයත් පළලම ස්ථානයත්  සැතපුම් භාගයක් තරම් කුඩා දුරකදී දැකිය හැකි හක්කිඳ ආශ්‍රිතව දූපත් විස්සකට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ.විශාලතම දූපත අක්කර 12ක පමණ වපරිසයකින්  සමන්විතය. මෙහි  ක්ෂිරපායි සත්ත්ව විශේෂ 23ක්ද පක්ෂි විශේෂ 77 ක්ද උරග විශේෂ 17ක්ද ගොළු බෙලි විශේෂ 17ක්ද ජීවත් වන බව පර්යේෂණාත්මක තහවුරු කර තිබේ. 

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පර්යේෂණයක් මගින්  මත්ස්‍ය විශේෂ 18 ක් මෙහි ජීවත්වන බව සොයාගෙන ඇත. ඒ් අතරින් ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යය විශේෂයක් වන  කොළ ගඩයා (Green Labeo-Labeo fisheri) දැකිය හැකි වන්නේ මෙම ස්ථානයේදී පමණි. දැඩි ලෙස අන්තරායකර තත්ත්වයකට ලක්ව සිටීම හේතුවෙන්  මෙම මත්ස්‍යය විශේෂය 2007 වසරේදී රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ.ශ්‍රී ලංකාවට ආවේණික මසුන්ද බත්කූරු විශේෂ 16ක් ද තර්ජනයට ලක්ව තිබෙන අති උඩයන් පැලෑටි විශේෂ පහක්ද (cryphcoryne sp) මෙහි දක්නට ලැබේ. තවත් උරග,සිව්පා හා පක්ෂි විශේෂ රැසකට නවාතැන් සපයන්නේ මෙම භූමියයි.

ජෛව විවිධත්වයෙන් අනූන මෙම තෙත් බිම් ප්‍රදේශය පරිසර හක්කිඳ පාරිසරික ආරක්ෂක කලාපය (Hakkida Environmental Protection Area ) ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 2017 ජූනි 17 දින නිකුත් කළ  2024/6 ගැසට් පත්‍රය මගිනි.ඒ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරන අනවසර ඉදිකිරීම්,ගස් කපා දැමීම්  ඇතුළු පිරිසර විනාශයයන් වලක්වා ගැනීමේ අරමුණනි.ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව දූපත් සමූහය ආශ්‍රිත සිදුවන පිරසර විනාශ වීම ඉහළ ගිය බවට පරිසර සංවිධාන නියෝජිතයෝ චෝදනා කරන්නේ හක්කිඳ ආරක්ෂා කිරීමේ  බලය පැවරී තිබෙන රාජ්‍ය ආයතන රාජකාරිය පැහැර හරින බවට උදාහරණද දක්වමිනි.එහිදී වැඩි වගකීමක් පැවරෙන මධ්‍යම පරිසර අධිකාරිය තමන්ගේ වගකීම් පැහැර හරින බවට එම සංවිධාන නියෝජිතයින් චෝදන ඉදිරිපත් කරන්නේ අනවසර ඉදිකිරීමේ සම්බන්ධයෙන් නඩු පැවරීමට එම අධිකාරිය පියවර නොගන්නා බව පවසමිනි.ආදළ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් හඳුනාගෙන තිබේද ? ඒවා සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදුකර තිබෙන්නේද ? එසේ නොවන්නේ නම් කුමන හේතුවක් නිසාද යන කාරනා සම්බන්ධයෙන් හක්කිඳට ආදරය කරන බොහෝ පිරිස් තුළ පැවතියේ ප්‍රශ්නාර්ථයකි.

තොරතුරු පනත භාවිත කරමින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් අදාළ තොරතුරු ඉල්ලා සිටීමට පියවර ගනු ලැබුවේ මෙම පසුබිම තුළය.ඊට පිළිතුරු ලබා දෙමින් අදාළ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ලෙස හඳුනාගත් ස්ථාන හයක් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.දොඩම්වල ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවතේ පොල්කට්ට යන ස්ථානයේ මහවැලි ගඟේ දකුණු ඉවුර රක්ෂිතය කපා කොන්ක්‍රීට් අත්වැලක් සකසා තිබෙන්නේ රජයේ මුදල් ප්‍රතිපාදන වැය කරමිනි.එය කඩා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහනුවර මහ නගර සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.එසේ වුවත් එය මෙතෙක් කඩා ඉවත් කිරීමට නගර සභාව පියවර ගෙන නොමැත.දෙවන රාජසිංහ මාවතේ ගඟට යාබදව වයිනොට් ගාර්ඩ්න් නැමැති අනවසර හෝටලයක් ඉදිකෙරෙන බවත් එහි ඉදිකිරීම් නතර කරන ලෙස පරිසර පනතේ විධිවිධාන අනුව දැනුම් දුන්නත් හිමිකරු ඊට අවනන නොවීම නිසා නඩු පැවරීමට පියවර ගෙන තිබෙන බවත් පරිසර අධිකාරිය තොරතුරු පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශකර ඇත.අදාළ ඉදිකිරීමට එරෙහිව නඩු අංක 36491 යටතේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.අනුමත සැළසුමකට පටහැනිව ඉදිකරන ලද කුඩා රත්වත්ත මාවතේ තවත් ඉදිකිරීමක් සම්බන්ධයෙන්ද නඩු අංක 36490 යටතේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

වරාතැන්න හක්කිඳ පරිසර ආරක්ෂක ප්‍රදේශය තුළ අවසර ලත් යම් ඉදිකිරීමක් කරන්නේ නම් ගං ඉවුරේ සිට මීටර් 05 ක රක්ෂිත ප්‍රදේශයෙන් පිටත ඉදිකිරීම් සිදුකළ යුතු බව තොරතුරු ඉල්ලීමට අනුව පරිසර අධිකාරිය පැවසුවත් අදාළ සීමා උල්ලංඝනය කරමින් සිදුකෙරෙන ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාත්මකව වී තිබෙන්නේ රාජ්‍ය සේවයට සුපුරුදු ඉබි ගමනනි.මේ නිසා සුවිසල් මහල් දක්වා ඒවා ඉදිව තිබේ.මෙම සුවිශේෂි පාරිසරක කලාපයේ ගස් කැපීම්,ගොඩකිරිම් ඇතුළු තවත් අනවසර ක්‍රියා විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්ට ඇත. 2017 වසරේ හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශය විශේෂ පරිසර කලාපයක් ලෙස ගැසට් කිරිමට මූලික වූ කරුණු පහක් පරිසර අධිකාරිය මගින් දක්වා තිබේ.තොරතුරු ඉල්ලීමට අනුව ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදේශය ආරක්ෂා කිරිම සම්බ්න්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය තමන්ට පැවරී තිබෙන බලතල සම්බන්ධවද හැඳින්වීමක් කර ඇත.ලබාදුන් තොරතුරු වලට  අනුව මධ්‍යම පරිසර අධිකාරිය ගතවූ වසර පහක කාලයේදී අනවසර ඉදිකිරිමේ ලෙස හඳුනාගෙන ඇත්තේ ස්ථාන හයක් පමණි.ඒවා අතරින්ද නඩු පැවරීම් සිදුකර තිබෙන්නේ දෙකකට පමණක් වීම විශේෂ අවධානය යොමුකළ යුතු කාරණයකි…

පුවත්

දැවි තෙල් නොමැති නිසා ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බලාගාර හතරක් විටින් විට අක්‍රීය වෙලා…

වර්තමානයේ දේශපාලනිකමය වශයෙන් සහ විශේෂයෙන් ම ආර්ථිකමය අතින් ශ්‍රී ලංකාව මුහුණපා සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙහි යතාර්ථය මේ වන විට ඕනෑම…

By In
පුවත්

වවුනියාව දිස්ත්‍රික්කයේ ළදරුවන් මිය යන්නේ ඇයි?

පසුගිය පෙබරවාරි මාසයේදී වවුනියාව මහ රෝහලේදී උපත ලද ළදරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල…

By In
පුවත්

2021 වසරේ ලංකාවට නැව් 4180ක් ඇවිත්!

ශ්‍රී ලංකාව, සමුද්‍රීය සේද මාවතෙහි ඉතා ක්‍රියාශීලී කේන්ද්‍රස්ථානයකි. ඒ හැරුණුකොට​, ශ්‍රී ලංකාව නාවුකයින් අතර ඉතා සුප්‍රසිද්ධ ගමනාන්තයක් වශයෙන් ද ප්‍රකට…

By In
පුවත්

පෙනෙන තරම් සොඳුරු නැති උඩගලදෙබොක්ක ජන ජීවිතය​

සොබා සෞන්දර්යයෙහි අසිරිය සොයා යන්නන් හට සුන්දර “උඩගලදෙබොක්ක​” ග්‍රාමය අමතක කළ නොහැකි ගමනාන්තයකි. මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල බලප්‍රදේශයට…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *