Uncategorized

වසර පහක් තුළ ශ්‍රී ලංකාවේ උපත් 70,000කින් අඩු වී මරණ 35,000කින් වැඩි වූ රහස කුමක්ද?

By In

තොරතුරු පනතින් කළ විමසා බැලීමක්

– මොහොමඩ් ආසික්

ජන සංඛ්‍යාවේ වර්ධනයන් සම්බන්ධයෙන් තොරතුරු දත්ත ලබා ගත හැකි වන්නේ ජන හා නිවාස සංගණනයෙනි. නමුත් මේ වන විටත් පවතින්නේ 2012 වසරේදී සිදු කරනු ලැබූ සංගණනයේ තොරතුරු බැවින් එය යාවත්කාලින වීමක අවශ්‍යතාව තදින්ම දැනෙයි. නිවැරදි දත්ත නොමැතිවීම, බොහෝ ක්ෂේත්‍රවලට අදාළ ප්‍රවණතා අධ්‍යයනය කිරීමට බාධාවකි. ශ්‍රී ලංකාවේ උපත් හා මරණ සම්බන්ධයෙන් මෑත වසර 5 තුළ පෙන්නුම් කරන විශේෂතා මොනවාද? මේ තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඒ පිළිබඳව කළ සොයාබැලීමක ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පසු ගිය වසර  පහ තුළදී ශීඝ්‍ර ලෙස පහත වැටීමකට ලක්ව ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දත්තවලින් හෙළි වෙයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වාර්ෂික ජන හා නිවාස සංගණනයේදී 1871 සිට 1963 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජන වර්ධන අනුපාතය ක්‍රමයෙන් අඩු වී 1963න් පසුව එය 1.2ක් දක්වා අඩු වී තිබිණ. තවදුරටත් පවතින්නේ එම අගයේ සුළු එහා මෙහා  වීමක් පමණි.

2019 වසරේ සිට 2023 වසර දක්වා ‍ ශ්‍රී ලංකාවේ උපත් සහ මරණ සම්බන්ධයෙන්  සොයා  බැලීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරුවලින් හෙළි වන්නේ 2019 වසරේ සිට 2023 වසර දක්වා වූ  වසර පහක කාලය තුළ ලංකාවේ දරු උපත් 14,30,785ක් සිදුව ඇති අතර  එම කාලය තුළ මරණ 6,26,990ක් වාර්තා වී ඇති බවයි. කෙසේ වුවද 2019 වසරට සාපේක්ෂව 2023 වසරේදී උපත් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් එනම් උපත් 71,110කින් අඩු වී ඇති අතර  එම කාලය තුළ මරණ සංඛ්‍යාව 34,842කින් වැඩි වී ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ඒ.එම්.ආර්.එස්.බි. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී  දරු උපත් 3,19,010ක් ලියාපදිංචි වී ඇති අතර 2020 වසරේදී ලියාපදිංචි වී ඇත්තේ දරු උපත් 3,01,706කි. ඒ අනුව එම වසර  තුළ දරු උපත් 17,304ක අඩු වීමක් සිදුව තිබේ. 2021 වසරේ දරු උපත් සංඛ්‍යාව 2,84,848ක් වන අතර  එම වසරේ පෙර වසරට සාපේක්ෂව දරු උපත් 16,858කින් අඩු වී තිබේ. 2022 වසරේදී ලංකාව තුළ දරු උපත් සිදු ව ඇත්තේ 2,75,321ක් වන අතර එම වසරේදී  උපත් 9,527කින් අඩුව තිබේ. 2023 වසරේදී ලංකාව තුළ සිදු ව ඇති දරු උපත් සංඛ්‍යාව 2,48,900කි. එම වසරේ දී පෙර වසරට සාපේක්ෂව දරු උපත් 27,421කින් අඩු වී තිබේ. 

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති මෙම දත්ත අනුව හෙළි වන්නේ  2019 වසරට සාපේක්ෂව 2023 වසරේදී දරු උපත් 71,110 කින් අඩු වී ඇති බවයි.

එම වසර 5 තුළ මරණ සංඛ්‍යාව හා පෙර වසරට සාපේක්ෂව එහි අඩු/වැඩි වීම පිළිබඳ දත්ත පහත දැක්වේ.

වර්ෂයමරණ සංඛ්‍යාවපෙර වසරට සාපේක්ෂව අඩු/වැඩි වීම
20191,46,397
20201,32,43113,966කින් අඩු වී ඇත.
20211,63,93631,305කින් වැඩි වී ඇත.
20221,79,79215,856කින් වැඩි වී ඇත.
20231,81, 2391,447කින් වැඩි වී ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ සිදු වන මරණ සංඛ්‍යව 2022න් පසුව අඩු වෙමින් පවතින අයුරුද මෙම දත්ත අනුව පෙනී යයි. 2021 හා 2022 වසරවලදි මරණ සංඛ්‍යාවෙහි අසාමාන්‍ය වර්ධනය, කොවිඩ් වසංගත තත්ත්වයෙහි සෘජු බලපෑමෙන් සිදු වූවක් බව අනුමාන කළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති උපත් මරණ දිස්ත්‍රික් මට්ටමින් ගත්  විටද මෙම අඩු වැඩි වීම මනාව පෙන්නුම් කරයි.

දිස්ත්‍රික්කය  20192023වැඩි/අඩු වීම
‍කොළඹඋපත්48,90139,6349,262
මරණ24,32126,4512,441
ගම්පහ    උපත්21,58517,5014,084
මරණ14,76518,4923,727
කළුතරඋපත්12,5038,9043,599
මරණ8,44310,9412,498
මහනුවර උපත්25,85718,3287,529
මරණ11,57614,1112,535
මාතලේ  උපත්7,8555,6732,182
මරණ3,4334,6041,171
නුවරඑළිය  උපත්7,5407,258282
මරණ4,2585,7051,447
ගාල්ල    උපත්18,54814,4044,144
මරණ9,33611,0331,667
මාතර       උපත්10,6118,0622,579
මරණ5,6337,7231,901
හම්බන්තොටඋපත්9,6247,7231,901
මරණ3,3624,6111,249
යාපනය       උපත්9,3328,2501,082
මරණ4,9195,824905
කිලිනොච්චියඋපත්2,9533,204253
මරණ590804214
මන්නාරමඋපත්1,8111,88877
මරණ528662134
වව්නියාවඋපත්3,3633,750390
මරණ9681,244276
මුලතිව්        උපත්619924305
මරණ46356683
මඩකලපුවඋපත්10,1589,0441,114
මරණ2,8753,644769
අම්පාර   උපත්14,76911,2923,477
මරණ3,6664,5231,157
ත්‍රිකුණාමලයඋපත්8,7797,1921,587
මරණ1,9372,428491
කුරුණෑගලඋපත්22,75416,9985,756
මරණ12,01115,0903,079
පුත්තලම    උපත්13,03310,9212,112
මරණ4,5785,9641,386
අනුරාධපුර                    උපත්14,8469,1785,668
මරණ5,6616,9251,261
පොළොන්නරුවඋපත්7,0195,0361,983
මරණ2,6553,391736
බදුල්ලඋපත්14,24411,4602,784  
මරණ5,6567,4301,772
කෑගල්ලඋපත්8,8737,3771,496
මරණ5,6087,5151,907
රත්නපුර උපත්17,42410,9486,476
මරණ7,2619,7292,468

මෙම සංඛ්‍යා ලේඛන විමර්ශනය කර බැලීමේදී සමස්තයක් ලෙස උපත් ප්‍රමාණය අඩු වි ඇතත් දිස්ත්‍රික්කය කිහිපයක උපත් ප්‍රමාණය සුළු වශයෙන් වැඩි වී ඇති බව පෙනේ. කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල උපත් වැඩි වීමක් පෙන්නුම් කරයි. අනෙක් සියලු දිස්ත්‍රික්කවල අඩු වීමක් පෙන්නුම් කරයි. එසේ වුවත් මරණ සංඛ්‍යාව, සියලු දිස්ත්‍රික්කවල වැඩි වීමක් පෙන්වයි.

වාර්ෂිකව උපත් අඩු වීමටත් මරණ වැඩි වීමටත් බලපාන හේතු සොයා බැලීම සඳහා වෙනම  ගවේෂණයක් සිදු කළ යුතුව තිබේ.

Uncategorized

දියවන්නාවේ වරමෙන් සෙවණ සලසා ගත්තෝ 

– ජනක සුරංග ජනතා සේවයට සැදී පැහැදී සිටින මහජන නියෝජිතයන්ට සිය සේවා කටයුතු පහසුවෙන් කාර්යක්ෂමව සිදුකිරීමට පාර්ලිමේන්තුව මගින් විවිධ වරප්‍රසාද…

By In
Uncategorized, පුවත්

අම්බලන්තොට වැලි ජාවාරම්කරුවන් රැක ගන්නට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නීතිපති උපදෙස්වලට පිටුපායි. සිද්ධිය පිටුපස පොලිස් ලොක්කෙකුත්!  

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි….

By In
Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *