පුවත්

මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කාන්තා නියෝජනය 29% යි!

By In

අප පසු වන්නේ අතීතයට සාපේක්‍ෂව කෙතරම්  දියුණු යුගයක වුව ද තවමත් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පවතින තත්ත්වය විවාදාත්මක ය​. විශේෂයෙන් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ එකී තත්ත්වය බරපතල ය​. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන පරිදි ආසියා-පැසිෆික් කලාපය පුරා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ, පුරුෂයින්ට සාපේක්‍ෂව කාන්තා නියෝජනය තවමත් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක  පවතී.  

යුනෙස්කෝ නවදිල්ලි කාර්‍යාලය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය  සමඟ එක්ව  පසුගිය 2020 පෙබරවාරි 26-27 දිනවල  කාන්තා මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කළ  දින දෙකක ධාරිතා වර්ධන වැඩමුළුවේ දී සිය අදහස් දක්වමින් යුනෙස්කෝ සංවිධානයේ නව දිල්ලි  අධ්‍යක්‍ෂක​, එරික් ෆෝල්ට් මහතා පවසා සිටියේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය – මාධ්‍ය නිදහස සඳහා තීරණාත්මක පූර්ව කොන්දේසියක් බවට යුනෙස්කෝ සංවිධානය විශ්වාස කරන බවයි. 

ඒ අනුව 2020 වසර තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ජනමාධ්‍යවේදීන් ප්‍රමාණය පිළිබඳ විමසීම ඉලක්ක කොටගෙන අප විසින් අවස්ථා දෙකක දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රකාරව තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කෙරිණි. 

ඒ අනුව මාධ්‍ය ක්‍ෂේත්‍රයෙහි කටයුතු කරන පුද්ගලයින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව එමගින් ලබා දෙනු ලබන ජනමාධ්‍යවේදී හැඳුනුම්පත ලබාගැනීම සඳහා අවම වශයෙන් පහත සුදුසුකම් සපුරා තිබිය යුතු බව සඳහන් කර ඇත. 

  1. පිළිගත් මාධ්‍ය ආයතනයක ස්ථිර හෝ කොන්ත්‍රාත් පදනම මත ජනමාධ්‍යවේදියෙකු ලෙස අවම වශයෙන් මාස 06කට වැඩි කාලයක් සේවයේ නිරත විය යුතු ය​. 
  1. නිදහස් මාධ්‍යවේදීන් සඳහා අවම වශයෙන් වසරක කාලයක් අඛ ණ්‍ඩව නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ජාතික මට්ටමින් පිළිගත් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවය කර තිබිය යුතු ය​. 

මේ අනුව 2020 වසර සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍යවේදී හැඳුනුම්පත් 3113ක් නිකුත් කර තිබේ. එම ලියාපදිංචි හැඳුනුම්පත් ලාභීන් අතරින් කාන්තා නියෝජනය 904 කි. එම ප්‍රමාණය නියෝජනය වන්නේ පහත පරිදි ය​.

  • මාධ්‍යවේදී 835
  • වෙබ් මාධ්‍යවේදී  44
  • මාධ්‍ය සේවා  25

(මෙම තොරතුරු 2020 වසරේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කාන්තා මාධ්‍යවේදීන් සම් බන් ධව ය​. පුහුණුවීම් පදනම මත සේවය කරන අයවලුන් සඳහා හැඳුනුම්පත් නිකුත් නොකෙරෙන් බැවින් දැනට සේවයෙහි නිරත තථ්‍ය ප්‍රමාණය මීට සුළු වශයෙන් වැඩි විය හැකි ය. ) 

කෙසේ නමුත් මෙම තොරතුරු හා සැසඳීමේ දී 2020 වසර සඳහා ජනමාධ්‍යවේදී හැඳුනුම්පත් ලාභී වෘත්තීය මාධ්‍යවේදීන් අතුරින් කාන්තා නියෝජනය 29.03% ක් බව විශේෂයෙන් පෙන්වා දිය යුතු ය​. 

පුවත්

පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම සම්බන්ධ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

තොරතුරැ ප්‍රතික්ෂේප කොට ඇත්තේ පනතේ 5(1) අ සහ 5(1)ඌ යන විධිවිධාන යටතේය. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම…

By In
පුවත්

රටගිය ඇත්තන්ගේ දුක්බර කතාව පිටුපස ඇති ලොක්කන්ගේ කෙරුවාව

නිරෝධායනයට හෝටල්වලට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින්ගේ නිරෝධායනය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් තිබී නැහැ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   ශ්‍රී…

By In
පුවත්

කොවිඩ් වසංගතය හමුවේ පාසැල් වල පූර්වාරක්‍ෂාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 681,625,800.00 ක්!

රිෆ්දි අලි  අධ්‍යාපනය සමස්ත ප්‍රජාවට අත්‍යවශ්‍ය දෙයකි. රටෙහි ආර්ථික සංවර්ධනයට ද  අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් වේ.  මෑතක් වන තුරු ම සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *