Social, පුවත්

පුංචි ඡන්දය, ජනතාව සහ කඩුගන්නාව නගර සභාව

By In
  • මහේන්ද්‍ර රන්දෙනිය

අද වන විට පළාත් පාලන ඡන්ද ක්‍රමය අරම්භ වී  වසර 158 කි.   වර්ෂ 1875-1872 කාලයේ ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරෑ සර් හර්කියුලස් ආර්.පී. රොබින්සන්ගේ පාලන  කාලයේදී   පරිපාලනයේ පහසුව සඳහා ප්‍රථමයෙන් කොළඹ මහ නගර සභාව අරම්භ  කෙරිණි. ඉන් පසු 1866 දී   කොළඹ , නුවර, ගාල්ල මහ නගර සභා  පවත්වා ගෙන ගොස් ඇත.

වර්තමානය වන විට පරිපාලනයේ පහසුව පිණිස ගම්මාන  38259 න්  ග්‍රාම නිලධාරි කොට්ඨාස 14013 හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 328 කින් ද  දිස්ත්‍රික්ක 25 හා ඡන්ද කොට්ඨාස  160 සමන්විත මේ භූමිය  පාලනය සඳහා  මහ නගර සභා 22 නගර සභා 41 ප්‍රාදේශීය සභා 275  සඳහා  ජනතා නියෝජිතයන් 4486 සිටි අතර වර්ෂ 2018 පසු  මැතිවරණ ක්‍රමයේ සංශෝධන  නිසා එම සංඛ්‍යාව අද වන විට 8356 දක්වා වැඩි කර ඇත. 

එසේම 2022 වසරේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් දීර්ඝ කර  2023 මාර්තු මස  19 දින  පළාත් පාලන ආයතන විසුරැවා හැර මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැණිනි. නමුත් අද වන විට මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර රජය පවසන්නේ මෙහි වියදම අඩු කර ගැනීම සඳහා සභික සංඛ්‍යාව 4000 දක්වා අඩු කර ගත යුතු බවත් මේ අවස්ථාවේ රටේ ආර්ථිකය යහපත් නොවන නිසා මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක් වියදම් කිරීම අසීරු කටයුත්තක් බවයි.

දැනටමත් රජයේ සේවකයන් 3000ක් නාම යෝජනා  බාරදී ඇති අතර මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යාම නිසා ඔවුන්ට මූලික වැටුප පමණක් ගෙවීමට කටයුතු කර ඇත.  මින්  සිදුවන්නේ ද කිසිදු සේවයක් නොකරන පිරිසක් මහජන මුදලින් නඩත්තු කිරිමය.

 අද ජනතාව ගේ ජීවන වියදම   2018 වසරට වඩා තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති අතර නව බදු සංශෝධන හා බැංකු ණය පොලී ඉහල දැමීම නිසා  දුප්පත් පෙහොසත් සෑම දෙනාගේම ආදායම අඩු වී වියදම 100% වැඩි වුවත් ඊට සරිලන පරිදි වැටුප් හා ආදායම් වැඩි නොවීම නිසා ජිවත්වීමේ අරගලයකින් පසුවේ. ඉන් මිදිමට අවශ්‍ය වන්නේ භාණ්ඩ හා සේවා මිල අඩු කිරීමයි.පළාත් පාලන ආයථනවල කාර්‍යභාරයට එම කටයුත්ත අදාල වන්නේ නැත.

පළාත් පාලන ඡන්දෙ ඉල්ලා කෑ ගසන්නේ  සාමාන්‍ය ජනතාව නොව මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය  කරන පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්  හා ඡන්ද අපේක්ෂකයන් ය. ඔවුන්ගේ  කතාවල ඇත්තේ ගම නගරය සංවර්ධනය කරන ආකාරය  ඒ සඳහා ගෙන යන  වැඩ පිළිවෙළ  නොව   ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ හා නායකයන් විවේචනය කිරීමත් වංචා දූෂණ ගැන කතා කිරීමත්ය. මේ  වන පළාත් පාලන මැතිවරණය දේශපාලන පක්ෂවල ඡන්ද ගොඩ වැඩි කර බලය පෙන්වීමට ඇති මෙවලමක්  කර ගෙන ඇති අතර ගමේ නගරයේ අඩුපාඩු සොයා ඒවා  විසඳීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ඔවුන් ඉදිරිපත් කර නැත.  මාධ්‍යයෙන්  ඇසෙන්නේ ඡන්ද අපේක්ෂකයන් කතා නොව දේශපාලන පක්ෂ නායකයන්ගේ කතාය. ඔවුන්ගේ අරමුණ ගම නගරයේ සංවර්ධනය කිරීම නොව රටේ බලය ඇල්ලීම ය. දේශපාලනය වෘත්තියක් කරගෙන කොමිස් හා වංචා  දූෂණවලින් වලින් යැපෙන පිරිස වැඩිවීම නිසා නගර සභා හා ප්‍රදේශීය සභා කෙරෙහි ඇති ජනතා විශ්වාසය ද අද වන විට බිඳවැටී ඇත. 

 රජය ද  දිගු කාලීන  සැලැස්මක් නැතිව  දේශීය විදේශීය ණය ලබා ගෙන ඒවා නිසි පරිදි හා  ආයෝජනය නොකිරීම නිසා  අද වන විට රට අගාධයෙන්  අගාධයට ඇද දමා ණය ගෙවා ගැනීමට බැරි බංකොලොත් රාජ්‍යයක් බවට පත්කර ඇත.  13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිට වූ පළාත් සභාව ද අද වන විට ක්‍රියාත්මක නොවුනත් එහි සේවකයින්ගේ වැටුප තවමත් ජනතාව මත පැට වී තිබේ. නගර  සභා හා ප්‍රාදේශීය සභා ද අද එම තත්ත්වයට පත්වීමෙන් ජනතා විශ්වාසය බිඳ වැටී ඇත. රාජ්‍ය පරිපාලනයේ පහසුව පිණිස දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල . වශයෙන් විශාල ආයතන ගණනක් මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තොරව රාජ්‍ය සේවයට දායක වේ. යටිනුවර ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ පමණක් ග්‍රාම සේවා වසමකට එක් අයකු බැගින් සංවර්ධන නිලධාරීන් 95 සිටී.

මීට උදාහරණයක් ලෙස මා නියෝජනය කරන යටිනුවර  මැතිවරණ කොට්ඨාසයේ පිහිටි කඩුගන්නාව නගර සභාව  පිළිබදව 2016 අංක 12 දරන තොරතුරැ දැනගැනීමේ පනත අනුව ලබාගත් තොරතුරු ගැන විමර්ශනාත්මකව බලන විට පෙනීයන්නේ,

කඩුගන්නාව නගර සභාව ග්‍රාම සේවා වසම් 15කින් සමන්විත බවත් එහි ජනගහනය දාහතර දහස් හත්සිය දාහතකි .   නගර සභිකයන් සංඛ්‍යාව  ශ්‍රී ලංකා පොදු පෙරමුණ  08, එක්සත් ජාතික පක්ෂය 06, ජනතා විමුක්ති පෙරමුණ 01 ලෙස පහලොස් දෙනෙකි.

එහි සභාපතිවරයාගේ මාසික වැටුප රුපියල් 25,000 කි. පෙබරවාරි මස සභාපති  භාවිතා කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 600කි. ඒ සඳහා 125,584.වැය කර ඇත.  මන්ත්‍රීවරුන්ගේ  වැටුප් සඳහා මාසික  වියදම රුපියල් දෙලක්ෂ හතළිස් දාහකි. නගර සභිකයන්ගේ ඉන්ධන හා දුරකථන දීමනා සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් 171,600 කි.

නගර සභාවේ  සමස්ත සේවක සංඛ්‍යාව 80 කි. ඔවුන්ගේ වැටුප් සඳහා වාර්ෂිකව රුපියල් පන්කෝටි එක්ලක්ෂ විසිනව දහස් හාරසිය විසි එකක් වැය වේ. අතිකාල හා වෙනත් දීමනා සඳහා වාර්ෂිකව  විසි ලක්ෂ අනූ අටදහස් දෙසීය පනහක් වැය කරයි.  

නගර සභාවේ  සංවර්ධන නිලධාරීන් ගණන 29 කි. එයට නව පත්වීම් ලබා පැමිණි එකොළොස් දෙනකු  ද ඇතුළත් වේ. මේ වන විට සභාවේ සංවර්ධන නිලධාරීන්ගේ අතිරික්තය 17 දෙනෙකි. සෞඛ්‍ය කම්කරු ආදාහනාගාර ක්‍රියාකරු සහ මුරකරු ආදී අත්‍යාවශ්‍ය  සේවක හිඟය  22 කි. 2023 වසරේ අපේක්ෂිත ආදායම රුපියල් අට කෝටි හැටහතර ලක්ෂ හැටපන්දහස් දෙසීයකී   ඉන් සංවර්ධනය සදහා වෙන් කර ඇති මුදල හැටතුන් ලක්ෂ අනූ අටදහස් දෙසීය හැත්තෑ හතරකි.  වාර්ෂිකව  සේවක වැටුප් සඳහා වෙන්කිරීම රුපියල් පන් කෝටි එක්ලක්ෂ  විසිනව දහස් හාරසිය හැට එකකි. කසළ එක්රැස් කිරීම සඳහා රුපියල් තුන්ලක්ෂ පනස් දහස්  දෙසීය හතරක  මුදලක් වැය කරන අතර  කසල වලින් අපේක්ෂිත ආදායම වාර්ෂිකව රුපියල් විසිහතර දහසකි.

 නගරසභාව සතු මුළු ඉඩකඩම් ප්‍රමාණය 26කි. ඉන් ඉඩම් තුනක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බදු පදනම මත ලබා ගෙන ඇති අතර පවරා ගෙන ඇති ඉඩම් සංඛ්‍යාව 11 කි. තෑගි ඔප්පු මත  ලබාගත් ඉඩම් 1  ප්‍රමාණය12 කි. එවායේ පොදු ළිං හා සුසාන භූමි පවත්වාගෙන යයි. සභාව සතුව පොදු සුසාන භූමි දෙකක් හා ආදාහනාගාරයක් ඇති අතර  සුසාන භූමි තවමත් මැන නිරවුල් කර නොමැත. දර භාවිතා කරන ආදහනගාරය ද කැඩී ඇති  අතර  එය  අලුත්වැඩියාව සඳහා වැය වන මුදල හා ඒ සඳහා වූ වාර්ෂිකව වැය කරන මුදලට ඇස්තමේන්තු ගත කරමින් පවතින බවකි. නගර සභාවේ 2023 වර්ෂයේ සඳහා ඇස්තමේන්තු ආදායම රුපියල් අට කෝටි හැට හතර ලක්ෂ හැට පන්දහස් දෙසීයක් ලෙස සඳහන්වේ. සභිකන්භිකයන් 15 හා සේවකයන් 80  සඳහා පන් කෝටි  හැට ලක්ෂයකට වැඩි මුදල  වැය කරයි. ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වැයකරන මුදල  හැට හතර ලක්ෂයකට වැඩි මුදලකි. පෙනී යන ආකාරයට මේ ආයතන සංවර්ධනයට වැය කරන මුදලට වඩා වැඩි මුදලක් ආයතන නඩත්තුවට හා පඩි සඳහා වැය කරන බවකි.

එසේම විගණන වාර්තා වල සඳහන් වන්නේ නගරසභාව සිංහ සමාජය මගින්  ඉදිකරන ලද නිවාස 08ක් සඳහා වැය කළ ලක්ෂ 70 මුදලක් සභාවේ ගිනුම් වර්තාවල සටහන් නොකිරීම ණය හිමියෝ 858,000ක් වැඩියෙන් ගිණුම් ගත කර තිබීම හා  වසරේ උසාවි දඩමුදල් හා මුද්දර ගාස්තු ගිණුම්ගත කර නොතිබීම වැනි දෝෂ විගණන වාර්තාව  සඳහන් කර තිබීමයි.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *