පුවත්

ශ්‍රී ලංකාවේ භූමියෙන් 30% ක නායයෑමේ අවදානම්

By In

දිස්ත්‍රික්ක 14 කට  වැඩි අවදානමක්

  • තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි

– මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 30% ක් පමණ නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි  ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පෙන්වා දෙයි. තොරතුරු පනත යටතේ සිදුකරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම සංවිධානයේ තොරතුරු නිලධාරී, ආචාර්ය එච්.ඒ.ජී.ජයතිස්ස පවසන්නේ නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති මෙම ප්‍රදේශ දිස්ත්‍රික්ක 14 ක ව්‍යාප්තව පවත්නා බවයි.

ශ්‍රී ලංකාව තුළ නායයෑම් ඇතුළු ස්වභාවික ආපදාවන් පාලනය කිරීමේ ආයතනය ලෙස ක්‍රියාත්මක වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන ආකාරයට 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13 ක නායයෑමේ සිදුවීම් 1252 ක් වාර්තා වී තිබේ. එම සිදුවීම් අතරින් වැඩිම නායයෑම් සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කෑගල්ල(288) සහ රත්නපුර (269) දිස්ත්‍රික්ක වලිනි.ඊළඟට ඉහළ සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර (127) සහ මහනුවර  (123) දිස්ත්‍රික්ක වලිනි. මාතර දිස්ත්‍රික්කයේ නායයෑම් සිදුවීම් 97 කි. මාතලේ 95 කි. කොළඹ දිස්ත්‍රික්කයේ 55කි. මීට අතිරේකව ගාල්ල (46), නුවරඑළිය (41), කුරුණෑගල  (38) ගම්පහ (32) බදුල්ල (29) ,හම්බන්තොට (12) ක් වශයෙන් 2024 වසරේ දී නායයෑම් සිදුවීම් වාර්තා වී තිබේ. නායයෑම් සිදුවීමේ අවදානම ඇති අනෙක් දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයයි.

2024  වසරේ සිදුව ඇති නායයෑමේ සිදුවීම් හේතුවෙන් අධි අවදානම්,මධ්‍ය අවධානම් සහ අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇති කලාපවල නිවාස සහ ගොඩනැගිලි 1602 ක් පූර්ණ, අර්ධ හෝ සුළු අවදානමට ලක්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. අධි අවදානම් කලාපයේ සිදු වූ නාය යෑම්වලින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස හතක්, මාතරින් නිවාස හතක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස පහක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස හතරක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් නිවාස තුනක්, කළුතරින් නිවාස දෙකක්, ගම්පහින් නිවාස දෙකක්, කෑගල්ල, ගාල්ල , නුවරඑළිය දිස්ත්‍රික්ක වලින් නිවාස එකක් බැගින් නිවාස 33 කට පූර්ණ ලෙස හානි සිදුව තිබේ.

ඊට අතිරේකව, මහනුවරින් නිවාස 23 ක්, මාතලෙන් 15 ක්, රත්නපුරෙන් නිවාස හතරක්, බදුල්ලෙන් තුනක්, කළුතරින් තුනක් මාතරින් දෙකක්, ඇතුළුව නිවාස 57 කට නාය යෑම් හේතුවෙන් අර්ධ හානි සිදුවී ඇතැයි එම සංවිධානය  සදහන් කරයි. මීට අමතරව අධි අවදානම් කලාපයේ තවත්  නිවාස 146 කට සුළු හානි සිදුව තිබේ.

මධ්‍යම මට්ටමේ  අවදානම් සහිත ප්‍රදේශවල සිදුවූ නායයෑම් වලින්  නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 105 කට අර්ධ හානි සිදුව තිබේ. සුළු හානි සිදුව ඇති නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාව 1146 කි. අවදානම් අඩු ප්‍රදේශවල සිදුව ඇති නායයෑම් වලින් 2024 වසර තුළ නිවාස තුනකට අර්ධ හානි සිදුව ඇති අතර තවත් නිවාස 109 කට සුළු  හානි සිදුව තිබේ. 2024 වසරේ ඇති වූ නායයෑම් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු සහ බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින්  පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තිබේ.

අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව වර්ෂාවත් සමඟ බෑවුම් ආශ්‍රිතව ඇතිවිය හැකි පොළොව ඉරිතැලීම්, පොළොව ගිලා බැසීම්, ගස්, වැට, විදුලි කණු, දුරකථන කණු ඇඳවීම්, ගොඩනැගිලි බිම්වල සහ බිත්තිවල ඉරිතැලීම්, හදිසි දිය උල්පත් මතුවීම් හෝ සිඳීයාම් ආදී නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, එවැනි ලක්ෂණ දක්නට ලැබේනම්, අදාළ බලධාරීන් දැනුවත් කර ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත ස්ථානයකට ඉවත්වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සහ එම ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන හා යාවත්කාලීන කිරීම් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසද, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගැනීමට, නිවසක් ඉදිකිරීමට හෝ වෙනත් සංවර්ධන කටයුත්තක් කිරීමට ප්‍රථම නායයෑම් අවදානම පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අදාළ දිස්ත්‍රික් කාර්යාලයෙන් උපදෙස් ලබාගත හැකි බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

පුවත්

IMF සමග කතා කරන්න වොෂින්ටන් ගිය නිලධාරීන් වෙනුවෙන් රු. මිලියන 18ක් වැය කරලා

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු  2024 ඔක්තෝබර් මස ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

By In
පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

– මොහොමඩ් ආසික් ‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *