Social, පුවත්

ලෝක බැංකුවෙන් ලබා දුන් රුපියල් මිලියන 9374 ක් වියදම් කළ ලේඛන නොමැති කෘෂි ව්‍යාපෘතිය

By In
  • රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලෝක බැංකුවෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදුන්  ඇමරිකන් ඩොලර් මිලියන 64.3ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 9374.37) ණය මුදලක් යටතේ ක්‍රියාත්මක කළ කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ලබාදුන් ද්‍රව්‍යමය ආධාර වශයෙන් වතුර මෝටර් ලබාදුන් අයගේ ලේඛනයක්  මෙන්ම ඒ සඳහා කළ වියදම් සම්බන්ධයෙන් තොරතුරු අදාළ අංශයේ නොමැතිබව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයේ, කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය පිළිබඳව සිදුකළ විමසීමකදී අනාවරණය විය.

විශේෂයෙන්ම  ශ්‍රී  ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, වෙළඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ව්‍යාපෘති ප්‍රදේශවල කුඩා වතු හිමියන්ගේ සහ කෘෂි ව්‍යාපාරවල අගය එකතු කිරීමේ අරමුණ ඇතිව 2017 වර්ෂයේදී  ඩොලර් මිලියන 125ක් ලෝක බැංකු ණය යටතේ ලබාදී තිබෙන අතර ඉන්  කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඩොලර් මිලියන 64.3.ක් හා වැවිලි අමාත්‍යාංශය යටතේ පවතින සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම අංශ නවීකරණ  ව්‍යාපෘතිය- අගය දාම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 61.19ක මුදලක් ලබාදී තිබේ.

වැවිලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද  කෘෂිකර්ම අංශ නවීකරණ  ව්‍යාපෘතිය තුළින් සිදුවූ අක්‍රමිකතා  සම්බන්ධයෙන් අප මීට අවස්ථා  කීපයකදීම වාර්තාකරනු ලැබී ය. මෙවන් පසුබිමක් තුළ  කෘෂිකර්ම අමාත්‍යංශ යටතේ ඇති කෘෂිකර්ම අංශ නවීකරණ  ව්‍යාපෘතිය තුළ ද විවිධ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව තොරතුරු දැනගැනීමේ පනත භාවිත කොට මෙම තොරතුරු විමසන ලද අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට හැකිවිය.

ඇමරිකන් ඩොලර් මිලියන 125ක ණය මත ක්‍රියාත්මක වූ  මෙවැනි  විශාල ව්‍යාපෘතික් ක්‍රියාත්මක වීමේදි එහි විනිවිදභාවය සම්බන්ධයෙන් තොරතුරු  දැනගැනීමට සියළු පුරවැසියන්ට අයිතියක් තිබෙන බව අමුතුවෙන් පසක් කළ යුතු කරුණක් නොවේ. නමුත් ඊට අදාළ තොරතුරු ඉල්ලා 2023.03.23 දිනැතිව අදාළ පොදු අධිකාරිය වෙත ප්‍රශ්න අංක 10ක් යටතේ කරුණු විමසූ අතර එසේ  ඉදිරිපත්කරනු ලැබූ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාළ පොදු  අධිකාරිය ලබාදී ඇත්තේ සාධනීය ප්‍රතිචාර නොවේ. 

එසේ ඉදිරිපත්කරනු ලැබූ තොරතුරු ඉල්ලුම මගින් ඉල්ලා ඇති තොරතුරු වන්නේ ,අදාළ ව්‍යාපෘතිය මගින්  ද්‍රව්‍යමය ආධාර වශයෙන් වතුර මෝටර් ලබාදුන් අයගේ ලේඛනයක් ,අදාළ වතුර මෝටර් මිලදී ගෙන ඇත්තේ කුමන ආයතයක් මගින්ද? එම වතුර මෝටර් ලබාගැනීමට මත්තෙන් ටෙන්ඩර් කැඳවීමක්  සිදුකර තිබේද? එසේ තිබේනම් එම ටෙන්ඩරයේ පිටපතක් හා  මිල ගණන් ඉදිරිපත්කළ   අනෙක් සමාගම් හෝ පුද්ගලයන්ගේ  ලේඛන,එම වතුර මෝටර් එකක් මිලදීගෙන ඇත්තේ කුමන මිල ගණන් යටතේද? මේ වනවිට ලබාදී ඇති වතුර මෝටර් සියල්ල ලබාදීමට කොපමණ මුදලක් වැයකර තිබේද? එම වතුර මෝටර් මිලදීගත් බිල්පත් පිටපත් .මෙන්ම  මිලදී ගැනීම් කිරීමට අනුමත කළ කමිටුවේ හෝ නිලධාරීන්ගේ ලේඛනයක් ද්‍රව්‍යමය ආධාර ලබාදීමට පමණක් ඒ ඒ දිස්ත්‍රික්ක වශයෙන් කොපමණ මුදලක් යොදවා තිබේද? යන කාරණා වේ. 

සඟවන ලද මුල්‍ය තොරතුරු

ඉදිරිපත්කළ මෙම තොරතුරු ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් අදාළ පොදු අධිකාරිය වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් දන්වා ඇත්තේ මෙම වතුර මෝටර් ලබා දුන් අයගේ නාමලේඛණය මෙම අංශයේ නොමැති බව මෙන්ම මෙහි සඳහන් ටෙන්ඩර් පිටපත් මිළ ගණන් ඉදිරිපත් කළ සමාගම් හා පුද්ගලයන් ඉදිරිපත් කිරීම එම ආයතනවලට හානිදායක බවත්, වාණිජ විශ්වාසය බිඳවැටීමට හේතුවක් වන බැවින් එම තොරතුරු ලබාදිය නොහැකි බවයි. එමෙන්ම එම වතුර මෝටර් සියල්ල ලබාදීම සඳහා කරන ලද වියදම්වල එකතුවක් සඳහන් ලේඛණයක් නඩත්තු නොකරන බවද එහිදී සඳහන් කර තිබේ. එමෙන්ම මේ සඳහා තීන්දු තීරණ ගත් කමිටුව සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් දක්වා ඇත්තේ අදාළ කමිටුවේ නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම එම නිලධාරීන්ගේ පෞද්ගලිකත්වයට හා රහස්‍යභාවයට හානිදායක වන හෙයින් එම තොරතුරු ලබාදිය නොහැකි බවයි.  

ඉහත සඳහන් තොරතුරු කිසිසේත් පුරවැසියන්ගෙන් සැඟවීමට අවශ්‍ය තොරතුරු නොවන වග මැනවින් පෙනීයන දෙයකි. විශේෂයෙන්ම රජයේ මුදල් යනු පුරවැසියන්ට අයත් දේපලක් බව රාජ්‍ය  නිලධාරීන් නොදන්නවා විය නොහැක. එවන් අවස්ථාවක රජය ලබාගත් ණය මුදල් මගින් ආධාර ලබාදුන් අය  මෙන්ම ඒ සඳහා සිදුකරනු ලැබූ වියදම් සම්බන්ධයෙන් අදාල අංශ තුළ නොමැති බව පැවසීම  විමතියට කරුණකි. එමෙන්ම මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන නඩත්තුවන  ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් නිලධාරීන් කවුරුන්ද යන්න  සම්බන්ධයෙන් රටට සඟවන්නේ කුමන හේතුවක් මතද? යන්න බරපතල සැකයක් මතු වන කාරණයක් වේ. මෙය හුදෙක් වංචාවේ හා දුෂණයේ කැපී පෙනන ලක්ෂණයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

විශේෂයෙන්ම රටේ සියලුම පුරවැසියන් ණයකරුවන් කරමින් ලෝක බැංකුව මගින් ලබාදුන්  ඇමරිකන් ඩොලර් මිලියන 64.3ක ණය මුදලක් මගින්  කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති  කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් සිදුකළ වියදම් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් තොරතුරු නොමැතිවීම, මෙන්ම  අදාල තොරතුරු මහජනතාවගෙන් සැඟවීමට උත්සහදැරීම සම්බන්ධයෙන්    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ එවැනි තොරතුරු ආයතන තුල නොතිබිය නොහැකි බවයි. එමෙන්ම තමන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් ද කරන බව ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.

පසුගිය කාලය පුරාවටම  ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තුල සිදුවූ කඩා වැටීමට ප්‍රබලවම බලපෑ කාරණා වන්නේ මේ ආකාරයේ අවිධිමත් මූල්‍ය පරිහරණය වේ. ඒ අතර කාබනික පොහොර නැව ගෙන්වීමේදී සිදුවූ මූල්‍ය නාස්තිය, මෙන්ම කිසිදු නියමාකාර පර්යේෂණයක් නොකරමින් ප්‍රවර්ධනය කරනු ලැබූ කාබනික වී වගාව, මෙන්ම සුදුසුකම් නොලබන සමාගම්වලට හා පුද්ගලයන්ට ඒ වෙනුවෙන් කොන්ත්‍රාත්තු ලබාදීම ආදිය ඒ අතරින් කැපී පෙනන සාධක කීපයක් වේ.මේ සෑම කරුණකින්ම පිළිබිඹු වන්නේ අල්ලස දුෂණය හා නාස්තිය යි. එමෙන්ම ශ්‍රී  ලංකාව වෙලාගෙන තිබෙන මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පුරවැසියන්ට වගකියන්නේ කවුරුන්ද යන්න තුල ඇත්තේ ප්‍රශ්නාර්ථයක්  පමණි.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *