Social, පුවත්

යටිනුවර ප්‍රාදේශිය සභාවේ මුදල් ඇත වැඩ නැත

By In

ගම්මු පාරවල් සාදා ගනිති

  • මහේන්ද්‍ර රන්දෙනිය 

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය හා ප්‍රදේශීය සභාව පෙනි පෙනී පාරක් නොමැතිව  සුසුම් හෙළන ජන කොටසක් යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ  ඇඹිල්මීගම උතුර බරම්මනේ  හා රන්දිපොල යන ප්‍රදේශවල වාසය කලහ. කොළඹ නුවර  ප්‍රධාන මාර්ගයේ සිට ඔවුන්ගේ නිවාස වලට යෑමට  මීටර් 800 පමණ වුනත් මාර්ගයක් තැනීමට එක ම බාධාව නම්  මාර්ගය ආසන්නයේ ඇති  නානුඔය හෙවත් කුඩා ඔය නමින් හඳුන්වන දියදහරත් ඉන් පසු ඇති දුම්රිය මාර්ගයත්ය. ඔයෙන් එගොඩ වීම සඳහා  ස්ථාන දෙකකින් රජයේ ආධාර මත පාලම්  දෙකක් ඉදිකර ඇතත් දුම්රිය මාර්ගය නිසා  ගම තුළට වාහනයකින් යෑම සිහිනයකි. නිවසක් සෑදීමට  ගල් වැලි සිමෙන්ති, දැව ආදී සෑම දෙයක් ම ප්‍රවාහනය  කර ගත යුත්තේ කර මතිනි . ලෙඩට දුකට  මංගල අවමංගල කටයුත්තකට නිවෙස් වෙත යා යුත්තේ  පා ගමනෙනි. දුම්රිය මග හරහා අතුරැ මාර්ගයක් ඉදි කර ගැනීමට කීප වතාවක් ම ඉල්ලීම් කළත් දුම්රිය බලධාරීන් ගේ පිළිතුර   “අහුන්ගල්ලේ දුම්රිය අනතුරින් පසු දුම්රිය මග හරහා අතුරු මාර්ග ඉදිකිරීමට අවසර  නොදෙන බවයි.” මේ ආසන්නයේ පිහිටි යකා බැඳි ඇල්ල නමින් හඳුන්වන කඳුගැටයත් වංගු සහිත ප්‍රදේශයක් වීමත් නිසා මීට පෙර අවස්ථා කීපයක දී දුම්රිය පීලි පැන තිබීම හා දුම්රියට මිනිසුන් කීප දෙනකු යට වී තිබීමත් ඔවුන්ගේ ඉල්ලීම  ඉවත දැමීමට තවත් හේතුවක් විය.  පාසල් ළමුන් කුඩා දරුවන් වැඩිහිටියන් රෝගීන්,  ගැබිනි මව්වරුන් ප්‍රධාන පාරට පිවීසීමට දුම්රිය  මග ඔස්සේ ටික දුරක් ගමන් කර  පාලම වෙත යා යුතු ය. මේ නිසා ඔවුන්ට දුම්රිය  යන තෙක් බලා සිටිය යුතුය .

  බ්‍රිතාන්‍යය  ජාතිකයන් විසින් දුම්රිය මාර්ගය ඉදි කලේ ප්‍රවාහන පහසුව පිණිසය. ඒ සඳහා ගම්මුන්ගේ ඉඩම් රජයට පවරා ගත් අතර අද එම ඉඩම් තුළින් යෑමට ගම්මුන්ට  දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය ගත යුතු ය.  එපමණක් නොව දුම්රිය මඟ දිගේ පයින් ගමන් කිරීමත් නීතියෙන් අච්චු ලැබිය හැකි වරදකි. 

 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර ආසන්නයේ ඇති  නානු ඔය දුම්රිය ගේට්ටුව අසලින් රණවන පුරාණ විහාරයට යාම සඳහා  අලුතින් සාදා ඇති මාර්ගයේ මද දුරක් ගිය විට    දුම්රිය හරස් මඟ ඔස්සේ ගමන් නො කොට  මේ බරම්මනේ ගම වෙත ළඟා විය හැකි මාර්ගයක් සදා ගැනීමට හැකියාව තිබිණි. නමුත් එම කොටස ද ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට ය.  මෙයට ගත හැකි හොඳම විසඳුම නම් දුම්රිය රක්ෂිතයෙන් එම කොටස බදු ගෙන  ඒ බිමෙන් මාර්ගය සකස් කර ගැනීමයි.  මේ යෝජනාව දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට  ප්‍රදේශවාසීන් විසින් මුදල් එකතු කොට ප්‍රදේශීය සභාවට ගෙවා සභාවෙන්  බදු ගැනීම නිසා මගීන්ට ගමන් කිරීමට අවස්ථාව සලසා ගෙන තිබුනි. 

ඇඹිල්මීගම ග්‍රාම සංවර්ධන  සමිතියේ  මාර්ග සංවර්ධනයේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ  මිනිස්සුන්ට ගමන් කිරීමට නොහැකි මෙම බරම්මනේ මාර්ගය , තිස්සදෙනිය මාර්ගය හා එහි නාය ගිය කොටස සංවර්ධනය කර දීමත් රන්දිපොල  මාර්ගයේ පැති බැම්ම ඉදිකර ගැනීමයි.  නමුත් මෙම ඉල්ලීම් පසෙක දමා ගම නියෝජනය කරන ජනතා නියෝජිතයෝ සිදු කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය පරිදි සභා අරමුදල් යෙදවීම ය.     

2016 අංක12 දරන තොරතුරු දැන ගැනීමේ පනත අනුව මා කළ ඉල්ලීමට  ලැබී ඇති තොරතුරු අනුව යටිනුවර ප්‍රාදේශීය සභාව 2020 වසරේ යටිනුවර  සංවර්ධනය  සඳහා රුපියල් තුන් කෝටි හතලිස් එක් ලක්ෂයක් ද ,2021 වසරේ  පන් කෝටි අනූ දහසක් ද, 2022 වසරේ පන්කෝටි විසි  ලක්ෂයක් ද  වැය කර ඇති අතර 2023 වසරේ සංවර්ධනය සඳහා හයකෝටි පනස් ලක්ෂයක් වෙන් කර ඇති බව සඳහන්  වූවත්  මෙම බරම්මනේ මාර්ග ඉදිකිරීමට කිසිදු සභා නියෝජිතයකු සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර නොමැත.

 නමුත් මෙම ජනතා නියෝජිතයන් 2020 වසර තුළ එම බල ප්‍රදේශයේ සභා අරමුදලින් 703,210ක්ද සපිරිගමක් යටතේ රැ.ලක්ෂ 10ක්ද වියදම්කර ඇත. 2021 වසරේ 19 80,000ක්ද 22වසරේ සභා අරමුදලින්  16,50,000ක්ද  මාර්ග සංවර්ධන වැඩ කටයුතු සිදුකර ඇති ඇත. 2023  වසරේ 12,50,000   සංවර්ධන යෝජනා ඉදිරිපත් කර ඇතත් එම කිසිම යෝජනාවක මෙම මාර්ගය ගැන සඳහනක් නොමැත. තම තමන්ගේ  හිතවතුන්ගේ නිවාස  පහ හයකට යන මාර්ග සෑදීම   පැරැණි මාර්ගවල  කානු පද්ධති බැඳ දීම හා පැති බැමි බැඳ දීමට කටයුතු කර ඇත.  ඇතැම් ප්‍රාදේශීය සභා සභිකයන්ට සභා නියෝජිතයන්ම  5%කොමිස් ගන්නා බවට  චෝදනා එල්ල විය. ඇතැම් කොන්ත්‍රාත්කරුවන්  පවසන්න ඇතැම් අය ව්‍යාපෘතිය පටන්  ගැනීමටත් පෙර තම කොමිස් මුදල ඉල්ලා සිටින බවය . ඔවුන්ට මෙම අසාධාරණය පැමිණිලි කිරීමට කෙනෙක් නැත. එසේ කළොත් මෙතෙක් කල ව්‍යාපෘතිවල ට මුදල් ගැනීමට එය බාධාවක් විය හැක. නැති නම් ඉදිරී ව්‍යාපෘති නොලැබේ යැයි යන බිය නිසා ඔවුන් පැමිණිලි කිරීමෙන් වැලකී සීටි. 

මෙහි සඳහන් තිස්සදෙනිය මාර්ගය හා බරම්මනේ  යන මාර්ග දෙකම පිහිටා ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය සභාව  පිහිටි අංක 166  ඇඹිල්මීගම උතුර වසම තුළය. කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන තිස්සදෙනිය මාර්ගයද එක් ඉඩම් හිමියකුගේ නිවස අසලින් තිබුනේ අඩි 6 පළල කොටසකි. එය අඩි 10 දක්වා පලල් කර ගැනීමට  සභාවෙන් කල ඉල්ලීමට උත්තරය වුනේ පෞද්ගලික දේපලක් නිසා එය  අධීකරණ තීන්දුවකින් ලබා ගතයුතු බවකි .මෙම ගැටලුව ආණ්ඩුකර තුමා දක්වාම ගිය අතර අඩි 20 දිග අඩි එක හමාරක පළල එම නිවසියන්ද ගමන් කරන  එම කොටසක  රුපියල් 450,000  මුදල් එකතුකර එම නිවසට රුපියල්  58000 වියදම් කර බැම්මක්  මාර්ගයේ යන පිරිස ගේ පෞද්ගලික වියදමින් සාදා දී එම කොටස සභාවට පවරා දීමයි. පසුව මධ්‍යම රජයෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ගමකට වෙන් කළ ලක්ෂ 20 ලක්ෂ 05 ප්‍රදේශීය සභාවට   ලබාගෙන එම මාර්ගයේ කොටසක් සංවර්ධනය කර ගැනීමයි. නමුත් එම මුදල ප්‍රමාණවත්  නොවේ නම් සභාවෙන් තවත් ලක්ෂ එකහමාරක් දෙනවා කීවත් අවසාන උත්තරය වුනේ වර්ෂ අවසානය නිසා සභා අරමුදල්   එන වසරේ අප්‍රේල් වන තෙක් ලබාදිය නොහැකි බවයි. එම නිසා නැවතත් ගම් වැසියන් මුදල් එකතුකොට එම කොටසද කොන්ක්‍රීට් කරගන්නා ලදි.  මෙම මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කර දීම වෙනුවට ගම නියෝජනය කරන සභිකයා කලේ ලක්ෂ අටක් වැය කර මෙම මාර්යේම නිවාස කීපයකට යන අතුරැ මාර්ගයක්  සංවර්ධනය කර දීමයි. නමුත් තොරතුරැ දැනගැනීමේ පනත,අනුව මා කල වීමසීමේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසර සඳහා අයවැයෙන්  ලක්ෂ 5 මුදලක් වෙන්කර තිබිණි.

මෙසේ ගමේ මිනිස්සුන්ට නිවාසවලට යන්න  මාර්ග නැතිව තිබියදී  ඔවුන් මුදල් වෙන්කර ඇත්තේ මාර්ග තිබෙන මිනිස්සුන්ට කානු බැඳ දීමටය හා පැති බැමි බැඳදීමටය.

 මේ වනවට පළාත් පාලන ආයතන විසුරුවා හැරීම නිසා මෙතෙක් කලක් ඉටු නොවූ බොහෝ ඉල්ලීම් නිලධාරී මට්ටමින් ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබී ඇත.

 මෙයට හොඳම නිදසුන නම්  බරම්මනේ මාර්ගය  සදහා  මිනිසුන් පෞද්ගලිකව පෞද්ගලිකව මුදල් වැය කර දුම්රිය දුම්රිය රක්ෂිතය බදු ගැනීමයි.  එම මාර්ගය සෑදුනේ දුම්රිය  දෙපාර්තමේන්තුවටත් ප්‍රදේශීය සභාපතිටත් නිතර නිතර කළ ඉල්ලීම නිසා ප්‍රාදේශීය සභාවේ සභාපති විසින්  දුම්රිය සාමාන්‍යධිකාරී තුමා සමග සාකච්ඡා කොට ඒ සඳහා පස් අවුරැදු බදු ගිවිසුමක් මගින් 2022.11.21දින නීත්‍යානුකූලව මාර්ග සංවර්ධනය කිරීමේ බදු අයිතිය  ජනතාවට ලබාදී ඇති අතර ඒ සඳහා  අදාලා බදු මුදල වන රුපියල් 13,000 මුදලක් ජනතාව විසින් සභාවට ගෙවා ඇත.

ප්‍රාදේශීය සභා විසිරුවා හැරීම නිසා මාර්ග සංවර්ධනය සඳහා  ප්‍රතිපාදන   ලබාගැනීමට නොහැකිවූ අතර එම මාර්ගයේ ගමන් කරන පිරිස පිරිස එකතු විය රුපියල් 585,000 ක් පමණ මුදලක් වැය කොට  දුම්රිය මාර්ගයට සමාන්තරව පෞද්ගලික ඉඩම් වලින් ද ඉඩම් ලබාගෙන මෙම මාර්ගය  මීටර් 900ක් දුරට කපා සංවර්ධ ඇත. නමුත් මෙම මාර්ගයේ ඇති ලයිට් කනු දෙකක් ඉවත් කිරීමේ දී ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර දැන් මෙය සභාවට අයත් පොදු මාර්ගයක් නිසා    යටිනුවර  ප්‍රාදේශීය සභාව මැදිහත්වී ඉටුකර දෙන ලෙස ගම්වාසීන් සභා ලේකම් තුමා ගෙන් ඉල්ලීම් කර ඇත.

මේ පිළිබඳව  යටිනුවර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් විමසූ විට පැවසුවේ. මෙතෙක් සංවර්ධනය නොවූ මාර්ග පිළිබදව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් මගින් ඉල්ලීමක් කළ හොත්  ආණ්ඩුකාරවරයාට යොමු කර එම මාර්ග සඳහා යම් මුදලක්  ලබා දීමට කටයුතු කරන බවයි.  මෙම බරම්මනේ මාර්ගය සඳහා ද ලක්ෂ 10 ක මුදලක්  ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි අතර එම මුදල සඳහා ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට යොමු කොට ලබා දීම  කටයුතු කරන බව පැවසීය.

රාජ්‍ය නිලධාරින් දේශපාලන පක්ෂ පාට හා හිතවත්කම් බල නොපාන අතර ප්‍රදේශවාසීන් බහුතරයක් අත්සනින්ලිඛිතව  ඉල්ලීමක්  සිදුකර ඇත්නම් සභාවේ තාක්ෂණ නිලධාරීන්  ගොස් පරීක්ෂා කර බලා  එම වාර්තාව අනුව ප්‍රාදේශීය සංවර්ධනය කමිටුවේ නිර්දේශය ලබාගෙන ආණ්ඩුකාරතුමාට යොමු කොට එම කටයුතු ඉටු කර දීමට කටයුතු බවයි.

මේ අනුව ඇඹිල්මීගම උතුර වසමේ බරම්මනේ මාර්ගය තිස්සදෙනිය මාර්ගය ජනතාවගේ  ඉල්ලීම් අනුව සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු සිදුකෙරෙන බව පැවසීය. 

හිටපු මන්ත්‍රී  වසන්ත යාපා මහතා  නිදහස ජනතා සභාවට  ගිය පසු තවමත් යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තනතුරට මහජන නියෝජිතයෙක් පත් නොමැති නිසා මහනුවර මහ දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවේ රැස්කොට  ඉදිරියේදී කිරීමට නියමිත යෝජනා සම්මත කොට ආණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් සිදු කරන බව යටිනුවර ප්‍රදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර මහතා පැවසීය. 

මේ අනුව මන්ත්‍රීවරු නො කළ විශාල වැඩ කොටසක් රාජ්‍ය නිලධාරීන් ලවා  මහජනතාවට කර ගත හැකි සභිකයන්  සභාපති උප සභාපති ඇතුළු 45 දෙනාට ගෙවන ඉන්ධන, වැටුප් හා දුරකතන දීමනා නොගෙවීම නිසා  මාසික  ඉතිරි වන 878,000 මුදල ද  2023 අය වැයෙන් වෙන් කර ඇති හය කෝටි පනස්   ලක්ෂයක මුදලට අමතරව සංවර්ධනය සඳහා වැය කළ යටිනුවර ජනතාවට ප්‍රාදේශීය  නියෝජිතයන්ගේ අඩුව නොදැනෙනු ඇත.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *