Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”-කළුතර

By In
  • කළුතර දිස්ත්‍රික්කය

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ පස්වන පුහුණු වැඩසටහන පෙබරවාරි 03 දින සර්වෝදය කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ පවත්වන ලදී. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනෙකු වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය සහ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා, ඒ.එම්.නහියා (කොමසාරිස්) යන කොමසාරිස්වරුන් සහ මඩකලපුව ⁣දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් නවේස්වරන් මහතා ඇතුළු සියළුදෙනා මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස එක්ව සිටියහ.

මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සඳහා මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කළ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන්ට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා RTI සම්බන්ධ මූලික කරුණු පිළිබඳව සිය ඉදිරිපත් කිරීම සිදු කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI මාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකාවක් වන කමනි හෙට්ටිආරච්චි  මහත්මිය RTI භාවිතා කරමින් කළුතර මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව කොමසාරිස්වරුන් දැනුවත් කළාය.තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු පැමිණි කොමසාරිස් වරුන් තිදෙනා ප්‍රශ්නෝත්තර සැසියට සහභාගි වී වැඩුමුළුවේ මාධ්‍යවේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ගැටළු සදහා පිළිතුරු ලබා දුන්නේය.

එහිදී, නීතිය පාවිච්චි කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට විසඳුම් ලබා දුන් අතර අභියාචනා නියමිත වේලාවට ගොනු කරන ලෙසත්, නියම කර ඇති කාලය තුළ පොදු අධිකාරීන් ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන ලෙසත් ඔවුන්  නියෝග කළේය.

මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ සංවිධානය වන්නකි.

Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ලංකාදීප පුවත්පත ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 22 වැනි දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, ප්‍රවෘත්ති කර්තෘ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 2023-03-10

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් මාසිකව පවත්වනු ලබන මාධ්‍යවේදීන්ගේ සන්සදය මෙවරත් මාධ්‍යවේදීන් හැටදෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්තු මස 10 වන දා සවස…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- හැටන්

නුවරඑළිය දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හයවන පුහුණු වැඩසටහන මාර්තු මස 06 දින හැටන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *