Social, පුවත්

මධ්‍යම පළාතේ පාසැල්වලින් තුනෙන් එකකම සිසුන් සීයයට අඩුයි. සිසුන් 50ට අඩු පාසැල් 211ක්, පාසැල් 14ක සිසුන් දහයට අඩුයි!

By In
  • මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව කලින් කලට වෙනස් වෙමින් අතීතයේ සිටම පැවත එන බව නොරහසකි. සිංහල රජ කාලයේ පටන්ම විවිධ ක්‍රම උපයෝගි කර ගෙන  පැවැති අධ්‍යාපන ක්‍රමය  ගමේ පන්සල මූලික කර ගනිමින් කලෙක පැවතිණ. මෙම ක්‍රමය මගින් එදා සාරධර්ම ගුණධර්ම පිරි අධ්‍යාපනයක් සැමට සමානව ලැබිණ. නමුත් ඉංග්‍රීසින් විසින් මෙරට අත් පත් කර ගැනීමෙන් පසුව මෙරට අධ්‍යාපන ක්‍රමයද  විවිධ වෙනස්කම්වලට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රිසි පාලන සමයේ පැවැති අධ්‍යාපන ක්‍රමය රට  නිදහස ලැබීමෙන් පසුව ද අද දක්වාම පවතින අතර නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට මෙරට දුප්පත් පවුල්වල විශාල පිරිසක් ලොව පිළිගත් උගතුන් බවට පත්වූහ. 

එසේ වුවද විවිධ කාලවල බලයට පත්වූ රජයන් විසින් ගෙන එනු ලැබූ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුලින් කලින් කලට  සිදු කරනු ලැබූ වෙනස් කම් යාවත්කාලින සහ නව ලෝකයට ගැලපෙන ඒවා නොවිම සහ පාසල් අතර සම්පත් බෙදියාමේ විෂමතාවය කරණ කොටගෙන නුතන බලධාරින් පවා හඳුනා ගෙන ඇති ගටළුවක් වන්නේ ගම්බද පාසැල්වල හිෂ්‍ය සංඛ්‍යාව සීග්‍රයෙන් පහත බැසීමයි. ජාතික විගණන කාර්යාලය මගින් 2017 වසරේදී සිදු කරනු ලැබූ සාපේක්ෂ වශයෙන් සිසුන් සංඛ්‍යාව අඩු පාසැල්වල කාර්ය සාධනය පිළිබඳව වූ විගණන වාර්තාව මගින්ද අඩු සිසුන් සංඛ්‍යාවක්  සහිත පාසල්වල කාර්ය සාධනය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක්  කර තිබේ.

මධ්‍යම පළාත යනු මෙරට  සුවිශේෂි පළාතක් වනුයේ මෙරට අධ්‍යාපන කෙෂ්ත්‍රයටද මෙම පළාත සුවිශේෂි දායකත්වයක් ලබා දීම තුලිනි. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වන අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඊ ඒ නුගවෙල මහතාගේ නිජ භූමිය වන්නේද  මධ්‍යම පළාත  මහනුවර දිස්ත්‍රික්කය වෙයි. 

කෙසේ  වුවද මේ වන විට මධ්‍යම පළාතේ අධ්‍යාපන කෙෂ්ත්‍රය තුල සිදු වෙමින් පවතින්  වෙනස්කම් පිළිබඳව 2016 අංක 12 දරණ තොතරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පිළිබඳව  පනත මගින් කරන ලද ඉල්ලීමක් අනුව ලැබුණු තොරතුරු මත සිදු කරන විමසීමකි මේ.

මෙම ලිපිය සකස් කිරීමේ මුලික අරමුණ වන්නේ මධ්‍යම පළාත් තුල පවතින පාසැල්වලින් සිසුන් සියයට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසැල් පිළිබඳව  විමසා බැලීම සහ පාසැල්වල සිසුන් වේගයෙන් අඩු වීම නිසා ඉදිරියේදී  පාසැල් පද්ධතිය තුල සිදු විය හැකි  බිඳ වැටීම් සම්බන්ධයෙන් විමසා බැලීමයි. 

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ  අයිතිවාසිකම් පනත අනුව මධ්‍යම පළාතේඅධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් කරනු ලැබූ තොරතුරු විමසීමක් අනුව එහි නම් කළ  නිලධාරි එම්.ජී.අමරසිරි පියදාස මහතා විසින් එවා ඇති තොරතුරු අනුව මධ්‍යම  මධ්‍යම පළාත තුල  මුළු පාසැල් 1521 ක් පවතින අතර එයින් පාසැල් 484 ක්ම එනම් මුළු පාසැල් සංඛ්‍යයෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවකම ඉගෙනුම ලබන සිසුන්ගේ සංඛ්‍යාව සියයට අඩු බව හෙළි විය. 

තොරතුරු ඉල්ලීමට ලැබුණු පිළිතුර අනුව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15  පවතින අතර එම කලාප තුල  සිසුන් 100 කට පාසැල් සංඛ්‍යාව  සඳහන් වන්නේ මෙලෙසයි.  මහනුවර දිස්ත්‍රික්කයට අයත්  කටුගස්තොට කලාපයේ  පාසැල් 40 ක් . වත්තේගම කලපෙය පාසැල් 18 ක් . තෙල්දෙණිය කලාපය පාසැල් 39 ක් .‍ දෙනුවර කලාපය පාසැල් 22 ක් . ගම්පොළ කලාපය පාසැල් 40 ක්. මහනුවර කලාපයේ  පාසැල් 29 ක් ද  සිසුන් සියයට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසැල් වන අතර . මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල කලාපයේ පාසැල් 34 ක්, නාවුල කලාපයේ පාසැල් 18 ක්, විල්ගමුව කලාපයේ පාසැල් 26 ක්, සහ මාතලේ කලාපයේ පාසැල් 26 ක්  සිසුන් සියයට වඩා අඩු සිසුන් සහිත පාසැල් වෙයි. නුවරඑළිය දිසත්‍රික්කයේ නුවරඑළිය කලාපයේ පාසැල් 61 ක් හැටන් කලාපයේ පාසැල් 43 ක් කොත්මලේ කලාපයේ පාසැල් 32 ක් වලපනේ කලාපයේ පාසැල් 38 ක් සහ හඟුරන්කෙත කලාපයේ පාසැල් 18 ක් සිසුන් සියයට වඩා අඩු පාසැල් වන අතර ඒ අනුව පළාතේ සිසුන් සියයට වඩා අඩු මුළු පාසැල් සංඛ්‍යාව 484 ක් වෙයි.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව කරන ලද ඉල්ලීමට ලැබුණු තොරතුරු අනුව මධ්‍යම පළාතේ සිසුන්  සියයට අඩු පාසැල් අතර සිසුන් 50 කට අඩු පාසැල් 211 ක් පවතින අතර කලාප මට්ටමින් එම පාසැල් සංඛ්‍යාව මෙලෙස  සටහන් කරමු.කටුගස්තොට කලාපයේ පාසැල් 17 ක්, වත්තේගම කලාපයේ පාසැල් හයක්, තෙල්දෙණිය කලායේ පාසැල් 22 ක්, මහනුවර කලාපයේ පාසැල් 11 ක්, දෙනුවර කලාපයේ පාසැල් අටක්. ගම්පොල කලාපයේ පාසැල් 15 ක්,  ගලේවෙල කලපයේ පාසැල් 19 ක්, නාවුල කලාපයේ පාසැල් හයක්, විලගමුව කලාපයේ පාසැල් 15 ක්, මාතලේ කලාපයේ පාසැල් 17 ක්,  නුවරඑළිය කලාපයේ පාසැල් 15 ක්, හැටන් කලාපයේ පාසැල් 11 ක්, කොත්මලේ කලාපයේ පාසැල් 13 ක්, වලපනේ කලාපයේ පාසැල් 21 ක් සහ හඟරන්කෙත කලාපයේ පාසැල් 15 ක් වශයෙන් මධ්‍යම පළාතේ පාසැල් 211 කම සිසුන් පණහකට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන බවද හෙළි වෙයි.

 තොරතුර දැන ගැනිමේ පනත උපයෝගී කර ගෙන ලබා ගනු ලැබූ මෙම තොරතුරු අනුව මධ්‍යම පළාතේ පාසැල් 14 කම සිසුන් දහයකට වඩා අඩු බවද හෙළි විය . එම පාසැල් සහ එම පාසැල්වල සිසු ගුරු සංඛ්‍යාව මෙසේ සටහන් කරමු. කටුගස්තොට කලාපයේ කන්නදෙනිය කණිෂ්ඨ විද්‍යාලය සිසුන් අටයි ගුරුවරුන් හයයි. හරංකහව මහ විදුහල එක් සිසුවයි ගුරුවරුන් තිදෙනයි. වත්තේගම කලායේ පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ  සිසුන් නවයයි ගුරුවරුන් දෙකයි. යටවර  ප්‍රාථමික විදුහලේ  සිසුන් පහයි ගුරුවරුන් දෙකයි. තෙල්දෙණිය කලාපයේ ප්‍රාථමික විදුහලේ  සිසුන් හතයි ගුරුවරුන් පහයි. දිගන ප්‍රාථමික විදුහලේ  සිසුන් නවයයි ගුරුවරුන් හතරයි. දෙනුවර කලාපයේ කූරගල ගැමුණු විදුහලේ  සිසුන් දහයයි ගුරුවරුන් තුනයි .ගම්පොළ කලාපයේ ඉහලගම විදුහලේ සිසුන් අටයි ගුරුවරුන් දෙකයි . හයිඩ්‍රි කණිෂ්ඨ විදුහලේ  සිසුන් හයයි ගුරුවරුන් තුනයි. බහරන්ද දෙමළ  විදුහලේ  සිසුන් පහයි ගුරුවරුන් තුනයි .ගලේවෙල කලාපයේ තලකිරියාව ප්‍රාථමික  විදුහලේ  සිසුන් හතයි ගුරුවරුන් දෙකයි. මිල්ලවාන ප්‍රාථමික  විදුහලේ   සිසුන් පහයි ගුරුවරුන් දෙකයි. විල්ගමුව කලාපයේ විජය ප්‍රාථමික විදුහලේ සිසුන් දහයක් සහ ගුරුවරුන් හයක් වශයෙන් ඉගැන්වීම් සිදු කරන බව එම තොරතුරුවල සඳහන් වෙයි. 

මෙලෙස ලබා ගනු ලැබූ තොරතුරු විශ්ලේෂණය කර බැලීමේදී මධ්‍යම පළාතේ පාසැල් 484 ක් සිසුන් සියයට වඩා අඩු පාසැල් වන අතර පාසැල්  211 ක් ම සිසුන් පණහකටත් වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසැල් බව හෙළි වෙයි.‍  එම පාසැල් අතරිනුත් පාසැල් 14 ක්ම සිසුන් 10 දෙනෙකුටත් වඩා අඩු පාසැල් වන අතර මෙම පාසැල් තව කොතෙක් කළක් පවතීද යන්න සැක සහිතය. 

මෙලෙස සිසුන් විශාල වශයෙන් අඩු වූ පාසැල් අතර ගම්බද පාසැල් වැඩි වශයෙන් පවතින බව මෙහිදී හෙළි වූ  ප්‍රධාන කරුණයි. මෙම ත්වයට ප්‍රධාන වශයෙන් ගම්බද  සිසුන් වැඩි වශයෙන් ජනප්‍රිය නගරයේ පාසැල් සොයා යාම ගම්බද පාසැල්වල භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද අඩු වීම බලපාන බවත් දෙමාපියන් තුල පවතින ආකල්පද හේතු වන බවත්  අප කළ විමසා බැලිමකදි හෙළි විය .

මධ්‍යම පළාත තුල පවතින සිසුන් 100 ට අඩු පාසැල් 484  තුල සිසුන් 26,021 ක් ඉගෙනුම ලබන අතර එම සිසුන් සඳහා ගුරුවරුන් 3,759 ක් ඉගැන්වීම් සිදු කරති. 

 මධ්‍යම පළතේ තුල පවතින 1521 ක් වන මුළු  පාසැල් අතරින් පාසැල් 484 ක් හෙවත් මුළු පාසැල් සංඛ්‍යාවෙන්  තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්ම සිසුන් සියයට අඩු පාසැල් වන අතර එයිනුත් පාසැල් 211 ක් සිසුන් 50 කට වඩු පාසැල් වෙයි. මෙම පාසැල් තව කොතෙක් දුරට පවතීද යන්න මෙම දත්ත අනුව සැක උපදී. ඒ අතරත් සිසුන් දහයකට අඩු පාසැල්ම 14 ක් පළාත තුල පැවතීම  අනාගතයේදි මෙම පාසැල් වලට මුහුණ පෑමට සිදු වන කණගාටුදායක ඉරණම පිළිබඳ ඉඟියක් නොවන්නේද? 

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *