පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

By In

– මොහොමඩ් ආසික්

ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයත් ඉඩකඩම් සීමිත වීමත් නිසා අලි ඇතුන්ගේ වාස භූමි මිනිස් වාසයට නතු වීම හේතුවෙන් අලි මිනිස් ගැටුම ක්‍රමානුකූලව ඇති වූ බව පරිසර විද්‍යාඥයෝ  පෙන්වා දෙති. 

අලියා යනු මහා පරිමාණ ශාකභක්ෂක සතෙකි. සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 150ක පමණ ආහාරත් ලීටර් 190ක පමණ ජලයත් එක් අලියෙකුට අවශ්‍ය වෙයි. මෙතරම් ප්‍රමාණයක ආහාර සහ ජලය සොයා ගැනීම සඳහා අලින් සෑහෙන භූමි ප්‍රමාණයක ඇවිදිය යුතුය. එවන් තත්ත්වයක් තුළ ඔවුන්ට හිමි භූමි ප්‍රමාණය සීමා වීම හේතුවෙන් අලි මිනිස් ගැටුම් ලොව පුරා ඇතිව තිබේ. ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙන්නේ ලෝකයේ අලි ඇතුන් දැකිය හැකි රටවල් 50ක් පවතින බවත් එයින් රටවල් 13ක් ආසියාවේත් රටවල් 37ක් අප්‍රිකාවේත් පිහිටා ඇති බවත්ය. වසර කිහිපයකට පෙර ලබා ගත් දත්ත අනුව ලොව පුරා සිටින අලි ඇතුන්ගේ සංඛ්‍යාව 35,000 – 50,000 පමණ වන අතර හීලෑ අලින් 16,000ක් පමණ සිටින බවද සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළද පසුගිය වසර ගණනාවක් පුරා අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදු වන අලින්ගේ මරණ මෙන්ම මිනිස් ජීවිත අහිමි වීම්ද විශාල ප්‍රමාණයක් වාර්තා වෙයි. මිනිසුන්ගේ ජීවිත අහිමි වීම් ‘අලි මිනිස් ගැටුමෙහි’ ප්‍රතිඵල ලෙස සඳහන් වුවද මිනිසුන් මැරෙන්නේ අලින් සමඟ ගැටමකට ගොස් නොව අලින් කඩා පැන පහර දීමෙනි. එයට හේතුව මිනිසාම විය හැකි නමුත් බොහෝ විට මියයන්නේ අහිංසක පුද්ගලයන්ය.

2024 අලි සංගණනයේ ප්‍රතිඵල තවම නෑ

2024 වසර තුළ අලි ඇතුන්ගේ පහරදීම්  හේතුවෙන්  මියගිය මිනිසුන් සහ ඝාතනය කිරීම්, අනතුරු ආදිය නිසා මිය ගිය අලි ඇතුන් සම්බන්ධයෙන් 2016 අංක 12 දරන  තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විමසා බැලිණි.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි අතුන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් 2024 වසරේදී  වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංගණනයක් සිදු කළද එහි ප්‍රතිපල තවමත් නිකුත් කර නොමැත.  මේ වන විට ලබාගත හැකිව ඇත්තේ 2011 වසරේ සිදු කරන ලද සංගණනයේ  ප්‍රතිපලයයි. ඒ අනුව ලංකාවේ කලාප හයක අලි ඇතුන් 5,879 දෙනෙකු සිටි බව ලබා දී  ඇති තොරතුරුවල සඳහන් වෙයි. මෙම සතුන් අතර දළ ඇතුන් 55ක්ද ඇතුළත්ව තිබේ. (මෙම දළ ඇතුන්ගෙන් කී දෙනෙකු අද වන විට ජීවත් වන්නේද යන්න නව සංගණනයේ ප්‍රතිපල ලැබීමෙන් පසුව බැලිය යුතුය.) ඒ අනුව මහවැලි කලාපයේ අලින් 1,751 දෙනෙකු සිටි අතර දළ ඇතුන් හය දෙනෙකුද ඊට ඇතුළත්ය. වයඹ පළාතේ අලි ඇතුන් 1,189ක් වාර්තා වි තිබූ අතර දළ ඇතුන් 22ක් ඒ අතර විය. දකුණු පළාතේ අලින් 1,086ක්ද ඇතුන් 13ක්ද වාර්තා විය. නැගෙනහිර පළාතෙන් දළ ඇතුන් 09 දෙනෙකුද ඇතුළුව අලි ඇතුන් 1,573ක් වාර්තා වී තිබිණි. උතුරු පළාතෙන් දළ ඇතුන් 04 දෙනෙකුද ඇතුළු අලි ඇතුන් 233ක්ද මධ්‍යම පළාතෙන් එක් දළ ඇතෙකුද ඇතුළුව අලි ඇතුන් 47 දෙනෙකු වාර්තා වී තිබිණි.

වැඩිම මරණ, උතුරුමැද සහ නැගෙනහිර

තොරතුරු දැන ගැනීමේ පනත අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් කරන ලද තොරතුරු ඉල්ලීමකට තොරතුරු නිලධාරී, රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසර තුළ අලි ඇතුන් 388 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම අලි ඇතුන් 388 දෙනා මිය යාමට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම්, විදුලි සැර වැදීම, හක්කපටස්, වස දීම, දුම්රියේ ගැටීම, මහාමාර්ගයේ ගමන් කිරීමේදී  සිදු වන අනතුරු, දියේ ගිලීම, වගා ළිං සහ වැසිකිළි වළවල් ආදියට වැටීම, හදිසි අනතුරු, ස්වභාවික මරණ, පරපෝෂිත පණු ආසාදන, ක්ෂුද්‍රජීවින් රුධිරගතවීම ආදියයි

2024 වසරේදී අලි ඇතුන් පහර දීම හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මිය ගොස් ඇති බවත් වන ජීවි සංරක්ෂණදෙපාර්තමේන්තුව විසින් ලබා දී  ඇති තොරතුරුවල සඳහන් වෙයි. ඒ අනුව එක් එක් වන ජීවී කලාප තුළ සිදු වූ මරණ සංඛ්‍යාව මෙසේය.

පසුගිය වසර කිහිපය තුළ දුම්රියේ ගැටීම නිසා සිදු වන අලින්ගේ මරණ වැඩි වශයෙන් වාර්තා වී තිබිණ. 

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන අලි ඇතුන්ගේ මරණ මෙන්ම අලි ඇතුන් පහර දීම හේතුවෙන් සිදු වන මිනිසුන්ගේ මරණත් සලකා බැලීමේදී මෙම අලි ඇතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද ජීවිත ආරක්ෂා කර ගැනීමටත් සුදුසු වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩි ලෙස පවතී. 

පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

– මොහොමඩ් ආසික් ‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක්…

By In
පුවත්

කියපු හැටියට වඩා කරන හැටි වෙනස්ද?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මහජනතාවට ඇති ව්‍යස්ථාපිත බලය මැතිවරණ හෝ ජනමත විචාරනවලදී ක්‍රියාත්මක කිරීමෙන් පසු, එම බලය ක්‍රියාවට නංවන්නේ මහජන නියෝජිතයින්ය….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *