පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

By In

– මොහොමඩ් ආසික්

‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක් නැති තරම්ය. පසුගියදා උණුසුම් මාතෘකාවක් වූ ‘රිළා සංගණනය’ද පොල් වගාව ඇතුළු කෘෂි කර්මාන්තයට සතුන්ගෙන් වන හානියට පිළියම් යෙදීමේ උත්සාහයෙහි එක් පියවරකි. එහෙත් අපේ රටේ පොල් අර්බුදයට වග කිව යුත්තේ රිළවා ඇතුළු වන සතුන් පමණක්ද?

පොල්  අපේ රට ඇතුළු ආසියාතික රටවල ආහාර පිසිම සඳහා අත්‍යාවශ්‍ය වීම නිසාම ඒ සඳහා ඇති ඉල්ලුමද ඉහළ මටට්මක පවතී. රුපියල් 60-70කට තිබූ පොල් ගෙඩිය එක්වරම රුපියල් 200 ඉක්මවා යාමත් සමඟ රට තුළ පොල් සම්බන්ධයෙන් වෙනදා නොවූ තතරම් කතා බහක් ඇති විය.

මෙයට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පොල් සඳහන්ව තිබිණ. තේ, රබර්, පොල් යන වැවිලි බෝග ත්‍රිත්වය මෙරටට විදේශ විනිමය ගෙන  එන ප්‍රධාන ආදායම් මාර්ගද විය. නමුත් පසු කාලීනව එම ස්ථානයන් වෙනත් අංශවලට හිමි විය.

ලෝකයේ වැඩි වශයෙන් පොල් නිෂ්පානය කරන රටවල් අතර ප්‍රථම ස්ථානය ඉන්දුනීසියාවට හිමි වේ. එහි වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 17ක් පමණ වෙයි. දෙවැනි ස්ථානය පිලිපීනයට හිමි වන අතර එහි වාර්ෂික නිෂ්පානය මෙට්‍රික් ටොන් මිලියන 14. 7ක් පමණ  වෙයි. තෙවන ස්ථානය හිමි ඉන්දියාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික්  ටොන් 14ක් පමණ වෙයි. එහි සිව්වන ස්ථානය බ්‍රසීලයට හිමි වන අතර එහි වාර්ෂික පොල්  නිෂ්පාදනය  මෙට්‍රික් ටොන් මිලිනය 2.4කි. මෙම ලැයිස්තුවේ පස් වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.2ක් පමණ වෙයි. 

ලෝකයේ පොල් නිෂ්පාදනය කරන රටවල් අතර පස් වන ස්ථානයට පත්ව සිටින අපේ රටේ ජනතාවට පරිභෝජනයටවත් ප්‍රමාණවත් පොල් නිෂ්පාදනය කර ගත නොහැකි වන්නේ ඇයි? 

වසර 5කදී මිල තුන් ගුණයකින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති කෘෂිකාර්මික දත්ත විශ්ලේෂණයේ දැක්වෙන්නේ 2020 ජනවාරි මාසයේ දී රුපියල් 60ක්ව පැවැති පොල් ගෙඩියක මිල 2025 ජනවාරි වන විට රුපියල් 180 ඉක්මවා ඇති බවයි. 2020 ජනවාරි මාසයේ  රුපියල් 250ක මට්ටමේ පැවැති පොල් තෙල් බෝතලයක මිල 2025 ජනවාරි වන විට රුපියල් 700 මට්ටමට ළඟා වී තිබූ බවද එහි සඳහන් වෙයි. 2024 ජනවාරිවලට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේදී පොල් ගෙඩි නිෂ්පාදනය සියයට 32.3කින් අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි. 

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයට මෙවන් බලපෑමක් ඇති වීමට බලපෑ හේතූන් මොනවාද? පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත මගින් කරන ලද ඉල්ලීමකට අනුව වැදගත් කරුණු රැසක් අනාවරණය විය. 

ශ්‍රී ලංකාවේ පොල් වගා සංග්‍රාමය උදෙසා කොළඹ කුරුණෑගල සහ හලාවත කේන්ද්‍ර කර පොල් ත්‍රිකෝණයක් නිර්මාණය වූ  අතර පසු කාලයේදී මෙම කලාපයටම අයත් පොල් ඉඩම් විශාල වශයෙන් කට්ටි කර විකිණීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වෙමින් තිබිණ.

පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබා දී  ඇති පොල් අස්වනු දත්ත අනුව 2023 වසරට වඩා 2024 වසරේ පලදාව ගෙඩි මිලියන 190ක අඩු වීමක් වාර්තා වී තිබේ. මෙතරම් පොල් ප්‍රමාණයක් අඩු වීමට බලපා ඇති  හේතු ගැන විමසා බැලීමේදී  අක්කරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය අඩු වීම, ඇතැම් දිලීර රෝග, මෙන්ම වන සතුන්ගෙන් සිදුවන හානියද බලපා ඇති බව සඳහන් වෙයි. 

 2023 හා 2024 වසරවලදී වැඩිම පොල් ගෙඩි නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2023 දී ලැබූ පොල් අස්වැන්න ගෙඩි මිලියන 1091ක් ලෙසත් 2024 දී  ගෙඩි මිලියන 984ක් ලෙසත් සඳහන් වෙයි. 

දෙවැනියට වැඩිම පොල් නිෂ්පාදනයක් වාර්තා වී ඇත්තේ  පුත්තලම දිස්ත්‍රික්කයෙනි. 2023  වසරේදී  පුත්තලම දිස්ත්‍රික්කයෙන් පොල් ගෙඩි මිලියන 529ක් ලෙස සහ 2024 දී ගෙඩි මිලියන 476ක් ලෙසත් සටහන් වී තිබේ. 

පොල් අස්වැන්න, දිස්ත්‍රික්ක අනුව:

2024 වසරේදී  දිස්ත්‍රික් මට්ටමින් ලැබී ඇති පොල් ගෙඩි අස්වනු ප්‍රමාණය මෙලස සඳහන් කර තිබේ.

දිස්ත්‍රික්කයඅස්වැන්න- ගෙඩි මිලියන
කුරුණෑගල984
පුත්තලම476
ගම්පහ 277
රත්නපුර127
අනුරාධපුර104
හම්බන්තොට 101
මොණරාගල 85
මාතලේ84
කෑගල්ල 68
කළුතර 54
ගාල්ල50
කොළඹ 44
මාතර40
පොලොන්නරුව34
අම්පාර34
මහනුවර34
යාපනය32
මඩකලපුව25
ත්‍රිකුණාමලය22
බදුල්ල20
මුලතිව්19
කිලිනොච්චිය19
වව්නියාව15
නුවරඑළිය05
මන්නාරම 04

ඒ අනුව, සමස්ත දිවයිනෙන් පොල් ගෙඩි මිලියන 2,754ක අස්වැන්නක් 2024 වසරේදී ලැබී තිබිණ. කෙසේ නමුත් 2023 වසරේදී මෙම දිස්ත්‍රික්කවලින් පොල් ගෙඩි මිලියන 2,944ක අස්වැන්නක් ලැබී තිබූ අතර එය මෙම වසරට  වඩා ගෙඩි මිලියන 190ක වැඩි අගයකි. මෙම දත්ත පෙන්වා දෙන්නේ 2023 වසරට වඩා 2024 වසරේදී පොල් අස්වැන්න ගෙඩි මිලියන 190කින් අඩු වී ඇති බවයි.

 මේ වන විට බහුලව කතා බහට ලක්ව ඇති, පොල් වගාවට රිළවුන් දඬු ලේනුන් වැනි වන සතුන්ගෙන් සිදු වන හානි සම්බන්ධයෙන් ඇසූ  ප්‍රශ්නයකට  පොල් වගා කිරීමේ මණ්ඩලය  පිළිතුරු වශයෙන් ලබා දී ඇත්තේ  කෑගල්ල දිස්ත්‍රික්කය  නියැදියක් වශයෙන් තෝරා ගෙන  පොල් වගාවට සිදු වන වන සත්ව හානිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇති බවත් එහිදී පොල් අස්වැන්නෙන් සියයට 30කට පමණ  මෙම වන සතුන්ගෙන් හානි සිදු වන බව හෙළි වී ඇති බවත්ය. මෙම  මෙය නියැදියක් වුවත් සමස්ත ලංකාවටම මෙම තත්ත්වය පවතින බව සිතිය හැකිය.

පොල් ඉඩම් ප්‍රමාණය වැඩි වෙලා

ශ්‍රී ලංකාවෙ පොල් වගා ඉඩම් ප්‍රමාණය සම්බන්ධයෙන් ජන හා  සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2014 දී කර ඇති සමීක්ෂණයෙන් පසුව විධිමත් සමීක්ෂණයක් කර නැති නමුත්  එම සමීක්ෂණය  පදනම් කර ගෙන සිදු කර ඇති ඇස්තමේන්තුගත ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් පොල් වගා කිරීිමේ මණ්ඩලය පවසයි. 

2014 වසරේදී දිවයින පුරා පොල් ඉඩම් අක්කර 1,095,982ක් (අක්කර දස ලක්ෂය අනූ පන්දහස් නවසිය අසූ දෙකක්)  වාර්තා වී තිබූ අතර 2023 වසරේදී ඇස්තමේන්තු ගත පොල් ඉඩම් ප්‍රමාණය අක්කර 11, 86,131ක් (එකොළොස් ලක්ෂ අසූ හය දහස් එකසිය තිස් එකක්) වශයෙන් සටහන්ව තිබේ. ඒ අනුව දශකයක් තුළ දිවයිනේ පොල් ඉඩම් ප්‍රමාණය අක්කර 90,149කින් ඉහළ ගොස් තිබේ. ඒත් අපේ පොල් නිෂ්පාදනය පහත වැටීමේ හේතු ගැඹුරින් සොයා බැලිය යුතුව තිබේ.  

දිවයිනේ වැඩිම පොල් ඉඩම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 2014 දී අක්කර 4,19,312ක්  වන අතර 2023 ඇස්තමේන්තුව අනුව අක්කර 4,29,418ක් වෙයි. දෙවැනියට වැඩිම පොල් ඉඩම් ප්‍රමාණයක් පවතින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර එය 2014 දී අක්කර 1,86,053ක් ලෙසත්, 2023 ඇස්තමේන්තුව අනුව අක්කර 1,94,771ක් ලෙසත් ගණන් බලා තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කවලත් 2014 වසරට වඩා 2023 වසරේ ඇස්තමේන්තු ගත පොල් ඉඩම් ප්‍රමාණය  යම් ප්‍රමාණයකින්  ඉහළ ගොස් තිබේ.  මෙතරම් පොල් ඉඩම් ප්‍රමාණයක් පවතිද්දීත් පොල් අස්වැන්න අඩු වීමට බල පා ඇත්තේ වන සත්ව හානි පමණක්ද? 

පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

කියපු හැටියට වඩා කරන හැටි වෙනස්ද?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මහජනතාවට ඇති ව්‍යස්ථාපිත බලය මැතිවරණ හෝ ජනමත විචාරනවලදී ක්‍රියාත්මක කිරීමෙන් පසු, එම බලය ක්‍රියාවට නංවන්නේ මහජන නියෝජිතයින්ය….

By In
පුවත්

වෙන්දේසියට පෙර ජනාධිපති කාර්යාලයේ සැප වාහන බෙදිල්ල!

– ජනක සුරංග  සාමාන්‍යයෙන් වාහන මහජන ප්‍රදර්ශනයට තබන්නේ අලෙවි ප්‍රදර්ශනාගාර තුළය. නමුත් නව රජයන් පත්වන විට පැවති රජයන්ට සම්බන්ධ නිලධාරීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *