පුවත්

පනත සම්මත වී වසර හයයි: බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ!

By In

ධනුෂ්ක සිල්වා

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ දීර්ඝකාලීන හා ඛේදජනක ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුය. 1980 දශකයේ සිටම දස දහස් ගණනක් පුද්ගලයින් අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇත. දශක තුනක දීර්ඝ සිවිල් යුද්ධය සහ 1988-89 සමයේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල අතරතුර බලහත්කාර අතුරුදහන් කිරීම් වැඩි වූ අතර පශ්චාත් යුද සමයේදී පවා එය පැවතුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 1999 වන විට ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් දෙවැනි වැඩිම අතුරුදහන්වීම් සංඛ්‍යාවක් වාර්තා වූ රාජ්‍යය වේ. ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 12,000කට වඩා අතුරුදහන් වී ඇති බව වාර්තා විය. 2017දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් ඇස්තමේන්තු කරන ලද පරිදි අතුරුදහන් වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 60,000ත් 100,000ත් අතර විය හැකිය. එම දත්තය ගැටලුවේ බරපතළකම ඉස්මතු කරයි.

ආයුධ සන්නද්ධ පුද්ගලයින් විසින් විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමෙන් පසු ඔවුන් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූ අවස්ථා දහස් ගණනක් පිළිබඳ විවිධ කොමිෂන් සභා විසින් ලේඛනගත කර තිබේ. අතුරුදහන්වූවන්ගේ පවුල් අවිනිශ්චිතතාවයේ වේදනාවෙන් පෙළේ. රට පුරා මෙම අතුරුදහන් කිරීම් අඛණ්ඩව වාර්තා වීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන මානව හිමිකම් අභියෝග එමගින් අවධාරණය කෙරේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සිද්ධීන් සඳහා විශ්වාසදායක නීතිමය පිළිතුරු ලබා දීම සඳහා, යහපාලන රජය විසින් 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සම්බන්ධ වූ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරන ලදි. 2018 මාර්තු 7 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත බලාත්මක කිරීමෙන් සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ද බලාත්මක වේ.

ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම ලිපිය ලියන ලේඛකයා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ අයදුම්පතක් ගොනු කළේය.

කපිල කුමාර ද සිල්වාගේ අතුරුදන්වීම

2024 මාර්තු 27 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි හොරොව්පතානෙහිදී සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලදි. අතුරුදහන් වූ දින සවස, ඔහු පාන් ගෙඩියක් මිලදී ගැනීමට BFW 2096 ලියාපදිංචි අංකය සහිත ඔහුගේ යතුරුපැදියෙන් පිටත්ව ගොස් තිබුණි. ඔහු පැහැරගන්නා අවස්ථාවේ ඔහු සරමක් සහ ටී ෂර්ට් එකක් ඇඳ සිටියේය. ඔහු සිටින ස්ථානය තහවුරු කර ගැනීමට පවුලේ අය නොයෙක් ආකාරයෙන් උත්සාහයන් දැරුවද, ඔහුගේ ඉරණම හෝ ඔහු රැගෙන ගිය අයගේ අනන්‍යතාව පිළිබඳව ඔහුගේ පවුලේ අයට කිසිදු තොරතුරක් නොලැබුණි. මෙම අවිනිශ්චිතතාවයේ සහ භීතියේ කාල පරිච්ඡේදය 2024 අප්‍රේල් 20 වන දින දක්වා පැවතිණි. එදින, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිටිගල පොලිස් ස්ථානයේදී අනපේක්ෂිත ලෙස  සිල්වා මහතා සොයා ගන්නා ලදි.

2024 මාර්තු 27 සිට 2024 අප්‍රේල් 20 දක්වා කාලය තුළ, සිල්වා මහතාගේ පවුලේ අයට ඔහු සොයාගත නොහැකි විය. ඔහුගේ හදිසි අතුරුදහන් වීම සහ ඔහු සිටින ස්ථානය හෝ තත්වය පිළිබඳ තොරතුරු ලබා නොදීම නීතිය බරපතළ අන්දමින් උල්ලංඝනය කිරීමකි. විශේෂයෙන් 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය එමගින් උල්ලංඝනය වේ. මෙම නීති සම්පාදනය කර ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක්වීමෙන් පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වන අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවන්ගෙන් නිදහස් වීමට ඔවුන්ට ඇති අයිතිය සහතික කිරීම සඳහා ය.

නීතිපතිවරයාගෙන් නීතිමය මැදිහත්වීමක් අපේක්ෂා කිරීම

2024 ජුනි 18 වන දින, මෙම වරදේ බරපතළ ස්වභාවය සහ සිල්වා මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සැලකිය යුතු සාක්ෂි සැලකිල්ලට ගෙන, මෙම ලිපිය ලියන ලේඛකයා සහ තවත් උනන්දුවක් දක්වන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් නීතිපතිවරයාට (AG) ලිපියක් භාර දෙන ලදි. එමඟින් මෙම කාරණය කඩිනමින් විසඳීම සඳහා නීතිපතිවරයාට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ලදි. මෙම පනත යටතේ අපරාධකරුවන්ට එරෙහිව පියවර ගැනීම සඳහා වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ නීතිපතිවරයාටය. එබැවින්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිපතිවරයාගේ භූමිකාව අතිශය වැදගත්ය. එය වැරදිකරුවන් දඬුවම් නොලැබ සිටීමට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරන අතර අපක්ෂපාතීව සහ පරිසමාප්ත ලෙස යුක්තිය ඉටු වන බව සහතික කරයි.

වැදගත් RTI සොයාගැනීම්

ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් නීතිමය සහ සිවිල් මැදිහත්වීම් රාශියක් තිබියදීත්, 2024 අගෝස්තු 17 වන දින ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) අයදුම්පත මගින් හෙළිදරව් වූයේ නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. කපිල කුමාර ද සිල්වා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට වගකිව යුතු අයට එරෙහිව ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙම තොරතුරු විමසීම විසින් විශේෂයෙන් ඉල්ලා සිටින ලදි. කෙසේ වෙතත්, අනාවරණය වූයේ මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු නඩු ගොනුවක් විවෘත කර නොමැති බව සහ කිසිදු විමර්ශනයක් ආරම්භ කර නොමැති බවයි. අනාවරණය වූ වඩාත් කැපී පෙනෙන කාරණයක් වන්නේ, RTI සොයාගැනීම්වලින් හෙළි වූ පරිදි, 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත බලාත්මක කිරීමෙන් වසර හයකට පසුව, මෙම නීතිය යටතේ එක නඩුවක්වත් ගොනු කර නොමැති බවයි. පනත යටතේ හඳුනාගෙන ඇති නඩු පැවරීම් හෝ සැකකරුවන් නොමැතිකම මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳ සාක්ෂියකි. එමගින්, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට යුක්තිය සහ වගවීම ලැබී නොමැත. පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ ගැටලුව විසඳීමට ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව තීරණාත්මක ප්‍රශ්නයක් මෙමගින් මතු වේ. 

පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

– මොහොමඩ් ආසික් ‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක්…

By In
පුවත්

කියපු හැටියට වඩා කරන හැටි වෙනස්ද?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මහජනතාවට ඇති ව්‍යස්ථාපිත බලය මැතිවරණ හෝ ජනමත විචාරනවලදී ක්‍රියාත්මක කිරීමෙන් පසු, එම බලය ක්‍රියාවට නංවන්නේ මහජන නියෝජිතයින්ය….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *