Social, පුවත්

නඩු 79ක් ඉල්ලා අස්කරගත් ලංකාවේ අල්ලස් දුෂණ කොමිසම

By In
  • කේ. ප්‍රසන්නා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක විවේචන රැසක් එල්ල වී තිබේ. චෝදනාවලට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම හා  නඩු පැවරීම ප්‍රමාද කිරීම ඒ අතර ප්‍රධාන වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා ලබාගත් තොරතුරු මත 2010 සිට 2021 දක්වා කාලය තුළ දේශපාලනඥයන්ට, කැබිනට් ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු 85ක් පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අභියාචනා නිලධාරී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය විසින් සපයන ලද තොරතුරු (BC/PR/06/වාර්තාව) වල මේ බව සඳහන් වේ.

2022.02.21 දින විද්‍යුත් තැපෑල මඟින් තොරතුරු නිලධාරියා වෙත යවන ලද තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්  2022.05.04 දින නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදි. නමුත් ඒවාටද ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් 2022.06.06 දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන ලදි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව (RTIC/Apeal/864/2022) විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය 2022.11.16 දින විභාගයට ගෙන කල් තැබූ අතර, 2023.02.22 දින එය නැවත කැඳවූ විට, තොරතුරු ඉල්ලීමට අදාළ තොරතුරු ලබාදෙන ලෙසට කොමිෂන් සභාව විසින් නියෝග කරන ලදි.  

1975 අංක 1 දරන වත්කම් බැරකම් හෙළිදරව් කිරීමේ පනත මගින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණය කිරීමට හා චෝදනා ගොනු කිරීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දෙමින්, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභා පනත යටතේ 1994 වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පිහිටුවන ලදි. ඒ අනුව පළමු කොමිසමේ කටයුතු 1994 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ විය. කොමිසමේ කාර්යයන් වන්නේ විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ වැළැක්වීම සඳහා ක්‍රියා කිරීමයි.

උසාවි වල ගොනු කොට ඇති නඩු 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2010 – 2021 කාලය තුළ ගොනු කර ඇති මුළු නඩු සංඛ්යාව 767 කි. ඉන් නඩු 550ක් මහාධිකරණයේ සහ 217ක් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පස් අවුරුදු පාලන සමයේදී නඩු 292 ක්ද, ( 221 – ශ්‍රේෂ්ඨාධිකරණය, 71 – මහේස්ත්‍රාත් අධිකරණය) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසර 5 ක පාලන සමය තුළ නඩු 363 ක්ද  (230 – ශ්‍රේෂ්ඨාධිකරණය, 133 – මහේස්ත්‍රාත් අධිකරණය) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසර දෙකක පාලන කාලය තුළ නඩු 112 ක්ද (99 – ශ්‍රේෂ්ඨාධිකරණය, 13 – මහේස්ත්‍රාත් අධිකරණය) ගොනු කර ඇත.

මේ අතර 2010 සිට 2021 දක්වා කාලය තුළ දේශපාලනඥයන්ට, කැබිනට් ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු 85ක් පවරා ඇත. ඉන් නඩු 22ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ නඩු 63ක් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇත.

ඉල්ලා අස්කරගත් නඩු  

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2010 – 2021 කාලය තුළ නඩු 79 ක් ඉල්ලා අස්කර ගන්නා ලදි. ඉන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ නඩු 35ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩු 44ක් ඉල්ලා අස්කර ගෙන ඇත. ඒ   අතරින්, 2010 – 2014 කාලසීමාව තුළ නඩු 17 ක් ද, 2015 – 2019 කාලය තුළ නඩු 13 ක් ද, 2020 – 2021 කාලය තුළ නඩු 49 ක් ද ඉල්ලා අස්කරගෙන ඇත.  

2020-2021 කාලය තුළ මහාධිකරණයෙන් උපරිම නඩු 20ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු 29ක් ඉල්ලා අස්කරගෙන ඇත. වෙනත් වසරවලදි ඉල්ලා අස්කරගෙන ඇත්තේ නඩු හයකට වඩා අඩුවෙනි.

මහාධිකරණයෙන් ඉල්ලා අස් කොට ගත් නඩු නැවත ගොනු කිරීමේ අරමුණින් සහ 2011/01 අධිකරණ තීන්දුවට අනුව ලැබී ඇති බව වාර්තා වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 186 වගන්තිය ප්‍රකාරව සහ වෙනත් හේතූන් මත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩු නැවත ගොනු කිරීමේ අරමුණින් සහ 01/2011 නඩු තීන්දුවට අනුව ඉල්ලා අස්කරගෙන ඇත.

නඩු විභාගයේදී  වරදකරුන් වූ අය 

අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩු මත පදනම්ව 2010-2021 කාලය තුළ පුද්ගලයන් 317 දෙනෙකු වරදකරුවන් වී ඇත. ඉන් පුද්ගලයන් 240 දෙනෙකු මහාධිකරණයේදී සහ 77 දෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේදී වරදකරුවන් කරනු ලැබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වසර පහක ධූර කාලය තුළ 90 දෙනෙකුද (71 – ශ්‍රේෂ්ඨාධිකරණය, 19 – සෙසු අධිකරණ), හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසර පහක ධූර කාලය තුලදි 193 දෙනෙකුද (141 – ශ්‍රේෂ්ඨාධිකරණය, 52 – සෙසු අධිකරණ), හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවසරක ධූර කාලය තුළදී 34 දෙනෙකුද (28 – මහාධිකරණය, 06 – මහේස්ත්‍රාත් අධිකරණය) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වරදකරුවන් කර ඇත. 

කොමිසමට ලැබුණු පැමිණිලි

2010-2021 කාලය තුළ අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 35,698ක් කොමිසමට ලැබී ඇත. 2022 (දෙසැම්බර් 08 වන විට) පැමිණිලි 2300ක් ලැබී ඇත. කෙසේ වෙතත් ලැබුණු පැමිණිලි සහ විමර්ශනය කළ අය සහ විසඳුම් ලැබූ අය සම්බන්ධයෙන් කොමිසම කිසිදු තොරතුරක් ලබාදී නැත.

ලැබී ඇති පැමිණිලි අතරින් 2010 – 2014 කාලය තුළ පැමිණිලි 12,828ක් ද, 2015 – 2019 කාලය තුළ පැමිණිලි 16,952ක් ද, 2020 – 2021 කාලය තුළ පැමිණිලි 5921ක් ද ලැබී ඇත. අල්ලස් හෝ දූෂණ කොමිසමට ලැබී ඇති පැමිණිලි 35,698 න් පැමිණිලි  767 කට නඩු පවරා තිබේ. ඉන් නඩු 79ක් ඉල්ලා අස් කොට ගෙන  ඇති අතර පුද්ගලයන් 317 දෙනෙකු ශ්‍රී ලංකාවේ මහා පරිමාණ දූෂණ චෝදනාවලට අදාළ නඩු අධිකරණයේ විභාග වෙමින් පවතින අතර චෝදනාවට ලක්වී ඇති චූදිතයන් නිදහසේ හැසිරෙති. මෙවැනි දැවැන්ත දූෂණ රටේ ආර්ථික පරිහානියටට දැඩිව බලපා ඇති බවද සඳහන් කළ යුතුය.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *